ප‍්‍රභේද සැරයි.. පැතිරීම වේගවත්.. මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි…

May 9, 2021 at 12:03 am | lanka C news
ප‍්‍රභේද සැරයි.. පැතිරීම වේගවත්.. මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි…

සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් දැනට හමුවී ඇතත් මේවා සමාජයට පැතිර නොයා වී යයි සිතිය නොහැකි බව ද ඔහු කීය .

මෙම ඉන්දියානු හා බ්‍රිතාන්‍ය වයිරස ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේද දෙකක් බවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ සංකූලතා වැඩි බවත් ආචාර්යවරයා හෙළි කළේය .

මොන සැර ප්‍රභේද ආවත් ඒවා තමන්ගේ ඇඟ ඇතුළට නොගැනීම සියලු දෙනාගේ වගකීමක් බව කී චන්දිම ජීවන්දර මහතා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වයිරස පරාජය කළ හැකි බවද කීවේය .

මුව ආවරණ නිසි පරිදි පැළඳීම , සබන් යොදා නිතර අත් සේදීම හා දෑත් පිරිසුදු කරන විසබීජහරණ දියර පාවිච්චිය කොරෝනා වයිරසයෙන් ගැලවීමට තිබෙන ප්‍රධාන මෙවලම් බවද හෙතෙම ප්‍රකාශ කළේය .

මේ අතර නව කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇතැයිද ඒ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල රැසක් ලබාගෙන ඇතැයි ද ජීවන්දර මහතා පැවසීය .

– lankadeepa

59,068 views

7 Comments to “ප‍්‍රභේද සැරයි.. පැතිරීම වේගවත්.. මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි…”

  1. Be united says:

    මිනිසා නැමති තන්හාව සීමාවක් නැති සත්වයා විසින් තම කැදර වුවමනා වෙනුවෙන් සීමා රහිතව මෙම පෘථිවි විනාශ කරමින් සිටියි. තවත් වසර මිලියන ගණනක් ජීවින් මෙම පෘථිවි පෘෂ්ඨය මත ජීවත් විය යුතුය. සොබාදහම නැමති දෙවියන් විසින් මිනිසාට දෙන පණිවුඩය නම් උබලා දැන් අවම විය යුතුය. අධි පරිබොජනය නතර කළ යුතුයි යන්නයි.

  2. Darshana abayakoon says:

    ඔය කරල තියෙන්නෙ හොදටම. බුබුලු ක්‍රමේට කොරොන ඉම්පොට් කරල ලොකෙන්ම අන්ක එක. උදයන්ත වීරතුන්ග මස්සිනාටත් මේකෙ ගව්‍රවය යන්න ඔනේ හැබැයි දවසට මරණ 20යි තාම පටන් ගත්තා විතරයි.

  3. වයි දිස් කොලවෙරි says:

    ප්‍රතිශක්තිය ඉහල නම් වයිරසය ඇගට ඇතුලු උනත් අවුලක් වෙන්නෙ නෑ.

  4. Jagath says:

    රට වහන්නේ නෑ. බය වෙන්න එපා

  5. Be united says:

    මිනිසා නැමති සීමාවක් නැති තණ්හාවෙන් පෙලෙන සත්වයා තම කැදර වුවමනා වෙනුවෙන් සීමා රහිතව, තවත් වසර මිලියන ගණනක් ජීවීන්ට ජීවත් වීමට ඇති පෘථිවිය විනාශ කරමින් සිටියි. සොබාදහම නැමති දෙවියන් විසින් මිනිසා ට දෙන පණිවුඩය නම් උබලා දැන් අවම විය යුතුය එනම් අධි පරිභෝජනයේ නතර කල යුතුය යන්න ය.

  6. Sirimal says:

    The government won’t declare at least a district lockdown and permit us to stay at home. We have bow to the demands of money greedy employers and their luxury perk managers to report to office in packed trains or loose our jobs or die. Pathetic situation.

  7. Saman says:

    Kohomath rata wahan nathuwa me mukuth karanna ba…. Rata wahan na kiyanne thiyana office ekak wath wahanne na…. Eyala a widiyatama karagena yanawane… Ithng kohomada office yana minissu gedarata wela inne…. Rata wahan nathuwa office wala work from home denne na…. A nisa baladaariin me rata aduma gaane dawas 5 ho 7k wath wahanna ona andiri neethiya daala…. Kalin palamu rella awa welawe mulu ratama lockdown karaane…. A nisa beruna…

    Dan aaya paethirenna deyak na PCR 5000k karoth kohomath 2000k withara ahu wenawa…. Minusssu kiyala dewal ahanne na lockdown karanne nathuwa…

Main News