රසායනික පොහොර තහනම යුද්ධයෙන් රට බේරාගත්තා සේ ජයග්‍රහණයක්…

May 12, 2021 at 4:40 pm | lanka C news
රසායනික පොහොර තහනම යුද්ධයෙන් රට බේරාගත්තා සේ ජයග්‍රහණයක්…

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කෙරිණ. එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමකි. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. මෙය අභියෝගාත්මක ක්‍රියාවකි ; අපහසුය, එනමුත් නිවැරදි ක්‍රමෝපාය හඳුනාගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

“දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සාමාජිකයන් සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් යැයි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.

ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේදී ඇතැම් සටන් පරාජය විය. අවසානයේ දී ත්‍රස්තවාදය පරාජය කර රට දිනවූවා සේ සියලු අභියෝග ජය ගනිමින්, ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් පැවසීය.

හැටේ දශකය ආරම්භයේ සිට රසායනික පොහොර භාවිතයට හුරු පුරුදුව ඇති මෙරට කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතය වෙත යොමු කරවීම යුද්ධයෙන් රට බේරාගත්තා සේම ජනතාවට ලබාදෙන විශේෂ ජයග්‍රහණයක් බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දුන්හ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

36,532 views

31 Comments to “රසායනික පොහොර තහනම යුද්ධයෙන් රට බේරාගත්තා සේ ජයග්‍රහණයක්…”

  1. Jagath says:

    කරනවා නං හොද වැඩක්. නමුත් කී කාලෙකට ද?

  2. Ruwan says:

    මේදේවල් ගහේන් ගේඩ්එන්නනාගේ කරන්නපුලුවන්ද, මෙය පියවරේන් පියවර කලවුතුදේවල්…

    • ජයෙ says:

      කොයි පියවරද දැන් ගන්න ඕන. එහෙම වුනොත් හැම ආන්ඩුවම මුල් පියවර විතරක් ගනී. එතනින් එහාට ඒක කරන්න දෙන්නෙ නෑ. මෙහෙම එකපාර තමයි කරන්න ඕන කරනවනං. හැමෝටම කරන්න වුනොත් තමයි ගොවියො ඕකට යන්නෙ.

  3. Just says:

    ඇයි සර් අද උම්බෑ කියන්න කිං කොං එවුවෙ නැත්තෙ …….
    එවුවා නං මේ උතුම් වැඩේ පැත්තක තියල අවදානය වෙන අතකට යන තොවිලයක් නටනව සත්තයි.. .

  4. වියතා says:

    ජනාධිපතිතුමනි …..මේ විපත් කාලයක් නිසා පෙලහර පාන්න බෑ කියල මිනිස්සු දන්නවා……ඔබතුමා ගැන අපි තවදුරටත් විශ්වාස කරනවා…….පේනා⁣ තෙක් මානෙක රටේ ජාතික නායකයෙක් නෑ …..
    ඒ උනාට මේ චැනල් වලින් දොට්ට වැටිල හිටිය , යන එන මං නැතිව හිටිය කයිවාරැ කාරයො එවන්න එපා…..මිනිස්සුන්ට එපා වෙන්නෙ ඔබතුමා එක්කම…..
    ඔබතුමා ගෙ පහනින් එළිය බලල ඔබතුමාට පපස්ස පෙන්නන එක ඒකාන්තයි ..පහු දවසක අර සිරසෙන් පන්නපු හාදයා ඇවිත් දාපු ගොං පාට් එකෙන් වැඩිම හානියක් උනේ ඔබතුමාට …
    කරැනාකරල මෙව්ව හිතන්න…

    • saman says:

      වියතා වගේ මී හරක් ඉන්නකල් රටට සෙතක් නැ.

      • Have one says:

        වියතා කියන දේ හරි… එක්කො උබ පොහොර ජාවාරම්කාරයන්ගගෙ එකෙක්….
        නැත්තං ඇනස්ලි ගෙ පස්ස ලෝන එකෙක්…

  5. Me says:

    අනේ ජනාධිපතිතුමෝ ….මෙි වගේ වැදගත් දේවල් ඔබතුමා ම කියන්න…..ආතක් පාතක් නැති අහිකුණ්ඨික එවුන් එවන්න එපා මාද්ය පුකාශක කියලා…..විලිලැජ්ජයි..
    සිරසෙන් පන්නලා ඉන්න⁣කොට තමයි කවුරු හරහ ඔබතුමාට සෙට් වෙන්නේ…මෑන් ඔබතුමන්ගේ පේස් බුක් වෝල් එකෙ කොල්ලො කට්ටිය දාල මිනිහව Justify කරනවා….මිනිහ නියමයිලු…
    රටේ තත්ත්වය නං කිංස්ලි ඇනස්ලි උනා කියලයි….
    මුගෙ මුඛරි කටවල්වලට රැවටෙන්න එපා..තමන්ව මිනිහෙක් කැරපු ලක්ශපතිආරච්චිට යන එන මං නැති කලානං ඔබතුමා මේකාට ඔරැවක් විතරයි….
    සර්පයන් ගෙන් බේරෙන්න….ඔබට පක්ශ රටේ බොහොම ජනමාධ්‍යවේදීන් හරිම කලකිරිමෙන් ඉන්නේ…..ඒ මිනිස්සු සමග වැඩ කලොත් මේ වගෙ පගර නැට්ටො අවශ්‍යම නැහැ….

  6. පුන්ච් අම්මාගේ මිනිහා says:

    රසායනික පොහොර නැවැත්වූ ගමන් අස්වැන්න අඩු උනා යයි කියන එවුන් අල්ලා හිරේ දාන්න ඕනෑ. එහෙම එකපාරටම අස්වැන්න අඩු වෙන්නේ නැහැ. මුන් පොහොර බිස්නස් කාරයන්ගේ අත කොලු. ඉක්මනින් එලවලු මිල වැඩි කරපු අමන ව්‍යාපාරිකයන්ට දඩුවම් දෙන්න ඕනෑ.

  7. ඡාතිමාමක හෙළයන් විසින් නිවැරදි තීන්දු සහ නිර්භිත නායකයන්ව සැමදා අගයකරනුලබයි.! says:

    පමාවී ඇතිමුත්..,කිසිවිටකත් මගහැර නොයාහැකි කළයුතුම ඡාතික වගකීමකි., නැවතත් ගහට කොළට සතා සිව්පාවන්ට ඇළට දොළට මහපොළවට ඡිවය දීමේ වසවිස තහනම ඉතාම ඉහලින්
    අගයකරන්නෙමු.. !රටතුළට පැමිනෙන ”පැළෑටි ණාශක” ”කෘමීණාශක” සම්පූර්ණයන් තහනම්කර ලග තබාගන්නන්ට ඵරෙහිව ”සමුලඝාථක” මිනිමැරීමේ චෝදනා ගොනුකර දැඩි දඪවම් පැමිනිය යුතුයි..
    තිරිසනුන් වැනි ”මොඩ මිනිමරැවන්” ‘වසවිස’ වෙනුවට නම්පවා වෙනස්කර මේවා හඳුන්වනු ලබන්නේ ‘තෙල් බෙහෙත්’ යන නාමයන් වලිනි..!
    මෙවැනි වසවිස මුග්ධයන් අතට පත්කිරීම ”ඡර්මානු නාසින්ගේ සමුළඝාථක උපක්‍රමයි..!”
    රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වී කාබනික කෘශිකර්මයට අවතීර්ණවීම සහ කටයුතුකිරිමද අතිශයින්ම බුද්ධිමත් තීරණයකි.., මෙවැනි තීන්දු තිරණ ගතහැකි වන්නේ පිටකොන්ද කෙළින් තිබෙන්නාවූ නායකයන්ට පමණී..!
    ඡාතිමාමක
    ”රිවස් ගියර්” නොමැති හෙළයන් විසින් නිවැරදි තීන්දු සහ නිර්භිත නායකයන්ව සැමදා අගයකරනුලබයි.!

  8. Jayasri jayasekara says:

    මේකේ ලොකුවට කොටන්නේ නැතුව තිබ්බටු, පැපොල් , මිරිස් අක්කර 1/4 බැගින් තෙල් පොහොර නොදා වගා කරලා අස්වැන්න අරන් පෙන්නන්න . මාර්ශල් 20 , වර්ටැකෝ නැතුව පොල් පැල ප්ලෙසිස්පාවුන් ගෙන් බේරා ගන්න හැටි කියලා දෙන්න . දවස් 45 එලවලු කාබනික පොහොර යොදා ඒ අස්වැන්න ගොවියාට අරන් පෙන්නන්න , මොනොක්‍රොටපොස් , පෙන්තොඒට් , වර්ටැකෝ , කුරේටර් නැතුව රතු කුරුමිණි මර්දනය කරන්න කියලා දෙන්න . ලන්කාවේ ලොකුම එලවලු වවන ප්‍රදේශය වන මැල්සිරිපුර සිට පොල්පිතිගම දක්වා කලාපයේ ගොවියො ලගට ඇවිත් ඕවා කියන්න

  9. හෙළයනි අවදිවන්න..! says:

    වසවිස නැතිව වවන්න බැරින්‍ං තමන්ගේ බුද්ධියේ තරමට සාධාරනණ වෙනත් ජීවනෝපායක් සොයාගෙන අබරෝ…!

Main News