දෛනික ආසාදිතයන් 6000 පනීවි..- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..

May 10, 2021 at 2:18 pm | lanka C news
දෛනික ආසාදිතයන් 6000 පනීවි..- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..

තවත් සති දෙකකින් පමණ මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් 6000 දක්වා වැඩි වි වෙනු ඇතැයි විශ්වාස කළ හැකි යයි කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ උපුල් දිසානායක මහතා සඳහන් කරයි.

දැනට ආසාදිතයන් හමුවන්නේ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය අනුව බවත් පරීක්ෂණ සිදු නොකර සමාජයේ සිටින ආසාදිතයන් ප්‍රමාණයද දැනට හමුවන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ විය හැකිද තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

ඇතැම් අවස්ථාවන් වල සිදුකරන පරීක්ෂණ වලින් සියයට විස්සක් විසිපහක් පමණ ආසාදිත වන හමුවන අවස්ථාව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඉදිරියේදී වාර්තා වන ආසාදිතයන් ගෙන් වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වීමට අවශ්‍ය නොවනු ඇති නමුත් ඉන් 17% වැනි ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍ය වනු ඇතැයිද ඔහු පැවසීය.

විශාල ආසාදිත පිරිසකගෙන් 17%ක් යනු විශාල ප්‍රමාණයක් බවත් ඒ නිසා රෝහල් ධාරිතාව ඉක්මවා යන ඇති බවත් ඔහු කියා සිටී.

මේ පිළිබඳව රජය විසින් පියවර ගත යුතු නමුත් රෝගීන් ප්‍රමාණය වැඩි කර නොගැනීමට සමාජයීය වශයෙන් සියලු දෙනාටම වගකීමක් ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

රට වසා දැමීමට වඩා තම මුහුණ කට වසා ගැනීම පහසු බවත් වෛරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණය මුහුණු ආවරණය භාවිතා කිරීම ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

54,149 views

7 Comments to “දෛනික ආසාදිතයන් 6000 පනීවි..- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..”

  1. සුනිල් කොටියාගොඩ says:

    ඊයේ මං 2000 පනි කියලා දා පූ ඔට්ටුව යන්තම් දින්න. අද එහෙනම් 5000 පනියි කියලා ඔට්ටුවක් අල්ලන්නද ? එපාද ?
    දොස්තර මහත්තයා ටාත් කට් එක දෙන්නම් මට කලින් ටිප් එක දුන්නොත්.

  2. මිල්රෝයි වෙන්නප්පුව says:

    ඩොක්ටර්, මුව ආවරණ දාගත්තම විතරක් ඇතිද? ඔන්න නෝටියා වගෙ බොරු කියන්න නම් එපා. අපි උදේ වැඩට එන බස්වල කෝච්චිවල මීටර පරතරේ නැහැනේ. ආණ්ඩුව ඒකට මොනවත් විසඳුමක් දෙන්නේත් නැත්තේ මුව ආවරණ විතරකම් දැම්මාම විතරක් ඇති නිසා වෙන්න ඇති. ඔන්න එහෙනම් මීටරේ යකාට ගිය දෙන් කියලා අපි මුව ආවරණ විතරක් දාගෙන වැඩට එනවා ඕං ඈ . . .

    • ශිරා says:

      උබට මොළයක් කියලා එකක් ඇතිනේ. එකෙන් හිතලා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගනින්.

      උබ බයියෙක් නම් ආණ්ඩුවේ ඇමතිලා සහ ජනාධිපති කියන දේ විශ්වාස කරලා ආතල් එකේ හිටපන්

  3. Jagath says:

    6000 නෙමෙයි 60,000 පැන්නත් රට‍ වහන්නේ නෑ.
    මොකෝ කියන්නේ?

    • සුනිල් කොටියාගොඩ says:

      අල්ලමුද ඔට්ටුවක් ? මොකෝ කියන්නේ.

  4. 3% ට බය බයියා. says:

    තාම සමාජ ගත වෙලා නැහැලූ බං.

    • කුඹුක්කණ් says:

      අප්පිරියාවයි , බයයි කියන්නෙ දෙකක් නේ මචං

Main News