තත්වය ඉතාම දරුණුයි.. සාමාන්‍ය රෝගීන්ගේ වාට්ටු හා ICU කොරෝනා රෝගීන්ට දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියළු රෝහල්වලට දැනුම් දේ…

April 30, 2021 at 11:20 am | lanka C news
තත්වය ඉතාම දරුණුයි.. සාමාන්‍ය රෝගීන්ගේ වාට්ටු හා ICU කොරෝනා රෝගීන්ට දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියළු රෝහල්වලට දැනුම් දේ…

වේගයෙන් ඉහළ යමින් ඇති කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක සහ වාට්ටු යොදා ගන්නා ලෙස සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ආසාදිතයන් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එම උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පරිශ්‍රද අතරමැදි රෝහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරමින් තිබේ.

49,099 views

11 Comments to “තත්වය ඉතාම දරුණුයි.. සාමාන්‍ය රෝගීන්ගේ වාට්ටු හා ICU කොරෝනා රෝගීන්ට දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියළු රෝහල්වලට දැනුම් දේ…”

  1. රන්වල says:

    මේක පාස්කු ප්‍රහාරය වගෙම අපරාධයක් දොස්තර චන්දිම ජීවන්දර අලුත් වයිරසය ලන්කාවෙන් හමුවූ බව බලධාරීන්ට දැනුම් දෙන්නෙ අප්‍රේල් අට ඒත් බලධාරීන් නෑසූ කන්ව රට ඇරල අවුරුදු බාල් නටන්න පුද පූජා තියන්න ඉඩ දීලා බලා ඉන්නව ඔක්කොම කෙල වෙලා අස්වයා පැන ගියාම වැහුව ඉස්තාලෙ

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අවුරුද්ද නැවැත්තුවෙ නෑ කියල උබ මෙතන ලොරි ටෝක් දෙනවා. උබේ බොසා මැයි පෙලපාලිය නැවැත්තුවා කියලා අන්න අරෙහෙ බෙරිහන් දෙනවා. වස නෝන්ඩිය ජෙප්පො.

      • ශිරා says:

        පල ඩෝ. ආණ්ඩුව වැරද්දක් කරානම් පිළිගනින්.
        තොපි වගේ හැම දේටම එහෙයි කියන නිවටයෝ හින්දා තමා රටට මෙහෙම කෙළවෙන්නේ.

  2. කැප්පෙටිපොළ says:

    ලෙඩට බෙහෙත් සියයට පනහට වඩා එහාට කිය නොහැක්කෙ ඇයි
    ලෙඩක් නැති විට අපි සුවයෙන් සිටිනවා. නිරෝගිකම කියන්නෙ පරම ලාභයයි. එනම් ගනුදෙනුවක් වන ක්‍රියාවකින් සිදුවන වාසියයි. නමුත් නිරෝගි කම කියන්නෙ සාමන්‍ය මිනිස්සුන්ට සැප වේදනාවක්. සැප වේදනාව අරුපයක්. ඔබ ධර්මය ඉගෙනගන්න විට රුප අරුප සියල්ල ඉගෙනගත යුතුයි. නිරෝගිකම ස්ථිරයි කියා ගත්තොත් අරුපය ස්ථිරයි කියා ගත්තා වෙනවා. බෙහෙත් ගත් විට හොද වෙන්න ඉඩ තියෙන්නෙ සියයට පනහයි. බෙහෙත් නොගත් විට හොද වෙන්න තියෙන්නෙ සියයට පනහට අඩු ප්‍රමාණයක්. බෙහෙත් ගන්න එක හොදයි. හැබයි ඒවා එච්චර සාර්ථාක විද්‍යාවක් නොවේ. තිරස්චින විද්‍යාවක්. රහත් වුනොත් ලෙඩ වලින් පිඩා නැ එය තමයි එනම් චතුරාර්යය සත්‍යය තමයි නියම විද්‍යාව.

  3. Yuniko says:

    සර් ෆේල් කියලා ආයෙත් වතාවක් ඔප්පු කලා. නගරාධිපති වෙන්න ඕන කෙනෙක් ජනාධිපති වුනොත් ඉතින් ඕව තමයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ.

    • NuwanJ says:

      බටහිර එටවලත් මේක වේගෙන් පැතිරෙනවා
      ඇමරිකා/ ඉතාලිය/ ප්‍රංශය අපි ඉන්නෙ තාම මුල් රටවල් ලැයිතුවෙ නෙවෙයි.
      එතකොට ඒ එටවලුත් fail ඔය කියන විදියට..

      කින දේ අහන්නෙ නැති අය ඉන්න රට වලට බලපෑම වැඩියි…

  4. Lontha says:

    අපි තමය් හොඳටම කලේ!
    ෂෙරී, ෂෙරී පුතා නල්ල පාඩම්.

  5. Angora says:

    Thama wasa netha!! Not closed yet even after two weeks of spreading and 1000 positive of those tested only!!

    Heta mahalokuwata wahai… May Day
    Even that is good otherwise the mad JVP and opposition will go on rallies
    Anyway We are on our own..
    In the hands of god or karma???

  6. Darshana abayakoon says:

    අප්‍රේල් 8 වෙනිද දැන ගන්න බ්‍රිතාන්ය ප්‍රබේද්ය පැතිරගෙන යනවා කියලා. හැබැයි කිසි දෙයක් කරන් නැතුව ජනතාවට ඔනේ විදිහට අවුරුදු කන්න දුන්න. රජයේ පූර්න ආශිර්වාදයන් නුවර එලියෙ සැනකෙලි පැවැත්තුව. දැන් දවසට 1000 පැනල පොසිටිව් ඉස්පිරිතාල වල ඇදන් නෑ.
    පලවෙනි රැල්ල සාර්තකව මැඩ පැවැත්තුව චන්දයක් කට ලග තිබ්බ නිසා.
    ගජමිතුරු බ්‍රැන්ඩික්ස් අනුග්‍රහයෙන් පැතිරුනු දෙවෙනි රැල්ලත් යම් දුරකට පාලනය කරා මහ එවුන්ටත් හැදිල උන්ට මර බිය දැනිච්ච් නිසා.
    හබැයි දැන් උනුයි උන්ගෙ හැත්ත බුරුත්තයි වැක්සීන් ගහගෙන ඉවරයි. උන්ට හැදෙන් නෑ කියල උන් දන්නව. ඒ නිසා මහජනතාවට හෙන ගහුවත් උන්ට දැන් කමක් නෑ.
    මෙතෙන මරා ගන්න බයි ටොයි ජෙපි හැමොටම කියන්නේ උබලගෙ පරිස්සම උබල බලාගනිල්ල. මහ එවුන්ට තොපිට හෙන ගැහුවත් කමක් නෑ. පස්සෙ කියයි පැතිරෙනව කියල දැනන් හිටිය හැබැයි මෙහෙම පැතිරෙයි කියල හිතුවෙ නෑ කියල.

  7. මරතේනිස් අයියා says:

    මේ තත්වය දැන දැනමත් තවමත් රට ඇරගෙන වහන්න බෑ කියන්නෙ ආර්ථිකය වැටෙන නිසා.මේ විදිහට ලෙඩේ පැතිරෙන්න ගත්තම ආර්ථිකය නැගිටිනවාද

  8. සනත් ඉතාලිය says:

    මේවගෙ තියන කොමන්ට් දැක්කම අපේ රටේ ඉන්න මාර දැනුම් ඔස්තාර්ල. නියම තැන්වල ඉන්බ ඕනෙ උන් මේවගෙ ඉදගෙන 5000 ට කොටන එකේ විපාක. දැන්වත් මෙතන කොටබ එක නවත්වල උබලගෙ දැනුමෙන් රටට වැඩක් කරපල්ල. උබල හැමදේම දන්න ඔස්තාර්ලනෙ.

Main News