රට පුරා අන්තර්ජාලය මන්දගාමී වේ.. නිවසේ සිට වැඩි කොට උඩ..

May 25, 2021 at 3:50 pm | lanka C news
රට පුරා අන්තර්ජාලය මන්දගාමී වේ.. නිවසේ සිට වැඩි කොට උඩ..

මේ දිනවල අන්තර්ජාල සේවාවන්හි වේගයන් මන්දගාමී වීමක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත. මේ හේතුවෙන් මාර්ගගත ක්‍රමයට නොහොත් අන්තර්ජාලය හරහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සදහා සහභාගී වන පිරිස්, work from home සංකල්පය යටතේ නිවසේ සිට අන්තර්ජාලය හරහා ආයතනික වැඩකටයුතු කරන පුද්ගලයින් මහත් අපහසුතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත.

ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් සියල්ල සදහා සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මින් පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කණගාටුවට පත්වෙමු.

ආර්ථිකය නගාසිටුවීමට ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදා ගැනීම රජයේ වගකීමක් වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන අතර ඒ සදහා අත්‍යවශ්‍ය වන වේගවත් අන්තර්ජාල පහසුකම් ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම, අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කිරීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වගකීමක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්වාස කරන්නෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

56,310 views

19 Comments to “රට පුරා අන්තර්ජාලය මන්දගාමී වේ.. නිවසේ සිට වැඩි කොට උඩ..”

  1. මෝඩ බයියා says:

    වාහන ගේන්න බෑ ඒ නිසා පයින් නැත්නම් ගොන් කරත්තෙක යමු ඉන්ටනෙට් නෑ ඒ නිසා ලියුම් ටෙලිරග්‍රෑම් යවමු.පී සී ආර් කරන්න සල්ලි නෑ ඒ නිසා පේන බලමු.එහෙම තමා හෙළයො ලෝකෙම ඉස්සරාට යද්දි අපි ආපස්සට.

  2. ඉක්කා says:

    TRC where are you. What are you doing. Intervene soon.That is your responsibility. Data connection and speed of some telcos are very weak.

  3. Mobitel -Robber says:

    ඒ ක නම් සහතික ඇත්ත. TRC එක මොබයිල් නම්බර් එක ඕනෙම නෙට්වර්ක් එකකට මාරු කරන්න හදනවා කියපු නීති කෝ !!

  4. ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් ! says:

    සර්ව ආගමික පූජ්‍ය / පූජක පාර්ශවයේ සියල්ලන්ගේම අවධානය පිණිසයි,

    මේ වන විට කෝවිඩ් වසංගතය වෙනුවෙන් වසරකට අධික කාලයක් මුළුල්ලේ ඔබගේ විශ්වාසයන් සහ ඇදහීම් අනුව කොරෝනා මර්ධනය වෙනුවෙන් ලවුඩ්ස්පීකර් මඟින් උදේ සවස යාඤා , පිරිත් , කවිබණ , ස්තෝත්‍ර විකාශය කල බැව් ඔබත් අපත් රටත් දනිමු. එහෙත් පන්සල් අවටත්, පල්ලි අවටත්, කෝවිල් අවටත් ජීවත්වෙන මිනිසුන් දිගින් දිගටම කොරෝනා රෝගයට ගොදුරු වීමත් එයින් මියයාමත් සිදුවේ. එබැවින් එම ක්‍රමය අසාර්ථක බැව් කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමු ! කරුණාකර තව දුරටත් උදේ සවස අහල පහල මිනිසුන්ගේ කන්බෙර පලමින් අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම දැන්වත් නවත්වන්න ! එය ශබ්ද දූෂණයකි ! පරිසර දූෂණයකි !

    සංචරණ සීමා පණවා ඇති බැවින් මේ දිනවල බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල කල්ගත කරති. මේ මහා ශබ්ද දූෂණය ඔවුන්ට මහත් හිරිහැරයකි ! එවන් සරල දෙයක්වත් තේරුම් ගැනීමට තරම්වත් බුද්ධියක් නැති පිරිසට නිවන මෙන්ම ස්වර්ගයද , මෝක්ෂයද බොහෝ දුර බැව් දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි !

    • Kapila says:

      උදර පෝෂණයට සිවුරු දා ගත්තවුන්ට එවන් සරල දෙයක්වත් තේරුම් ගැනීමට තරම්වත් බුද්ධියක් කරුණාවක් නැත්ද කියන එක තමයි මටත් හිතුනේ.

    • World says:

      පිරිත්වලින් ලැබෙන්නෙ ආශිර්වාදයක්.කවුද කිව්වෙ පිරිත්,යාඤා කලා කියලා කොරෝනා නැතිවෙන්නෙ නෑ.පිරිත් කියන හාමුදුරුවරුවරුන්ට,යාඤා කරන මවුලවිලට,ෆාදර්අලට උනත් කොරෝනා හැදෙන්න පුළුවන්.ලවුඩ්ස්පීකර්වලින් අපිට නම් කිසිම කරදරයක් නෑ.උබ නිරාගමිකයෙක්නම් වෙන රටකට පලයන්.මොකද ශ්‍රී ලංකාව තමා ලෝක තුන්වෙනියට ආගමික රට.ලංකාවේ 99% ආගමිකයි.

  5. ඩෙංගු මාරයා පරදවමු ! says:

    වැස්සත් එක්ක නැවත ඩෙංගු මදුරුවන් බෝවෙන්න පුළුවනි. ගෙදරටම වෙලා ඉන්න මේ දවස්වල තම තමන්ගේ වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කරගන්න. කොරෝනා වසංගතය අතරේ ඩෙංගු හැදුනොත් මාරම චාටර් එකක් කන්න වෙන්නෙ . ( දන්නවනේ මේ දවස්වල ඉස්පිරිතාලවල තත්වය )

  6. කොළඹ බයියා says:

    ඒජන්සියේ ඩිජිටල් පොරවල් නිදිද ?. රජයට මේ වෙලවේ සහයෝගය දෙන්නේ නැද්ද්? සැප ගන්නවද? පඩි මදිද? කයිය නවත්වලා වැඩ කොරන්ඩ. කතාව නම් දෝලාවෙන්,ගමන පයින්.

  7. සමනලයා says:

    කොරෝනාව එවනවා කියලා අවුරුද්දකටවත් කලින් වෝනිං එකක් දෙන්න තිබුනනේ … එහෙම උනානම් කලිං ලෑස්තිවෙලා ඉන්න තිබුනා … බල්ලට පොල්ලෙං ගැහුවා වගේ නේ මේක දුන්නේ …

  8. පාමල් නකා says:

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් ඕනෙම කොම්පැනියකට දේන පුළුවන් ඒත් උන් වවා ගෙන කනවා ,හැම තැනම තියෙන්නෙ හැම ඵකාම කරන්නෙ දුප්පත් මිනිස්සුන්ව හූරගෙන කන ඵක.අප්‍රේල් මාසේ ඉඳලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් දෙන්න කිව්වා …ඵක කොම්පැනියක් දුන්නද …ආණ්ඩුවේ කිිම නියෝගයක් උන් සතේකට මායිම් කරන්නෙ නැහැ…සර්ට උන් විහිළු කරනවා …ස පව් ඉතින්

    • Helaya says:

      KOi lokeda oi inne.. main service providers la dennama unlimited packages publish karala thiyenne.. ewa melo rahak nathi eka wenama kathawak.

      • ඇරියොත් ඇරියා says:

        ගෝත්‍රික අපතයො කොහෙද පකෝ නියම අන්ලිමිටඩ් දෙන්නෙ ,මොනවා දන්න පකෙක්ද මේ කොම්පැනිකාරයන්ට මුට්ටිය අල්ලන්නෙ….!

  9. කොන්ඩදෙණිය says:

    චීනු එක්ක එකතු වෙලා ට්‍රැක් කරන්න ටෙක්නොලොජි හදද්දි ඩේට ෆිල්ටර් වෙද්දි නිකන්ම ස්ලෝව් වෙනව දලොග් ඇතුළු දඩ කෑමක් හම්බ වෙන්න ඔන්න මෙන්න අනිත් පැත්ත නිකන් අරින්නෙ නෑ .

  10. අසේල says:

    Work from home විතරක් නෙවෙයි learn from home එකටත් පංසලේ ඉන්න පිං බත් බුදින්නාන්සේලා කෙලලා තියෙන්නේ.

    කෝවිඩ් පිස්සුව තද වෙලා ගේ ළඟම පන්සලේ දවසට 3 වතාවක් පිරිත් මහ හයියෙන්. 3 km විතර එහා තියෙන මහ පන්සලේ ස්පීකර් 30 ක් බැඳගෙන කෝවිඩ් එකයි වෙසක් එකයි දෙකම අල්ලලා (ඒකේ පැය ගණන වැඩියි, සද්දෙත් වැඩියි). පොඩි එකාට ඉගෙන ගන්න විධියක් නැහැ. මට රාජකාරියට අදාළ කෝල් ගන්න විධියක් නැහැ පංසල් දෙක ශබ්ධ දූෂණ තරඟයේ පළමු තැන ගන්න මාර සටනක් දෙන නිසා. හැබැයි ඊයේ වෙන කොට ගේ ළඟ පන්සලේ ප්‍රධාන දායකයටත් කෝවිඩ් බෝ වෙලා 😂😂😂😂😂

Main News