තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…

May 16, 2021 at 6:28 am | lanka C news
තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…

රජය විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙනි වරායේ රඳවා තබා තිබූ ආනයනික පොහොර ඇතුළු වූ රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරන ලෙස ආනයන අපනයන පාලක වරයා උපදෙස් දී තිබේ.

රේගු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය අප්‍රේල් මාසයේ දී රජය විසින් පනවන ලද තහනම නිසවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් 50කට ආසන්න ප්‍රමාණයක් වරායේ මෙසේ හිරවී තිබූ බවය.

ආනයන අපනයන පාලක වරයාගේ උපදෙස් මත ඉදිරියේදී එම බහාලුම් නිදහස් කරනු ඇති බවත් සඳහන්ය.

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත අවසර ලබාදීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පසුගිය 6වනදා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

22,418 views

14 Comments to “තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…”

  1. A planter says:

    This will end up in the black market and sold thru the back door at a higher price to known parties…..

  2. Goviya says:

    Here comes the Fertilizer Mafia. ….

  3. Hudson says:

    Why released 🤣🤣it’s not good according to our Sir🤣🤣looks like another reversal???

  4. Gamini Senanayake says:

    During the scarcity, how government can assure that this consignment go through proper channel. If this go to black market what will government do?
    Some time this consignment may related to a supporter. If so.
    There must be a limitation in doing foolish work.

  5. හාමතේ මැරෙමු... says:

    ඔන්න බලන්න , පොහොර සහ කෘමිනාශක නැතිව ගොවිතැන් කරන්න කියලා ආණ්ඩුව ඇනගන්න ඇනගැනිල්ල…. අඩුගානේ මේ ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයෙන් ., විශ්වවිද්‍යාලවලින් ඇහුවද ? නෑ… කවුරුහරි දැම්ම අදහස… ඒක එහෙම්ම නීතිගත උනා..

  6. කුවෛට් පොඩි එකා says:

    පව් බං සිරිසේන …. අපේ ස හිටියනම් ඔහොම වෙන්නෙ නැ

  7. විපත් මග says:

    කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ.ග්‍රාම සේවක යවලා පරිඝණක ක්‍රියාකරුවෙකුට රටක් බාර දුන්නා වගේ.🤪🤪

  8. නාත දේව මංඩලය says:

    කාරුණික දැනුම් දීමයි අප විසින් සිදු කලේ දෙදාස් දහ නමය චන්ද කැම්පේන් එක පමණක් බවත් ඉන් පසු සිදුවූ සියලු නා ගැනීම් අනා ගැනීම් අපේ සයිට් එකෙන් තොර බවත් මෙයින් දැනුම් දෙමු.තවද චන්න ඇමතියා ඇමතිකම ගත් පසුත් නලීන් ආචාරියා බුරුමෙට පැන ගත් පසුත් අපට පොල්ල තැබූහ.ඒ නිසා උනුන් හා අපේ කිසිදු සම්බන්ධයක් දැන් නැත.

  9. CNW PATHIRANA says:

    Nest Billionaire in Asia – Sri lanka’s controller of Imports (Prediction) This is how all these banns work.

  10. Love nature says:

    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. ලැජ්ජයි