නාමල්ගේ කැබිනට් යෝජනාව අනුමතයි..

May 4, 2021 at 4:40 pm | lanka C news
නාමල්ගේ කැබිනට් යෝජනාව අනුමතයි..

ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමණය සඳහා යම් උත්ප්‍රේරකයක් ලබා දීමේ අරමුණින් ‘ජය ගමු’ යන තේමාව යටතේ බහාලුම් භාවිත කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන (Container Based Cross – Fit Gym) 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් වන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් වාර්ෂිකව 100,000කට ආසන්න පොදු මහජනතාවකට සහ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 5000කට පමණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇත.

මෙම කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරීමටත්, අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු යෙදවීමටත් අපේක්ෂා කරනු ලැබේ.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය 2021-2022 වර්ෂවලදී ක්‍රියාත්මක කිරීමටත්, 2021 වර්ෂය තුළදී දිවයින පුරා තෝරාගත් ස්ථාන 250ක් ආවරණය වන පරිදි බහාලුම් භාවිත කර එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන ඉදි කිරීම පිණිසත්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

– biz.adaderana.lk

 

38,636 views

23 Comments to “නාමල්ගේ කැබිනට් යෝජනාව අනුමතයි..”

  1. desta says:

    kanna nethiwa inna apita mona body building da pissu da manda munta nikam salli kanawa rate

  2. lakmal says:

    adu wela hitiye ochcharai..den me paka%%# ekath ishta kara

  3. මෝඩ බයියා says:

    මේ තියෙන්නෙ වැඩ මෙහෙම වැඩ කලා කියන්නෙ අනාගත නායක තමා.ඉස්සර කොළබ පිඩලි ලස්සනට ඇල්ලුව කියලත් අපි රටේ රජකමට ඒක සුදුසුකමක් කර ගත්තු එකේ මේ ඉහටත් උඩින්.ජයවේවා 2025 ට අපිට කරේ තියන් යන්න ආවඩන්න ඕන් ආවා.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      මෙි… උඹ මෙතන වැලපුනාට කමක් නෑ ස ෆේල් කිවත් කමක් නෑ හැබැයි පුස්සෝ මතක තියාගනින් 2015 කලා වගේ බුරැතඩියෙක් එහෙම 2025හේ දක්ක්ට ලෑස්තිවෙන්ට එපා හරිය

  4. ෆකොරිස් says:

    ” මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් ”

    ඇතියාන්තන් මෙ වෙලාවේ රටට උවමනා ම දේ හොයලා බලලා රටේ සල්ලි වියදන් කරලා කරන එකට.

    රොහාන් ලොක්කාගේ කල්ල මරේ අඩො හු හු හු හු

    • වයි දිස් කොලවෙරි says:

      මිලියන 625÷500= මිලියන 1.25 = ලක්ශ 12.5

      කන්ටේනරය, වේට් ලිෆ්ටින්ග් බඩු, සවි කිරීම, ප්‍ර්වාහණය, බිම සැකසීම ආදී සියල්ල ලක්ශ 12.5න්.

  5. Ravana parapura says:

    ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා අංගම්පොර සටන් කලාව ගෙන එම මෙයට වඩා වටිනවා සුද්දා තහනම් කරපු මේ කලාව නැවත ගෙන ආ යුතුයි. සුද්දගේ ජිම් අපි තහනම් කරමු.

  6. Dumbonds says:

    නාමල් පුතුගෙ අදහස නම් මනරම්ය
    ජනයා කන්නෙ වේලක් ඇර වේලක්ය
    එබැවින් හදන්නට බොඩියක් නම් නැතිය
    මස් නැති කලට cut වෙන්නේ ඇටකටුය

    • මාක්ස්වාදී ජෙප්පා says:

      එහෙම නෑ. අපි වැවුවොත් අපි කනවා.

  7. Ravana parapura says:

    දුටු ගැමුණු රජ කාලේ අපේ 10 මහායොදයන් ජිම් ගිහිල්ලද කාය වර්දනය කර ගත්තේ අනේ මෙහෙම් කලු සුද්දෝ ටිකක්.

  8. NNalinda Rajasinghe says:

    Very good and excellent decision

  9. මාර ලොජික් says:

    රනිල් කරනකොට නරකයි..පොහොට්ටුව කරනකොට හොදයි. මාර ලොජික්.

    • Dharshana Abeykoon says:

      රනිල් කලේ කොල්ලොන්ටනේ බං.. ඒකයි අවිල

  10. එම්සීසී says:

    කොරෝනා ප්‍රවර්ධන මධ්‍යස්ථාන විතරයි අඩු…ඊ ළග පාර එම්සීසී එනකොට රට ඇමෙරිකාව පැත්තට හරවල තියෙන්න මේවගේ වැඩ කරන්න ඕනැ

Main News