නාමල්ගේ කැබිනට් යෝජනාව අනුමතයි..

May 4, 2021 at 4:40 pm | lanka C news
නාමල්ගේ කැබිනට් යෝජනාව අනුමතයි..

ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමණය සඳහා යම් උත්ප්‍රේරකයක් ලබා දීමේ අරමුණින් ‘ජය ගමු’ යන තේමාව යටතේ බහාලුම් භාවිත කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන (Container Based Cross – Fit Gym) 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් වන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් වාර්ෂිකව 100,000කට ආසන්න පොදු මහජනතාවකට සහ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 5000කට පමණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇත.

මෙම කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරීමටත්, අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු යෙදවීමටත් අපේක්ෂා කරනු ලැබේ.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය 2021-2022 වර්ෂවලදී ක්‍රියාත්මක කිරීමටත්, 2021 වර්ෂය තුළදී දිවයින පුරා තෝරාගත් ස්ථාන 250ක් ආවරණය වන පරිදි බහාලුම් භාවිත කර එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන ඉදි කිරීම පිණිසත්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

– biz.adaderana.lk

 

38,636 views

23 Comments to “නාමල්ගේ කැබිනට් යෝජනාව අනුමතයි..”

  1. කොම්පැණියා says:

    මේවට අවශ්‍ය උපකරණ ගෙන්වන්නෙ අහවලාගෙ කොම්පැණියෙන්ලු නේහ්….

  2. බයියා says:

    කැහැටු ජෙප්පන්ට රජ මගුල් වගේ තියෙයි. උන්ට ඇඟ හදාගන්න ඕනෙ නිසා නෙවෙයි. වංචා දූෂණ ගැන මොනව හරි කෙප්පයක් කෙලලා වැඩේ කඩාකප්පල් කරලා කතාකරන්න මාතෘකාවක් හදාගන්න, ඇල්ටොත් නැතිව ඉන්න වෙලාවෙ උන්ට..

    • හෙළයා says:

      වියදම රුපියල් මිලියන 625ක් ලු .,රට ණය බරින් පිරිලා නම් මේවාට අවශ්‍ය මුදල්
      ගන්නේ ණයටද ? රටේ තියන ණය ගෙවා ඉවර කරපල්ලා . .ජනතාව රවටන්නේ නැතුව …ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා තරුණයින්ට පුරන්වූ කුබුරු කොටන්න කිව්වා නම් රටේ ගොවිතැන මෙන්ම ඔවුන්ට ව්‍යායාම් හා කායවර්ධන ඇතිවේ

      • Dapaya says:

        රතුබලකාය කරලා පෙන්නමුකෝ ඉස්සෙල්ලම

  3. Ravi k says:

    If this is going to do with proper tendering process and proper evaluation ,this will be good project .

    But this is not the priority now.
    20 % of population doesn’t have access sufficient meal and water for them

  4. Lakshman Jayasinghe says:

    namal oba anagatha janapathi wanu niyathai

  5. මැදමුලනෙ මුත්තා says:

    රනිල් කොළුව ගමට ජිමි එකක් දෙන්න කතාකොරන කොට ඔචිචමි කරපු කළුතර රත්තරංටයි, නාවලපිටියෙ තොල්කබර කොළුවටයි බඩ කපාගෙන මැරෙන්න හිතෙනව ඇති දැං.

  6. Dengu Nona says:

    Raja Gahillak gahanna puluwani neda? Mahaththayo, oya ekkama purusha linga wardhanaya, payodhara wardhanaya sandahaath madhyasthaana athi keruwoth narakada? Ratata dan ona karanne owaa thamayi. Thuh .. nodomakin!

  7. Silly Point says:

    When Ranil proposed it members from the opposition jumped up and down. When Sajith wanted to give pads to poor women, people laughed at him but this government wanted to do the same thing. I can still remember how that Sanjeewani woman criticised Sajith’s proposal. When a journalist asked her what she has to say now, she said “I criticised before because of ‘awegaya’. When the previous government wanted to give tabs to school children, the opposition criticised them. If it was implemented the school kids would have benefited immensely at a time like this.