කොරෝනා තුන්වන රැල්ලට වගකිව යත්තේ සයිනොෆාර්ම් එන්නත ලබා දීම අවහිර කළ පුද්ගලයන්.. එන්නත් ලක්‍ෂ 6ක් ගබඩාවල…

May 2, 2021 at 12:02 am | lanka C news
කොරෝනා තුන්වන රැල්ලට වගකිව යත්තේ සයිනොෆාර්ම් එන්නත ලබා දීම අවහිර කළ පුද්ගලයන්.. එන්නත් ලක්‍ෂ 6ක් ගබඩාවල…

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් මේ වන විට භාවිතා කර ඇත්තේ 5000 පමණි. ඒ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ටය. ඉතිරි සියල්ල සෞඛ්‍ය අමාත්‍යංශයේ ගබඩාවල තැන්පත් කර ඇත.

කෙසේ වෙතත් මේ වනවිට පකිස්ථානය, මාලදිවයින, නේපාලය සහ බංගලාදේශය ද සයිනොෆාර්ම් එන්නත තම රට වැසියන්ට ලබා දෙයි.

ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක COVID 19 දරුණු ලෙස පැතිර යද්දී චීනය සුරක්ෂිතව පැවතීමට හේතුව ඔවුන්ගේ එන්නත්කරන ව්‍යාපාරයේ සාර්ථක බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව තුල මෙම එන්නතට එරෙහිව සංවිධානාත්මක ක්‍රියාදාමයක් දියත් වූ අතර එය තත්වයෙන් බාල බවත්, අතුරු ආබාධ ඇති බවත් ප්‍රචාරය කෙරිණි. එහිලා ප්‍රමුඛස්ථානය ගත්තේ රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු සහ මෑතකදී වෛද්‍ය සංගමයක ප්‍රධානියකු ලෙස පත් වූ වෛද්‍යවරයෙකි. මෙම වෛද්‍යවරයා බෞද්ධ විරෝධී ආගමික මූලධර්මවාදියකු බවත්, ප්‍රබල රාජපක්ෂ විරෝධියකු බවත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකටය. පසුගියදා ශ්‍රී ලංකාව තුල ඔක්සිජන් සිලින්ඩර් හිගයක් ඇති බව ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කලේ ද මෙම පුද්ගලයා බවට චෝදනා එල්ල වී ඇත.

මේ ගැන අදහස් දක්වන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ගණනක් පවසා ඇත්තේ සයිනොෆාර්ම් එන්නත ගැන අසත්‍ය ප්‍රකාශ කරමින් එය ලබා දීම අවහිර කළ පුද්ගලයනුත් ශ්‍රී ලංකාව තුල තුන් වන රැල්ලට වගකිව යුතු බවයි.

වෛද්‍ය විද්‍යා මහාචර්යවරයකු වන විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්දන මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මෙම චෝදනාව කෙලින්ම නගා තිබුණි. චීන සයිනොෆාර්ම් එන්නතට විරුද්ධව කටයුතු කල පුද්ගලයන් පිටුපස සිටින්නේ කවුද යන්න සොයා බැලීමට බුද්ධි අංශ විශේෂ පරීක්ෂණයක් සිදු කරයි.

– reporter

60,092 views

47 Comments to “කොරෝනා තුන්වන රැල්ලට වගකිව යත්තේ සයිනොෆාර්ම් එන්නත ලබා දීම අවහිර කළ පුද්ගලයන්.. එන්නත් ලක්‍ෂ 6ක් ගබඩාවල…”

  1. Neela says:

    වෛද්‍ය සිරිබද්දනට ගණන් බැරිද, ඔහු ක‌ඩේ යනව ද තේරෙන්නේ නෑ. නිකම් දුන් සයිනොෆෝර්ම් ලක්ෂ 6 මිනිසුන් ලක්ෂ 3 කට ඇති. ලංකාවෙ ජනගහනය ලක්ෂ 215. ඉන් ලක්ෂ 150 කට ගහන්නත් එන්නත් ලක්ෂ 300 ක් අවශ්‍යයි. තවද සයිනොෆෝර්ම් මිළ අධිකයි. පගා කුට්ටිය ලොකුයි. තුන්වෙනි රැල්ලට හේතුව ඒකද?

    • saman says:

      Neela,
      patu deshapalana darshanayen me wage sankirrna prashnay gana balanna epa!.
      Thapulanee nathiwa hitiyoth lankawatama sethak wewi!!!

Main News