රට පුරා අන්තර්ජාලය මන්දගාමී වේ.. නිවසේ සිට වැඩි කොට උඩ..

May 25, 2021 at 3:50 pm | lanka C news
රට පුරා අන්තර්ජාලය මන්දගාමී වේ.. නිවසේ සිට වැඩි කොට උඩ..

මේ දිනවල අන්තර්ජාල සේවාවන්හි වේගයන් මන්දගාමී වීමක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත. මේ හේතුවෙන් මාර්ගගත ක්‍රමයට නොහොත් අන්තර්ජාලය හරහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සදහා සහභාගී වන පිරිස්, work from home සංකල්පය යටතේ නිවසේ සිට අන්තර්ජාලය හරහා ආයතනික වැඩකටයුතු කරන පුද්ගලයින් මහත් අපහසුතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත.

ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් සියල්ල සදහා සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මින් පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කණගාටුවට පත්වෙමු.

ආර්ථිකය නගාසිටුවීමට ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදා ගැනීම රජයේ වගකීමක් වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන අතර ඒ සදහා අත්‍යවශ්‍ය වන වේගවත් අන්තර්ජාල පහසුකම් ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම, අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කිරීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වගකීමක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්වාස කරන්නෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

56,230 views

19 Comments to “රට පුරා අන්තර්ජාලය මන්දගාමී වේ.. නිවසේ සිට වැඩි කොට උඩ..”

  1. චන්ද දායක says:

    චයිනා ටෙලිකොම් එකට දුන්න නම් හරි.

  2. vimal says:

    ko me sir maha lokuwat kiyane inne database information techology cana aduma gane beheth vidina polimawath hari yata kereganne bari me miniha kohomeda ratak keranne.

  3. Sumudu says:

    සියළු වාණිජ ණය පොළී ඉදිරි මාස 6ට කාපා හරින්න

    • කරු says:

      පුළුවන්. බැංකුවල සල්ලි දාල තියෙන එවුනුත් ඒ මාස 6 ට උන්ගෙ සල්ලිවලට පොලිය එපා කියනව නම්.

  4. Ravi k says:

    Elon musk ge new project eken denawa speed internet .
    Device eka Amazon eken genalla .subscribe karapalaa.

Main News