තීන්දුයි.. කොරෝනා ආසාදිතයන් හෙට (17) සිට ගෙදර… අසාධ්‍ය නම් රෝහලට.. නිවැසියන්ට මාර්ගෝපදේශ මෙන්න…

May 16, 2021 at 10:02 pm | lanka C news
තීන්දුයි.. කොරෝනා ආසාදිතයන් හෙට (17) සිට ගෙදර… අසාධ්‍ය නම් රෝහලට.. නිවැසියන්ට මාර්ගෝපදේශ මෙන්න…

කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙසේ තබා අධීක්ෂණය කිරීමේ නියමු වැඩපිළිවෙළක් සදුදා දිනයේ සිට රජය විසින් ආරම්භ කර ඇත.

රෝහල්වල ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ආසාදිතයෙකු නිවසේ සිටියදී නිවැසියන් අනුගමනය කළයුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

32,564 views

7 Comments to “තීන්දුයි.. කොරෝනා ආසාදිතයන් හෙට (17) සිට ගෙදර… අසාධ්‍ය නම් රෝහලට.. නිවැසියන්ට මාර්ගෝපදේශ මෙන්න…”

  1. අසංක says:

    අපි තමයි හොදටම කරන්නේ ඉන්දියාවට දෙවැනි නැ. අන්න මෝදිට සෙරප්පු වලින් ඉන්දියාවෙ ගහන්නෙ.එතකොට අපි.

  2. අවුල් ජාල says:

    කෝවිඩ් පාලනය අවුල් ජාලයක් වුණේ වැරදි නීතියක් අතට ගැනීමද?

    කෝවිඩ් වසංගතය මැඩීමට 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමණාකරණ පනතේ 25 (ඔ) වගන්තිය අනුව ක්‍රියා නොකර සුද්දාගෙ 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග නිවාරණ ආඥා පනත ක්‍රියාත්මක කිරීමෙන් වැඩේ අවුල් කරගෙන ඇත.

    2015 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමණාකරණ පනතේ ප්‍රතිපාදන අනුව කෝවිඩ් පාලනය කළා නම් කැබිනට් මණ්ඩලයේත්, දේශීය වෛද්‍යවරුන්ගේත්, සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයේත් සහාය ලබා ගැනීමට අවස්ථාව තිබුණ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකුගේ වැරදි තීරණ මත වෙනත් නීතියක් කරළියට ගෙන ඒමෙන් කෝවිඩ් පාලනය අවුල් ජාලයක් වී ඇත.

  3. කොක්ටේල් වැක්සි න් සාඩින් බයියා says:

    කෝකටත් කියලා මම ගෙදර ගෑස් එක හිස් කරලා එකට ඔක්සිජන් එකක් අරන් ආවා අලුත් බටයක් එක්ක.
    ඔය කිව්වට හදිස්සියක් උනොත් මල්සාලාවේ මුදලාලි විතරයි මේ දවස් වල මහා රෑ උනත් ෆෝන් එක උස්සන් නේ.
    තව ගල් බාගයකුත් ඇඳ යටින් තියා ගත්තා අවශ්‍ය උනොත් කියලා.

  4. ඉතාම නිවැරදි බද්ධිමත් තීන්දුවක් ..! says:

    ඉතාම නිවැරදි බද්ධිමත් තීන්දුවක් ..! අනවශ්‍යලෙස රටේ අර්ථිකය විනාශ කරවන රටේ ආරකෂක හමුධාවන් විඩාවට පත්කරවන, රටේ සෞඛ්‍ය සංරකෂණ ධාරිතාවන් නිකරැනේ විනාශ කරවන ක්‍රියාමාර්ගවලින් ඉවත්වි සැවොම ”සවයං පාලනයකට” ලක්විමට සලස්වා අසාද්‍යනම්.. සැබවින්ම සවසනපත්ධතිය තුල සංකූලතා ඇත්නම් පමනක් රෝහල් සහ විශේෂඤඥයන්ගේ රැකවරනය ලබාදියයුතුයි..!
    මුකආවරණ පලදිමින් සමාඡ දුරස්ථභාවය තබාගනිමින් නිරෝගි සෞඛ්‍ය පුරැදු පුහුණු කරමින් ඉතාම බුද්ධිමත්ව සැවොම කටයුතුකිරිමට වගබලාගැනීම සැමගේම පරම වගකීම වන අතර., මහඡනතාවගේ අවංක දායකත්වය නොමැතිනම් වෙෙරස පාලනයද ඇතුළුව මුළු මාත්‍රෘභුමියම ඵකතැන පල්වන පරාඡිත වහල් දේශයක් බවට පත්විම වලක්වාගැනීමට නෙහැකිවී ඵහි ප්‍රතිපළ ලෙස සැමට ඉතා කටුක අත්දැකීම්වලට මුහුණදීමට සිදුවියහැකියි..! ”දියුනු සමාඡයක ගති ලකෂන පුරැදු පුහුනුකරමින් ”සමාඡ අරකෂාව තමන්ගේද තමන්ගේ ලබැදියන්ගේද අරකෂාව ලෙස සලකා කටයුතු කළ යුතුයි..!
    ආරකෂක අංශ සෞඛඅංශ දැඩි කැපවීමකින් යුතුව සිදුකරන කාර්‍යභාරයන්ට ”ස්වයං අවභෝධයන් සහයෝගය දැක්වීමෙන්” අනපේකෂිත ලෙස මරැතුරැලට යැමද සිය ක්‍රියාකාරකම් තුළින්ම වලක්වගැනිමට හැකිවනුඇත..!

    • MD says:

      තමන් ඉපදුන රටගැන ඔබ ලෙස හිතන අය ඉන්නවානම් මේ ලක්බිම කෙතරම් සුන්දර වෙයිද?ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා!තෙරුවන් සරණයි

  5. මරා says:

    ඔහොමම පිට රටවල ඉඳන් එන අහින්සකයින්වත් ගෙවල්වල නිරෝධායනය කරොත් හොදයි නේද …. තමුන්ගෙ හෙන්ච්චයියන්ට ඒ අහින්සකයන්ගෙ සල්ලි ටික කඩාගන්න ඉඩ නොදී……. දවස් 10ක් තියන්න් ඕනෙ නෑනෙ ..එයාලවත් ගෙදර යැව්වනම් ඒ මිනිස්සුත් ගෙදරම රඳවන්න පුලුවන්නෙ

  6. Sam Fernando says:

    It is a very good. It was first tried by UK and it was successful.

Main News