තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…
May 16, 2021 at 6:28 am | lanka C news
රජය විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙනි වරායේ රඳවා තබා තිබූ ආනයනික පොහොර ඇතුළු වූ රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරන ලෙස ආනයන අපනයන පාලක වරයා උපදෙස් දී තිබේ.
රේගු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය අප්‍රේල් මාසයේ දී රජය විසින් පනවන ලද තහනම නිසවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් 50කට ආසන්න ප්‍රමාණයක් වරායේ මෙසේ හිරවී තිබූ බවය.
ආනයන අපනයන පාලක වරයාගේ උපදෙස් මත ඉදිරියේදී එම බහාලුම් නිදහස් කරනු ඇති බවත් සඳහන්ය.
කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත අවසර ලබාදීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පසුගිය 6වනදා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩිපුර දැමීම නිසා රටේ ම පසත් පරිසරයත් විනාශ වන බවත් රටේ ජනතාවට ලෙඩ රෝග බහුලව සැදී රටේ ආවේණික ජීව විශේෂ රැසක් නැති වන බවත් පරිසර විශේෂඥයෝ ද පරිසර සංවිධාන රැසක නායකයෝ ද පවසති.
“රසායනික පොහොර වෙනුවට ගොම, ගව මූත්‍ර, කුකුල් පෝර පාවිච්චි කරන්න පුළුවන්. ඒවායින් ශාකවලට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා.
රසායනික පෝර තහනම් නම් නැවත රසායනික පෝර ලබා දෙන්නේ ,මන්ද ? කරුණාකර ජනතාව රවටන්න එපා ..කොන්ද පන ඇතිව තීරණ ගැනීමට පාලකයෝ එඩිතර විය යුතුයි රසායනික පෝර යොදා රටේ ජනතාවට විසා ආහාර ලබා නොදෙන්න