බස්නාහිර සියළු කොරෝනා ඇදන් පිරී අවසන්… තවත් රෝගීන්ට ඉඩ නෑ.. ඉඩ නැතිව අයෙක් මිය ගියා..- පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම්

April 30, 2021 at 10:40 am | lanka C news
බස්නාහිර සියළු කොරෝනා ඇදන් පිරී අවසන්… තවත් රෝගීන්ට ඉඩ නෑ.. ඉඩ නැතිව අයෙක් මිය ගියා..- පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම්

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන් ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර ඇති රෝහල්වල ඇඳන් සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ගාමිණී ධර්මසේන මහතා සඳහන් කරයි.

ඩේලි මිරර් පුවත්පත වෙත ඔහු ඳහන් කරන්නේ මෙය භයානක තත්ත්වයක් බවත් සැඟවීමට කිසිවක් නොමැති බවත් ය.

මේ හේතුවෙන් අලුතෙන් වාර්තා වන රෝගීන්ට රෝහල්වල ඉඩක් ලබා දීමට නම් දැනට සිටින රෝගීන් බැහැර වනතෙක් සිටීමට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

රෝහල් ඉඩක් සොයා ගැනීමට අපහසු වීමෙන් පසුගිය 28 වැනි දා ආසාදිතයකු මිය ගොස් ඇතැයිද ඔහු පැවසීය.

41,957 views

10 Comments to “බස්නාහිර සියළු කොරෝනා ඇදන් පිරී අවසන්… තවත් රෝගීන්ට ඉඩ නෑ.. ඉඩ නැතිව අයෙක් මිය ගියා..- පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම්”

  1. බන්ඩා says:

    එංගලන්තෙත් හැම කොරෝනා කාරයටම ඉස්පිරිතාලවල ඇදන් තිබුනෙ නැහැ. කොරෝනා හදා ගන්නෙ නැතුව ඉන්න එකය් අපි හැමෝගෙම දක්ෂකම.

  2. වයි දිස් කොලවෙරි says:

    මල්ලිලා…. එන පොට හොද නෑ. රතු තරුව මඩ බලකාය කියන දේ අහන්නෙ නැතුව කාලි අම්ම කියපු පැණිය හදාගෙන බීපල්ලා.

    බැදපු කොත්තමල්ලි 100g (බැදපුවා හොදේ)
    සාදික්කා කුඩු 100g
    අමු ඉගුරු 100g

    මේ ටික මුට්ටියකට දමා වතුර කෝප්පා 4 ක් දමා මුට්ටිය වසා සාමාන්‍ය ගින්දරේ තම්බා ගන්න. කෝප්පා 4 එක කෝප්පයක මට්ටමට හිදුන පසු, අවුශධය පෙරා ගන්න. හොදින් නිවුනු පසු මීපැණි කෝප්පයක් එකතු කර ගන්න.

    දැන් මේකෙන් උදේට කෑමට පසු මේස හැන්දයි, රෑ කෑමට පඩු මේස හැන්දයි බොන්න.

    • වයි දිස් කොලවෙරි says:

      මේකෙ එක මේස හැන්දක (මාත්‍රාවක) සාදික්කා කොකොපමණ තිබේදැයි බලමු.

      අවුශධ දියර අඩු කෝප්පයේ පරිමාව = 250ml
      මී පැණි අඩු කෝප්පය පරිමාව = 250ml
      මුලු දියර පරිමාව = 500ml
      500ml තුල සාදික්කා ප්‍රමාණය = 100g
      1ml තුල සාදික්කා ප්‍රමාණය = 100÷500=0.2g
      මේස හැන්දක (10ml) සාදික්කා ප්‍රමාණය = 2g

      සාදික්කා 2g කෑවම පූස් පැටියෙක් වත් මැරෙන්නෙ නෑ. බය නැතුව බීපන්. බෙහෙත හොයා දුන් අයට පින් දීපන්.

      • වයි දිස් කොලවෙරි says:

        බොන්න කියල තියෙන්නෙ දවස් 2යි. සති ගණන් බොන්න එපා හොදේ.

  3. Darshana abayakoon says:

    අප්‍රේල් 8 වෙනිද දැන ගන්න බ්‍රිතාන්ය ප්‍රබේද්ය පැතිරගෙන යනවා කියලා. හැබැයි කිසි දෙයක් කරන් නැතුව ජනතාවට ඔනේ විදිහට අවුරුදු කන්න දුන්න. රජයේ පූර්න ආශිර්වාදයන් නුවර එලියෙ සැනකෙලි පැවැත්තුව. දැන් දවසට 1000 පැනල පොසිටිව් ඉස්පිරිතාල වල ඇදන් නෑ.
    පලවෙනි රැල්ල සාර්තකව මැඩ පැවැත්තුව චන්දයක් කට ලග තිබ්බ නිසා.
    ගජමිතුරු බ්‍රැන්ඩික්ස් අනුග්‍රහයෙන් පැතිරුනු දෙවෙනි රැල්ලත් යම් දුරකට පාලනය කරා මහ එවුන්ටත් හැදිල උන්ට මර බිය දැනිච්ච් නිසා.
    හබැයි දැන් උනුයි උන්ගෙ හැත්ත බුරුත්තයි වැක්සීන් ගහගෙන ඉවරයි. උන්ට හැදෙන් නෑ කියල උන් දන්නව. ඒ නිසා මහජනතාවට හෙන ගහුවත් උන්ට දැන් කමක් නෑ.
    මෙතෙන මරා ගන්න බයි ටොයි ජෙපි හැමොටම කියන්නේ උබලගෙ පරිස්සම උබල බලාගනිල්ල. මහ එවුන්ට තොපිට හෙන ගැහුවත් කමක් නෑ. පස්සෙ කියයි පැතිරෙනව කියල දැනන් හිටිය හැබැයි මෙහෙම පැතිරෙයි කියල හිතුවෙ නෑ කියල.

    • SKF says:

      අවුරුද්ද තහනම් කලා නම් රතු තරුව මඩ බලකාය හොද මඩක් ගහලා ආණ්ඩුව පෙරලන්න හිටියේ. ජෙප්පො මැයි පෙලපාලිය තියන්න කියලත් මැරෙන්න හැදුවා.

      • Darshana abayakoon says:

        ඔව් බන් ජෙප්පොන්ගෙ වැරද්ද. කොකටත් උබල ගෙවල් අතුලට වෙලා හිටපල්ලා. බොලාලට දෙන්න වැක්සීනුත් නෑ. ඉස්පිරිතාල වල ඇදවලුත් නෑ. අනුර කුමාරයට බැන බැන නෙලුම් කුලුන දිහා බලාගෙන ගෙදරට වෙලා හිටපල්ලා.

    • මැටි මුට්ටි says:

      වැක්සීන් ගහ ගත්තා කියල ගැලවීමක් නැහැ. ගූග්ල් වල සර්ච් කරලා බලන්න, ඇමරිකානු නීති සම්පාදක (ඇරිසෝනා ප්‍රාන්තයේ) Alma Hernandez වැක්සීන් මාත්‍රා 2 කම අරගෙන සති 11 ගිහිල්ලත් කෝවිඩ් වලට ගොදුරු වුණා කියලා නිළ වශයෙන් ප්‍රකාශ කරලා තිබුණා.

      පුළුවන් තරම් තම තමන්ගේ පරිස්සම තමන්ම සලසා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මොකද මේ රටේ මෝඩයෝ වැඩියි. දිවයිනේ පුවතක් තිබුනේ කවුදෝ මන්ත්‍රී කෙනෙක් තම උපන් දිනයට ලොකු පිරිසක් එකතු කරගෙන ශ්‍රම දානයක් කරලා. ඒ ඡායාරූපයේ බොහෝ දෙනෙක් මාස්ක් පාවිච්චි කරලත් නැහැ. ඉතින් කවර කතාද?

  4. Jagath says:

    අපිත් ලෑස්ති වෙලා ඉමු මැරෙන්න.

  5. DENZIL says:

    Ko ma Mr.Prasanna amatetuma

Main News