ධම්මික පැණිය කොරෝනා සදහා කිසි ලෙසකින් සුදුසු නොවේ…- සායනික පරීක්‍ෂණ තීරණය මෙන්න…

May 5, 2021 at 5:30 pm | lanka C news
ධම්මික පැණිය කොරෝනා සදහා කිසි ලෙසකින් සුදුසු නොවේ…- සායනික පරීක්‍ෂණ තීරණය මෙන්න…

කොරෝනා වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධය ඒ සඳහා සිදු කරන ලද සායනික පරික්ෂාවෙන් අසමත් වී තිබේ.

මෙම සායනික පරීක්‍ෂණ පැවැත්වීම රජරට සරසවියේ මූලිකත්වයෙන් පිහිටුවන ලද ආචාර ධර්ම කමිටුවකට යොමුකර තිබිණි.

එහි සාමාජිකයන් 12 දෙනෙකු විසින් මෙම සායනික පරීක්ෂාව සිදුකරන ලද අතර එම පරීක්ෂණයෙන් පැණිය අසමත් වී ඇත.

මේ හේතුවෙන් එම පැණිය කිසිදු ලෙසකින් කොරෝනා වෛරසය සඳහා සුදුසු නොවන බව තහවුරු වී තිබේ.

27,178 views

43 Comments to “ධම්මික පැණිය කොරෝනා සදහා කිසි ලෙසකින් සුදුසු නොවේ…- සායනික පරීක්‍ෂණ තීරණය මෙන්න…”

  1. Ravana parapura says:

    ධම්මික බණ්ඩාර මහතාගේ පැනිය කොරෝනාවට ඉතා සාර්ථකයි.. කලු සුද්දෝ මේකට ඉඩ දෙන්නේ නැහැ මුන්ව පැරදිය යුතුයි.

  2. UNP GAL IBBA says:

    දැන් පස්ස් පැත්තේ උලා ගමු දේෂපාලු නාඩගම් නවතමු නොකපුදී ඔඅය පැනිය එක්ක්ම පල​????????????

  3. සෙරෙප්පු සුප් says:

    පැණිය අසාර්ථක වෙයි,පැණිය බිව් මැතින්ටෝ ගලේ පැහැරූ බළලුන් සේ මීක් නොකියා මාරුවෙති.සාදික්කා ,වසාවාසී, ඉඟුරු පියලි, කොත්තමල්ලි ,චුන්න පූග නාග වල්ලි දමා හැදූ සාරවිට කරළියට.පැණිය වෙනුවට සාරවිට,සාදික්කා අඹරන්න අතහිත ආයුධ පහෙන්.අරක්කු බෝතලයට යෙදූ කිව් ආර් කෝඩය කියවා ගන්නට බෝතල් දෙක තුනක අඩිය බලන්නට සිදුවේ.රාත්‍රී සමාජ ශාලාවල තහනම නොතකා මොළය උඩ වාඩිවී ආතල් ගන්නා උන් පොලිස් දැලේ.ඊළඟ පොකුර නම් කරන්නාට වටිනා ත්‍යාගයක් සාර්ස් වෙතින්.

  4. කුඹුක්කණ් says:

    දේශීයත්වය හෙල ඔසු අගය කරයි කියල මමපොහොට්ටුවට චන්දෙ දුන්න. ආයෙ ජීවිතෙට දෙන්නෙ නෑ. ඥානසාර හිමිගෙ පක්ෂයට දෙනවා.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      කොරොනා/ හෙලඔසු /පොහොටිටු චන්දේ මෙික හරියට තක්කාලියි නටිබෝල්ලුයි වගේ අපේ කුඹුක්කණ් සහෝ මෙහෙම ගොබිබ කොමෙන්ටු කොටන්නේ නෑ අර නාාාාකි හිපාටු බත්බැලයාගේ ගද නමි එනවා

      • කුඹුක්කණ් says:

        තැන්කූ මචං
        පෑඩ් සජියගෙ එකෙක් කුඹුක්කණ් නමින් පැමිණ ඇත.

    • opps says:

      ඇත්ත මචන්. මමත් මීට පස්සේ එහෙමයි. අපි අපේම හෙළ රජයක් පිහිටුවලා බටහිර වෙදකම සම්පූර්ණයෙන්ම තහනම් කරලා ඒ ඩොකාලා නර්ස්ලා ඔක්කොම යවමු සිංන්හල වෙද මහත්වරුන්ගේ ආවතේව කාරයෝ විදියට පඩියක් ගෙවන්නෙත් නැතිව. උන්ට වෙද මහත්තයාගෙ ගෙදර දංකුඩ කාලා ජීවත් වෙන්න කියමු. මේ ආණ්ඩුවට හෙළ කම ගැන කැක්කුමක් තියෙනවා නම් උන්ට බැරිද ඔය පරීක්ෂණ කමිටුවට බලපෑම් කරලා දත්ත වෙනස් කරලා හරි පැණිය වැඩ කරනවා කියලා පෙන්නන්න? උන් එහෙම නොකළේ උනුත් පර සුද්දන්ට ජාතක වෙච්ච කළවම් ලේ තියෙන එවුන් නිසා.

  5. වෙදගෙදර says:

    හොද පැණියක් කීයටවත් මෙලෙස මහාපරිමාණ හදන්න බෑ.
    දුර්ලඹ ඖෂධ හා නියම මී පැණි සමඟ නියම ප්‍රමිතිගත පැණියක් මේ සා මහාපරිමාණව කෙසේ නම් හදන්නද?

    අපේ මෝඩ මින්ස්සු නිසා නියම වෙදකම කුණු කූඩයටම යනව.

  6. වෙද මහත්තය says:

    හොද පැණියක් කීයටවත් මෙලෙස මහාපරිමාණ හදන්න බෑ.
    දුර්ලඹ ඖෂධ හා නියම මී පැණි සමඟ නියම ප්‍රමිතිගත පැණියක් මේ සා මහාපරිමාණව කෙසේ නම් හදන්නද?

    අපේ මෝඩ මින්ස්සු නිසා නියම වෙදකම කුණු කූඩයටම යනව.

Main News