පාලනය නැති වූ රොකට්ටුව 30000Km/H වේගයෙන් පෘථිවිය දෙසට.. ගමන් මාර්ගය ශ‍්‍රී ලංකාව උඩින්..

May 8, 2021 at 10:02 pm | lanka C news
පාලනය නැති වූ රොකට්ටුව 30000Km/H වේගයෙන් පෘථිවිය දෙසට.. ගමන් මාර්ගය ශ‍්‍රී ලංකාව උඩින්..

පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට්ටුවක කැබැල්ලක් හෙට අලුයම් කාලයට පෙරාතුව පෘථිවයට කඩා වැටුණු ඇතැයි නාසා විද්‍යාඥයන් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් එම කොටස පොළොවට පතිත වන්නේ කිනම් ස්ථානයක දැයි මෙතෙක් නිශ්චිතව සඳහන් කර නැත.

විද්‍යාඥයන් පවසන අන්දමට පැයට කිලෝමිටර 30000ක පමණ වේගයෙන් පෘථිවි කක්‍ෂයට ඇතුළු වන එම කොටස මුහුදට වැටුනහොත් කිසිවකුට හානියක් සිදු නොවනු ඇති අතර ගොඩබිමේ ජනාකීර්ණ ප්‍රදේශයකට වැටුනහොත් විනාශයක් සිදු වීමට ඉඩ තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යාවකාශයේ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරන්නේ ගුවන් යානයක් තරම් විශාල වන මෙම කොටස ගොඩබිමට වැටුන හොත් ඉන් සැලකිය යුතු හානියක් සිදු වනු ඇති බවයි.

මෙම කොටසේ ගමන් මාර්ගය වරින් වර ශ්‍රී ලංකාව අසලින් පැවතුණ ද බොහෝ දුරට එය පැසිෆික් සාගරයට පතිත වනු ඇති බව ද ඔහු කියා සිටියේය.

130,345 views

15 Comments to “පාලනය නැති වූ රොකට්ටුව 30000Km/H වේගයෙන් පෘථිවිය දෙසට.. ගමන් මාර්ගය ශ‍්‍රී ලංකාව උඩින්..”

  1. රෝහණ විජේවීර says:

    කමක් නෑ චීනයේ එකක් නිසා ලංකාවට වැටුනදෙන්.චීනයෙන් එන හැමදේම හොඳයි නම් ඕක මොකක්ද…..我们去中国,我们去中国

    • අජිත් says:

      අපි චීනයට යනවා, අපි චීනයට යනවා.
      我们去中国,我们去中国
      ,😂😂

  2. Rasputin says:

    Sir fail!!!

  3. මිල්රෝයි වෙන්නප්පුව says:

    නාසා එකෙන් දැනට හොයාගෙන තියෙන විදියට මේක වැටෙනවා කියන්නේ මෙන්න මෙහෙමයි.
    මේකේ ලොකු කෑල්ල දියවන්නා ස්ටෝර්ස් එක උඩට වැටෙනවා. තව පොඩි පොඩි කෑලි, ඒ කියන්නේ කාර් එකක් වෑන් එකක් සයිස් කෑලි අර කෝට්ටේ පැත්තේ මන්ත්‍රී කඩ උඩට වැටෙනවා.

Main News