කොරොනා මැද ආර්ථිකය..- මහ බැංකු ලොක්කන් අගමැති හමුවේ…

May 22, 2021 at 2:28 am | lanka C news
කොරොනා මැද ආර්ථිකය..- මහ බැංකු ලොක්කන් අගමැති හමුවේ…

රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම හා මග පෙන්වීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 21 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා, මහ බැංකුවෙන් ඉටුවිය යුතු කාර්යය භාරය නොපිරිහෙළා ඉටු කරන්නැයි උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන්වන ටී.එම්.ජේ.වයි.ටී ප්‍රනාන්දු, කේ.එම්.එම් සිරිවර්ධන,එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී නානායක්කාර,  ආර්ථීක පර්යේෂණ අධ්‍යක්ෂ, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

26,927 views

7 Comments to “කොරොනා මැද ආර්ථිකය..- මහ බැංකු ලොක්කන් අගමැති හමුවේ…”

  1. Chandima says:

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතා අවශ්‍ය නැද්ද ? ආ!!! සමාවෙන්න, යෝෂිත මහත්තයා ඉන්නවා නේ.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අගමැතිතුමෙකුත් රටට ඉන්නව කියල පේන්න මේ වගේ එකක්කත් ඕගනයිස් කරන එක ලොකු දෙයක්

    • පොඩි එකා says:

      ඔව්,
      පණ පිටිං එම්බාම් කරවගත්තු,
      ඉදිමිච්ච,
      හිටගන්ඩ පණ නැති,
      පුටුවෙ ඉඳගෙන ආණ්ඩු කොරන,
      දැං මැරෙයි දැං මැරෙයි කියලා බලන්ඩ බය හිතෙන,
      වහුපැටියෙක්ට ඇමතිකමක් දීපු,
      අයිසිං කේක් එකක් පෙළවහට ඇන්න ඉන්න
      මැරෙන්ඩ ලෝබකමට එල්ලිලා ඉන්න
      ලක් දෙරණේ බහිරවයා.
      මිනිස්සුන්ටපේන්ඩ ඉන්ඩත් එපෑ.

  3. Samitha himi says:

    Thopa rahasin thaba gena ethi aseemitha
    janathaa mudal apasu dunnoth rata pibidenawa merenawamayi

  4. Stay Updated says:

    ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ නව අවදියක් අරඹවමින් ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශ කර දණ ගහන තැනට ඊශ්‍රායලය පත්විය.මෙය ඊශ්‍රායලයේ ‌දෙමව්පියන් වන බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ලෝකයේ ප්‍රගතිශීලි බලවේග හමුවේ ලැබූ පරාජයකි.බයිබලයේ කතාවක දාවිත් ගෝලියාත්ට සිහිසුුන්ව ඇද වැටෙන්නට එල්ල කල ගල් පහර අද පලස්තීනුුවන් ඊශ්‍රායල් හමුදාවට එල්ල කර ඇත.
    ඩොලර් බිලියන ගනනක වියදමින් බටහිරින් ඇටවූ Iron Dome හෙවත් යකඩ පියස පලස්තීනුවන් එල්ල කල ගල්, home made රොකට්,ඉරාන ඩ්‍රෝන හා රුසියානු “කර්නේත් යුදටැංකි නාශක” මිසයිල කීපයක් හමුවේ පරාජය ලබා යල් පැන ඇත.
    ශ්‍රී ලංකාවේ ‌ප්‍රගතිශීලී යුක්තිගරුක අධිරාජ්‍යවිරෝදී ජනතාව කවදත් පලස්තීන ජනතාවගේ නිදහස් සටනට ආශිර්වාද කලෝය.ලාංකිකයන් පලස්තීන ජනතාවට දක්වූ සහයෝගයේ ප්‍රතිඵලයක් ‌ලෙස මහින්ද රාජපක්ෂ නමින් පලස්තීනයේ මාවතක්ද නම්කර ඇත.

  5. N.Wimaladasa says:

    We are working towards new height of Economy in 21st century which that political -economic order wanted to shifted earliest possible date. Result of Covid 19 Development strategies has change to be promoters are classes of parasites economy change into Production means of development by GR concept is viable one.
    The issue of Economy and financial are more complex than previous changes,

  6. N.Wimaladasa says:

    We are working towards new height of Economy in 21st century which that political -economic order wanted to shifted earliest possible date. Result of Covid 19 Development strategies has change to be promoters are classes of parasites economy change into Production means of development by GR concept is viable one.
    The issue of Economy and financial are more complex than previous changes.
    1 Financial services will come into being not that so soon.
    2 But production of agriculture and industries cannot be achieved by overnight
    3 While ongoing production of revitalization to be act promptly by State and Private sectors .
    New reform planned needed to map out by State leadership is the driving force key player of ongoing development .

Main News