පහසුකම් ඉල්ලා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයන් කුණුහරුපෙන් බනිති.. තර්ජන කරති..

May 9, 2021 at 1:20 pm | lanka C news
පහසුකම් ඉල්ලා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයන් කුණුහරුපෙන් බනිති.. තර්ජන කරති..

ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරන ලද කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් එහි ඇති යම් යම් පහසුකම් වල අඩු පාඩු හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින බවත්, තර්ජනය කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ තත්ත්වය හේතුවෙන් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් දැඩි කලකිරීමෙන් සිටින බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රට තුළ මේ මොහොතේ උදාවී ඇත්තේ බලාපොරොත්තු නොවූ ව්‍යසනකාරී තත්ත්වයක් නිසා සුළු සුළු අඩුපාඩු දරාගෙන මෙම තත්ත්වය සමනය කර ගැනීමට උදව්වන්නැයි ඔහු මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා පාලනය සඳහා දැනට අනුගමනය කරන කරන ක්‍රමවේද මඟින් ආසාදිතයන් වාර්තා වීම අඩු කර ගැනීමේ හැකියාවක් නැතැයි බිම් මට්ටමේ තත්ත්වය අනුව පෙනී යන බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

58,387 views

27 Comments to “පහසුකම් ඉල්ලා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයන් කුණුහරුපෙන් බනිති.. තර්ජන කරති..”

  1. Anuradha says:

    ඇයි මුන්ව ගෙනාවේ දැන්වත් ගෙනගිහින් දාන්න මුගේ ගුබ්බෑයම් වලට දලා නිරෝධනය කරන්න තදින්ම නිතිය ක්‍රියා කරන්න ඉන්න බැරිනම් මැරුනාවේ අනිත් එවුවත් අමාරුවේ නොදමා.

    • Golden Star says:

      ඇයි ඕයි කොරෝනා කියල මේ බලෙන් පැහැරගෙන ඇවිත් ඉන්න මිනිස්සු ආපහු ගෙවල්වලට යැව්වොත් ඒ මිනිස්සු හෙලවෙදකමෙන් සුවවෙනවා අනිවාර්‍යෙන්ම. එතකොට බටහිර ඖශ්ධ මාෆියාවට කෙළවෙනවා. එතකොට අනිත් කොරෝනා රෝගිනුත් මේ දොස්තර – සේල්ස් රෙප් මාෆියාවෙන් ගැලවෙනවා.

  2. KP says:

    මෙහෙමයි ඉතිං ඔය නිරෝධායන මධ්‍යස්තාන වලට යන කට්ටිය ඉතිං මන්දිර වල ඉඳලා, ලස්සසරි ටොයිලට් පාවිච්චි කරලා පුරුදු අයනෙ ඔක්කොම… ඉතිං පොඩ්ඩක් පහසුකම් අඩු වුනාම දැනෙනෙවා ඇති…. පව්…..

  3. Love nature says:

    මුන්ට කොහිලා කන්ඩ දෙමු.

    තරහ ගන්න කෙනෙකුට කන්නට කියන…..
    රෝග රැසක් සමනය කර සනසවන……
    දළුයි අලයි ව්‍යංජනයක් ලෙස ගන්න …..
    කොහිල තමයි නසනා මූලග්ගින්න …..

  4. Rasputin says:

    Shoot them.

  5. ivan says:

    No where in the world give free food and ac accommodation and getting insulted , these fellows disgraceful , no other words to describe, more arracks like Pasku should come.

  6. Sirisena Yatawara says:

    Ongoing Pandmatic of Covid 19 has no political involvement by President and his political governance. Castropy has to realized by commoner and their political parties of thta of SBJ +UNP. It cannot cure by vandalism encouraging by SJB line of provocation of that policies guided by Sajith Premadasa and UNP clique .
    This is not the time gain political power by SJB and UNP of political terrorism by misleading poor masses of Island wide. We an opposed undermined and disorder of Island democracy by SJB =UNP alliances. Urgent solution is contain Covid 19 by vaccination Island people by given better treatment and lock Down by suitable manner.

  7. Amila says:

    ඔය උඩ කොමෙන්ට් දාපු උන්ගේ පඩි ටෝක් ඔක්කොම තමනුත් ගිහින් දානකම් තමයි. එතනට ගිහින් මූන හෝදගන්න ටොයිලට් එකට යාගන්න අමාරු වෙනකොට තමයි තමන්ටත් තේරෙන්නේ. ගෙදර හිටියොත් කොත්තමල්ලි ටිකක් හරි බීලා පරිස්සම් උනෑකි.දැං ආණ්ඩුනටත් කරගන්න අමාරු වෙනකම් ලෙඩ්ඩු වැඩියි. ඒක නිසා අනික් රටවල වගේම ගෙදරම කොරොන්ටයින් වෙන්න දාන එක තමයි හොද.

    • Dp says:

      ඒකම තමයි ගොන් බූරුවෝ පුන පුනා කියන්නේ ගෙදරට වෙලා හිටු.

    • sunimal says:

      මුන් ලෙඩේ හදාගත්තේ මුන්ගේ ඕනෑකමට දැන් විදපන්.

  8. මෝ says:

    ඕකුන්ව ගෙවල් වලම තියන්න තිබ්බෙ.

  9. TILAK says:

    ALWAYS LOCK DOWN NEDA KIYANNE MAN NAWATHWANNA BAHA

Main News