‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් වැඩිපුර ඇති රටවලින් ලබාගන්න කතා කරනවා..- ජනපති

May 8, 2021 at 2:08 am | lanka C news
‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් වැඩිපුර ඇති රටවලින් ලබාගන්න කතා කරනවා..- ජනපති

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රෝගය පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” (Sputnik) එන්නත ලබාදීම 06 සිට ආරම්භ කෙරිණ.

චීනයෙන් ලැබුණු “සයිනොෆාම්” එන්නත් ලක්ෂ 6ක් සෞඛ්‍ය අංශ සතුව ඇත. රටවල් 51ක මිලියන 55කට අධික පිරිසකට “සයිනොෆාම්” එන්නත සාර්ථකව ලබාදී තිබේ.

එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එම එන්නත කඩිනමින් ලබාදීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. පළමු එන්නත ලබාගත් පිරිසට “ඇස්ට්‍රාසෙනිකා” එන්නතෙහි දෙවන මාත්‍රාව දීම සිදු කෙරෙමින් පවතී.

“ඇස්ට්‍රාසෙනිකා” එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කර තිබේ.

ආසාදිතයන් හඳුනා ගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ. රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අත්‍යාවශ්‍ය බව නිලධාරීහු පැවසුහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

17,855 views

20 Comments to “‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් වැඩිපුර ඇති රටවලින් ලබාගන්න කතා කරනවා..- ජනපති”

  1. අජිත් says:

    අනෙ එන්නත් ඔන නෑ අපි ඔය කහ පැලයක් හිටවගෙන නිකං ඉමූ.

  2. kanday says:

    how about talking to the US? Put your ego aside and ask them to kindly consider donating some of their 60 million doses to Sri Lanka. Talk to the ambassador.

  3. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු තිබියදී ඇයි අපි තවමත් හිගාකන්නේ ලැජ්ජයි.

  4. ගමේ මනුස්සයා says:

    කොන්දේසි නැතුව දුන්නොත් හොදා.ඉල්ලන් ජීවත් වෙන තැනට වැටිල

  5. jeewaka says:

    දැන් මාස 15ක් වෙනවා මුන්ට කොවිඩ් පාලනය කරගන්න බැහැ. කොවිඩ් තියෙන යුක්රේන්කාරයෝ ඉන්දියන් කාරයෝ ගජමිතුරු කල්ලිය සල්ලි වලට ගෙනල්ලා රට විනාස කරා.

Main News