මුල්ලිවයික්කාල් සැමරුම්වලට එරෙහිව පොලීසියෙන් ඉල්ලූ තහනම් නියෝගය යාපනය අධිකරණයෙන් නොලැබේ..

May 18, 2021 at 2:26 am | lanka C news
මුල්ලිවයික්කාල් සැමරුම්වලට එරෙහිව පොලීසියෙන් ඉල්ලූ තහනම් නියෝගය යාපනය අධිකරණයෙන් නොලැබේ..

මුල්ලිවයික්කාල් යුද සැමරුම් යාපනයේදී සැමරීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට කෝපායි පොලීසිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටි තහනම් නියෝගය ලබා නොදීමට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් පියවර ගෙන ඇත.

කෝපායි පොලිසිය විසින් මුල්ලි වයික්කාල් යදසැමරුම් යාපනයේදී සැමරීමට සූදානම් සැකසහිත පිරිසක් ප්‍රමුක කරගනිමින් අදාල පිරිස් වලට මුල්ලිවයික්කාල් සැමරුම් සඳහා අවසර ලබා නොදෙන ලෙසට ඉල්ලා කෝපායි පොලීසිය විසින් මෙලෙස අධිකරණ තහනම් නියෝගයක් ඉල්ලා සිටියේය.

එහිදී යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් කෝපායි පොලීසිය වෙතට දැනුම් දී ඇත්තේ මුල්ලි වයිකාල් සැමරුම් යාපනයේදී සැමරෙන්නේනම් එම අවස්ථාවේදී නිරෝදායන නීති උල්ංඝනය කිරීමක් හෝ තහනම් ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සාමාජිකයෙකු සිහිකොට සැමරීමක් සිදුකෙරෙන්නේනම් නීත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය පොලීසිය සතුව ඇති බැවින් එවන්නක් සිදුවන්නේනම් බී වාර්ථාවක් මගින් අධිකරණයට කරුනු ඉදිරිපත් කරන ලෙසටය.

මේ අතර මැයි 18 ඇතුලු සතියක කාලයක් මුලතිව් මුල්ලිවයික්කාල් යුද සැමරුම් මුලතිව්හි උත්සව නොපවත්වන ලෙසින් මුලතිව්හි පොලිස් ස්ථාන 07 ක් විසින් අධිකරණ තහනම් නියෝගයන් ලබා ගෙන ඇත.

මුලතිව් දිස්ත්‍රීක්කයේ මුල්ලිවයික්කාල් යුද සැමරුම් මුල්ලිවයික්කාල් මුහුදු තීරය හෝ ස්මාර්කය අසල සිදුකිරීමට සූදානම්ව සිටි සැකසහිත පුද්ගලයින් 32 දෙනකුට එරෙහිව මෙලෙස අදාල පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝගයන් ලබා ගෙන ඇත.

මුලතිව්, මුල්ලියාවලෙයි, පුදුකුඩිඉරිප්පු, මාන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, මල්ලාවි ඇතුලු පොලිස් ස්ථාන මගින් මෙසේ අධිකරණ තහනම් නියෝගයන් ලබාගැනීමට පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් යම් හෙයකින් අධිකරණ තහනම් නියෝගයන් නොසලකා යම් හෙයකින් අදාල පිරිස් මුල්ලවයික්කාල් යුද සැමරුම් සිදුකරනු ලබන්නේනම් එම පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය සූදානමින් සිටියි.

ඊට අමතරව මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ නිරෝධායන නීති කඩකරමින් තහනම් ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සාමාජිකයින් සිහිපත් කොට සැමරීමක් යම්කිසි අයෙක් ක්‍රියාකරන්නේනම් එම පිරිස්ද අත්අඩංගුවට ගැනීම සඳහා යුදහමුදාව ඇතුලු පොලීසිය විසින් දැඩි සෝදිසියකින්ද සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37,259 views

8 Comments to “මුල්ලිවයික්කාල් සැමරුම්වලට එරෙහිව පොලීසියෙන් ඉල්ලූ තහනම් නියෝගය යාපනය අධිකරණයෙන් නොලැබේ..”

  1. චාමජ් says:

    බොහෝ දෙමළ මිනිස්සු යටින් ජාති වාදය අවුස්සා කලබල ඇති කරන්න පැකිළෙන්නේ නැහැ. මේක ලන්කාවෙ වගේම පිට රටවල් වලත් තියෙන දෙයක්. යුද්ධය ආපසු එනවා කිව්වා උනත්, නීතිය ඉහළම මට්ටමින් පරිහරණය කලා උනත් සමහර දෙමළ මිනිස්සු කොටි හිතවාදීන් ලෙස තීන්දු තීරණ ගැනීම රටේ අවාසනාවකි.

  2. 3% ට බය බයියා. says:

    ප්‍රධාන ආරාධිතයා කරුණාව සහ පිල්ලෙයාන් කරන්න .එතකොට තියන්න පුලුවන් වෙයි.

    • 3%ත් නැති ජෙප්පා says:

      ජවිපාවුන්ට උන්ගේ රෙද්දේ බඩගිය විප්ලව සමරන්ඩ පුලුවන්නමි මෙිගොල්ලන්ට බැරි ඇයි. දෙගොල්ලම එකම දේනේ කලේ වෙනස උන් දෙමල මුං සිංහල

  3. කලු සුද්දා says:

    පොලීසියට ලවා නැති ප්‍රශ්න ඇති කිරීමේ කලු සුද්දන්ගේ උගුලට ජයවේවා. දේශප්‍රේමී ආණ්ඩුව ලබන සැරේ ඉවරයි.

  4. Alapaluwa says:

    අපොයි හිට්ලර්

  5. CNW PATHIRANA says:

    What is wrong they remember ? let them have the freedom but without violence. Anyway they have to celebrate their loss not a gain and learn from mistakes

  6. සමන්ත says:

    සමරන්නේ කොහොමද ලොක් ඩවුන් කලා නේද ඔය ප්‍රදේශ ටික. මේ රජය තියෙන්නේ මොල නෙමේ මොල හදන යන්ත්‍ර.

  7. Dbd says:

    මේ අයට හිතේ හැටියට සමරන්න ඉඩ දෙන්න. මුක ආවරණ ඕනේ නැති බවත් කියන්න. එහෙමවත් ප්‍රශ්නේ ඉවර වෙනවද බලන්න .

Main News