මුල්ලිවයික්කාල් යුද සැමරුම් අධිකරණ තහනම සංසෝදනය වේ… කොන්දේසි සහිතව සමරන්න අවසර…

May 18, 2021 at 1:20 pm | lanka C news
මුල්ලිවයික්කාල් යුද සැමරුම් අධිකරණ තහනම සංසෝදනය වේ… කොන්දේසි සහිතව සමරන්න අවසර…

මුලතිව් මුල්ලිවයික්කාල් යුදසැමරුම් සඳහා පනවා තිබූ අධිකරණ තහනම් නියෝගයන් සන්සෝධනය කොට කොන්දේසි දෙකක් මත සැමරීමට මුලතිව් අධිකරණය විසින් අවසර ලබා දී ඇත.

නීතීක්ඥ ඇන්ටන් පුනිදනායගම්, මුලතිව් හිටපු පලාත්සභා මන්ත්‍රී රවිහරන් ඇතුලු පිරිසක් විසින් අතුරු මෝෂමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් පනවා තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් තහනම් නියෝගය සංසෝධනය කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා නියෝග කරනු ලැබීය.

මේ අනුව පවතින කොරොණා අවධානම හමුවේ නිකුත් කොට ඇති සෞඛ්‍ය නීතිරීතීන් ආරක්ෂා කරමින් නිරෝධායන නීති කඩ නොකරන ලෙසටත් යුද සැමරුම් සිහිපත් කිරීමේදී මිය ගිය ත්‍රස්ත නායකයින්, ත්‍රස්ත සංවිධානයක් හෝ ප්‍රසිද්දියේ සිහිපත් නොකරන ලෙසට යන කොන්දේසී දෙක ආරක්ෂා කරමින් මුල්ලි වයික්කාල් සැමරුම් සිදු කිරීමට හැකි බවටය.

පසුගියදා මුලතිව් පොලිස් ස්ථාන 07 ක් මගින් මුල්ලි වයික්කාල් යුද සැමරුම් සිදුකිරීමට සූදානමින් සිටි පුද්ගලයින් 32 දෙනෙකුට එරෙහිව අධිකරණ තහනම් නියෝගයන් ලබාගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,140 views

5 Comments to “මුල්ලිවයික්කාල් යුද සැමරුම් අධිකරණ තහනම සංසෝදනය වේ… කොන්දේසි සහිතව සමරන්න අවසර…”

  1. dev says:

    yudden marune umbalage daruwo wenna athi
    ekata pinak dhamak karaganilla eth prawesam weyam ehe deshapaluwangen un ape ewuntath wada hadda jara set ekek.

  2. තිස්ස සර් says:

    අයියෝ ළමයිනේ සර්ගේ XL පැම්පර්ස් එකෙන් එලියෙත් එක්ක..අනේ අපේ ළමා කාලයේ වීරයට වෙච්ච දෙයක්.

  3. P K K පද්මනාදන් says:

    Good . Democracy is in action. Government realised they have no future without minority support by their own will.

  4. සුබී says:

    බයියනේ මෙන්න මෙහෙ වරෙව් … මෙන්න මෙතන සමරනව කොටී… යහපාලනය කාලෙ උනානම් බලන්ට තිබ්බ කට්ටියගෙ හැටි…

  5. විරු සැමරම says:

    ජයවේවා…ඉතිහාසයේ පළමු වතාවට මහා විරු සැමරුම අධිකරණය පිළිගනී

Main News