අද විපක්ෂය බලයේ සිටියා නම් කොරෝනාවලින් පමණක් නෙමේ කුසගින්නෙන්ද ජනතාව මැරෙනවා..

May 19, 2021 at 6:28 am | lanka C news
අද විපක්ෂය බලයේ සිටියා නම් කොරෝනාවලින් පමණක් නෙමේ කුසගින්නෙන්ද ජනතාව මැරෙනවා..

කොවිඩ් – 19 තුන්වෙනි රැල්ල පාලනය මෙන්ම රටේ අනෙකුත් දෛනික කාර්යයන්ද බිදවැටීමකින් තොරව පවත්වාගෙන යමින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එලෙස පැවසීය.

කොවිඩ් 19 වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂා කිරීමට සිදු කළ හැකි සෑම ක්‍රියාමාර්ගයකටම රජය අවතීර්ණ වී තිබෙනවා. මිනිස් ජීවතවල වටිනාකම විපක්ෂයට වඩා හොදින් අපිට දැනෙනවා. විපක්ෂය සිදු කරන්නේ සෑම විටම විවේචනය කිරීම පමණයි. විපක්ෂය පාලන බලයේ සිටින කාලයේ මිනිස් ජිවීත ආරක්ෂා කිරීමටවත්, රටේ සංවර්ධනයවත් සිදු කළේ නැහැ. ඔවුන්ගේ කාලයේ සිදු වුනේ පාස්කු ප්‍රහාරය සිදුවීම, මහ බැංකුව මංකොල්ල කෑම, දේශපාලන පළිගැනීම් හා ජාතික ආරක්ෂාව බිද වැටීම වැනි රටේ ජනතාව පීඩාවට පත් වූ සිදුවීම් පමණයි.

විපක්ෂය මේ රටේ ආර්ථිකය ඉතාමත් දුර්වල මට්ටමකට ඇද දමා තිබුණා. සෘණ බවට පත් වූ ආර්ථිකයක් වත්මන් ජනාධිපතිතුමා බාර ගත්තේ. එවැනි අවස්ථාවක කොවිඩ් 19 වසංගතයටත් අපට මුහුණ දීමට සිදු වුනා. දැන් වසරකට අධික කාලයක් මෙම අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. තවත් කොපමණ කාලයක් මෙහි බලපෑම තිබේවිද කියලා කිසි කෙනෙකුට නිශ්චිතව කියන්න බැහැ. එමනිසා කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් රටේ අනෙකුත් කාර්යයන් ද බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරමින් තිබෙනවා.

අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ කොවිඩ් 19 පාලනයට. මේක ලෝකය පුරා පැතිර යන වසංගත තත්ත්වයක්. මේ නිසා සෑම රටකම රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇතුළු ගැටලු ගණනාවක් මතුවෙලා තියෙනවා. මේකට මුහුණ දෙන්න අපේ රටේ ආර්ථිකයත් ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනේ. විපක්ෂය අපිට භාර දුන්නෙත් වැටුණ ආර්ථිකයක්. මෙයට මුහුණ දීම සඳහා අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ජා කරමින් කොවිඩ් 19 පාලනය සඳහා එන්නත්කරණ කටයුතු කඩිනම් කරන්න උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම සංචරණ සීමා ආදිය පැනවීමට කටයුතු කරලා තිබෙනවා. රටේ බහුතරයක් ජනතාව දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මේ වසංගතය පාලනයට සහාය දක්වනවා. අපිට මතකයි යුද්ධය වේලාවෙදී අපේ ජනතාව කොපමණ කැපවීමක් සිදු කළා ද කියලා. ඒ වගේම මෙම ව්‍යසන අවස්ථාවේදීත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ජනතාව තම යුතුකම ඉටුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලට සහය දක්වයි කියලා අපිට විශ්වාසයි.

අද විපක්ෂයට තියෙන්නේ රාජපක්ෂ බියක්. බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වුනාම විපක්ෂය විවිධ විවේචන ඉදිරිපත් කරනවා. එතුමා විදෙස්ගත වුනත් අදාළ කාර්ය සාධක බලකායෙන් පැවරී තිබෙන වගකීම් සම්බන්ධීකරණය සිදු කරමින් සිටිනවා. එතුමා සිය කාර්යයන් අවසන් කරගෙන ලංකාවට එනවා. ඒ නිසා විපක්ෂය ඒ පිළිබඳව කලබල විය යුතු නැහැ. අද විපක්ෂය බලයේ සිටියානම් කොවිඩ්වලින් පමණක් නෙමේ මේ රටේ ජනතාව කුසගින්නේ මියැදෙන තත්ත්වයකට රට පත්වන්නට ඉඩ තිබුනා. විපක්ෂය කියන විදියට අපි රටේ සංවර්ධනය නතර කරන්නේ නැහැ. රටත් ජනතාවත් ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කාර්යයන්ද ඉදිරියට ගෙන යන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කරයි.

– Media Unit

9,893 views

30 Comments to “අද විපක්ෂය බලයේ සිටියා නම් කොරෝනාවලින් පමණක් නෙමේ කුසගින්නෙන්ද ජනතාව මැරෙනවා..”

  1. මීගමු කොල්ලෝ says:

    පුරාජේරැ, ගොං මෝඩකතා නොකියා මිනිස්සු මැරෙණ එකයි, කෝවිඩි පැතිරෙන එකයි වලක්වාගන්න ක්‍රමයක් බලපං. දැන්නමි මිනිස්සු උඹලගෙ බොරැවලට රැවටෙන්නෙ නෑ. පාස්කු ප්‍රහාරයට හලපු කිඹුල් කඳුළුවලට රැවටෙන්නෙත් නෑ. මිනිස්සුන්ට කන්න නෑ. රෝහල්වල බෙහෙත් නෑ. සෞඛ්‍ය බලධාරීන්ම කියනවා තත්ත්වය උග්‍රවෙලා කියල.උඹ කටයි පුපයි දෙකම වහගෙන කුඩුටිකක් විකුණාගෙන හිටපං. තොපිට ජාති ජාතිත් පලදෙනව යකෝ මෙි රටෙි මිනිස්සුන්ට දෙන දුක් වෙිදනාවලට.

  2. Kalana says:

    මේ බල්ලව බැඳලා දාන්න, මොන පරයද මුට චන්දෙ දුන්නේ, ගෙවපල්ලා තොපේ ජිවිත වලින් එහෙනම්.

  3. Chin chan says:

    අනිවා එයාලගෙ අලුත්ම කතාව තමයි සජිත් හිටියානම් ඉන්දියාව වඩා අපි කොරෝනා රෝගින් අතින් වැඩි කියලා….අපේ රටෙන් 90% මැරුනත් කියන්නේ සජිත් හිටියානම් 100% මැරෙනවා කියලා…..අම්මපා වහල්කමේ සීමාවක්.නැහැ ….යකෝ සජිතුයි අනුරයි නෙවෙයිනෙ මේ රට කරන්නේ…..බලය ගත්තු උන් හරියට කරපන්කො නිකන් මේ වෙන උන්ට බැන බැන යන්නේ වට්ටි අම්මලා වගේ….

  4. Banda says:

    Kudu gahala tharuna geevitha keeyaknam vinasa venna athida ?

  5. On The Spot says:

    මේ සෑම දෙයටම විපක්‍ෂය වග කිව යුතු නම් ආණ්ඩු පක්‍ෂයක්,ආණ්ඩුවක් කුමකටද​?තමන් ඉන්නා තැනවත් නොදන්නා එකෙකු මේ කියවන්නේ මොනවාද​/

  6. 3% ට බය බයියා. says:

    විරුවා හොදට කරගෙන යනවා බං.ඊ ලග පාර ෂුවර් .

  7. RED BULL says:

    අද ඒගොල්ලො බලයේ ඉටියා නම් ඔක්කොම ඉවරයි.අපි ඒ ගා ගලෝල වෙන තැනකින් ඉටෝල පාරත් ඇදුව​.අපි ඒමයි අරිද​?ඒම කරන්න බැරි නම් මේම කරනව අරිද​?

  8. MD says:

    සජියගේ රනිලගේ යහපාලනේ තිබුණනම් කෝරෝනා වලින් පස් දෙනෙක් හිටපු ගෙදර දෙන්නෙක් ඉතුරුවෙනකොට දෙන්නෙක් හිටියානම් ඵ් ගෙවල් වහලා ගසුත් පැලවෙලා ඇති.දුක්කේ අනිච්චෙ

  9. maddumaraala says:

    රාජපක්ෂලා ලංකාවටම කෙලින් ඉන්න බැරි වෙන්න ගුද සංසර්ගය කරලා තියෙද්දී මේ කාලකන්නි චරිත තවත් කට කියවනවානේ.

Main News