ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් අයටත් කොරෝනා වැලදේ.. WHO කැළඹෙයි..

May 13, 2021 at 10:00 am | lanka C news
ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් අයටත් කොරෝනා වැලදේ.. WHO කැළඹෙයි..

ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් ලබා මාත්‍රා දෙකම ලබාගත් සීෂෙල්ස් සැලකිය යුතු වන පිරිසකට කොරෝනා වෛරසය වැළඳී තිබේ.

මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන දැඩි කණස්සල්ලෙන් පසුවන බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.

එරට වැසියන්ගෙන් 57% සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබා දී ඇති අතර ඇස්ටසෙනිකා එන්නත මාත්‍රා දෙකම 43%කට ලබාදී තිබේ.

එන්නත්කරණය සහ ආසාදිතයන් වාර්තාව පිළිබඳ සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ එන්නතෙන් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසු වෛරසය ආසාදන ඉතාම අඩු විය යුතු බවත් එක් අයෙකුට හෝ දෙදෙනකුට ආසාදනය විය හැකි නමුදු වැඩි පිරිසකට එසේම ගැටලුවක් බවයි.

කෙසේ නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ එන්නත් ලබා දීමෙන් මූලිකම බලාපොරොත්තුව වන්නේ රෝගීන් මිය යෑම වැළැක්වීම බවයි.

ලෝකයේ දැනට වැඩිම එන්නත්කරණය කරවූ රාජ්‍යයක් වන සීෂෙල්ස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වුවද එහි කිසිදු රෝගියෙකු මියයන මට්ටමට පැමිණ නැතැයිද ඔහු සඳහන් කරයි.

එන්නත්කරණයේ බලාපොරොත්තුව එය බවත් රෝගීන් මිය යාම වළක්වා ගැනීම එහි මූලිකම අරමුණ බවත් ඒ මහතා පැවසීය.

115,396 views

43 Comments to “ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් අයටත් කොරෝනා වැලදේ.. WHO කැළඹෙයි..”

  1. Love nature says:

    Traditional medicine :

    Traditional medicine has a long history. It is the sum total of the knowledge, skill, and practices based on the theories, beliefs, and experiences indigenous to different cultures,

  2. Kumara says:

    ඉගෙන ගත යුතු පාඩම-එන්නත් ගත්තට සෞඛ්‍යය පුරුදු කිසිවක් අත්හරින්න බෑ.

    If the parents and elders of a family are vaccinated, they still have to strictly adhere to the healthcare guidelines, because they may get infected and transmit the virus to minors and infants in the family (those who are not vaccinated). After you are vaccinated, never make the mistake of become complacent and ignore the risk

  3. Silva says:

    කෝ දැන් මේකෙ පශ්චාත්භාගය සුද්දට දීගෙන Comment කරපු අය මේකටත් එකක් දාන්නකො. අන්තිමට හැමෝටම ගන්න වෙන්නෙ දේශීය වෙදකමේ බෙහෙතක් විතරයි. නිකන් වටේ යනව විතරයි උත්තරේ අත ලඟම තියාගෙන. අනේ ගෝටො බොටත් බැරිනම් පුලුවන් එකෙකුට දීල යමන් එච්චරයි කියන්න තියෙන්නෙ.

  4. ධම්මික says:

    ධම්මික පැණියට බැනලා පිටරට එන්නතට ආවඩපු මෝඩ ටොයියලා දැන් රෙදි නැතුව එන්නත සුද්ද කරන හැටි දැක්කම විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ඕයි

Main News