කෘතිම ඔක්සිජන් යන්ත‍්‍ර තොගයක් ගෙන්වයි…

May 15, 2021 at 5:30 pm | lanka C news
කෘතිම ඔක්සිජන් යන්ත‍්‍ර තොගයක් ගෙන්වයි…

“කොව්ඩ් රෝගය වැළදෙන රෝගීන්ගෙන් යම් ප්‍රමාණයක් ඉතාමත් අසාධ්‍ය තත්වයට පත්වෙනවා. ඔවුන්ට පාවිච්චි කරන්න තියෙන උපකරණය තමයි මේ හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් මැෂින්. දැනට අපි සතුව හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් මැෂින් 350ක් පමණ තියෙනවා. තවත් හයිෆ්ලෝ Hiflow මැෂින් 350 ද තවත් 700 ක් ද මේ වන විට අපි ඇනවුම් කරල තියෙනවා. මමත් කොවිඩ් අසාධ්‍ය වුනු රෝගියෙක් ඒ් වෙලාවේ මගේ දිවි බේරා ගැනීමට උපකාරී වුනේ මේ මැෂින් එක. මේ තුළින් අසාධ්‍ය තත්වයේ රෝගීන්ට විශාල සහනයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙනවා.”

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පවසා සිටියේ ලෝක බැංකු අරමුදලේ, කොවිඩ් මර්ධනය සඳහා ක්ෂණික ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සුදානම් ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 386ක් වටිනා ඔක්සිජන් සැපයුම් උපකරණ වලින් පලමු තොගය වන සිරින්ජර් පම්ප් 500 ක්, හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් යන්ත්‍ර 40 ක් අමාත්‍යතුමිය වෙත ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදී භාර ගැනීමෙන් අනතුරුවය.

කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය සියලු උපකරණ මේ වන විට රෝහල් වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් පියවර ගෙන ඇති අතර මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 650 ක් වටිනා හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් යන්ත්‍ර 612ක්, ඔක්සිජන් කන්සන්ටේටර් 200 ක්, මල්ටි පැරා මොනිටර්ස් 385 ක්, සිරින්ජර් පම්ප් 410 ක් සහ ඉන්ෆියුෂන් පම්ප් 400 ක් දිවයිනේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට මේ වනවිට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවදුරටත් අව‍‍ධාරණය කළාය.

අද දින ලබාදුන් මෙම උපකරණ තොගය එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය (U.N.O.P.S) යුනොප්ස් විසින් කඩිනමින් මිලදී ගැනීමේ ක්‍රමෝපාය භාවිතා කරමින් දින කිහිපයක් තුල සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කර ඇති අතර මෙහි ඉතිරි උපකරණ තොගය දින කිහිපයක් තුළදී ලබා දෙන බව යුනොප්ස් (UNOPS) ආයතනය අවධාරණය කරයි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාල නේවාසික කළමණාකරු සුදිර් මුරලිදරන්, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ජීව වෛද්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සැපයුම් ඩී.ආර්.කේ.හේරත් යන මහත්වරුන් පැමිණිසිටියහ.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය අමාත්‍යාංශය

26,049 views

8 Comments to “කෘතිම ඔක්සිජන් යන්ත‍්‍ර තොගයක් ගෙන්වයි…”

  1. Gon athal says:

    Really.. api hithuwe Muttiya kiyala.. hondaiii ehenam

  2. මෝඩ බයියා says:

    අපි මෙච්චර කල් හිතා උන්නෙ ඔක්සිජන් කියන්නෙ ආණ්ඩුවට විරුද්ධ දෙයක් කියාල.ඔක්සිජන් කියන නම ඇහුනත් අපි කුණු හරුප වපුරමින් ජෙප්ප කියල ඒ කියපු එකාට බැන්න.මොකද අපේ පුත්තලන් බයි නායක සනත් නිසාන්ත අහල තිබ්බ ඔක්සිජන් මොන බම්බුවටද කන්නද කියාල.ඉතිම් අපිත් එහෙම්ම හිතුව .ඇත්තටම හිතුව නෙමේ අපිට හිතන්න බෑ අපිත් එහෙයි කිව්ව.දැන් බලන් ගියාම ඔක්සිජන් කන්න නෙමේ හුස්ම ගන්න .

  3. 3% ට බය බයියා. says:

    ගාන කපලා ඇති ෂුවර් එකටම .

    • 3%ත් නැති ජෙප්පා says:

      බං මෙි 2021 උඹලගේ ගවපාලනේ ඉවරයි කුනුදතා දැං ඇමති නෙමෙි

  4. මාස්ක් නැති පුෂ්පා says:

    අපරාදේ . දැනගෙන හිටියා නම් හොයා ගෙන ගිහින් ඔය hiflow මැසිමේ වයර් එක කපනවා.
    මීට පස්සේ කලින් කියල ඇඩ්මිට් වෙන්න හොදේ.

  5. ටොයියන්ට පුන්නක්කු ටිකක් ජාතික ව්‍යපාරය says:

    කෝ බංඅර විපක්සෙට හුස්මක්ද මොකක්ද එකේ බඩු? බුරැ සජියා තානාපතිලා හමිබ වෙලා මොකද කලේ

  6. Angry says:

    Aid came and coming in from last year as funds and now equipment, loans given for vaccines, COVID fund available not spent and government still asking for donations from country men (see Sudharshini Fernandopillai’s plea) in addition taking more loans making unnecessary expenses for high ways , digital vaccine cards, gyms etc
    Real shameless greedy bast—rds

  7. Rabok says:

    bloody idiots stop publishing bull shit photos on media – if the equipments arrived without delaying them for the politicians to take photos sent them immediately to places where they a re needed

Main News