ශ‍්‍රී ලංකාවේ සංචාර නවතනු..- ඇමරිකාව සියළු ඇමරිකානුවන්ට දන්වයි.. කොරෝනා ව්‍යාප්තිය හා ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..

May 26, 2021 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ සංචාර නවතනු..- ඇමරිකාව සියළු ඇමරිකානුවන්ට දන්වයි.. කොරෝනා ව්‍යාප්තිය හා ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යාම කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම වහා අත්හිටුවන්නැයි ඇමරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකාවට ත‍්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවත් සංචාරකයන් ගැවසෙන ස්ථාන, සුපිරි වෙළඳසැල්, හෝටල්, ආගමික, ස්ථාන ගුවන්තොටුපළවල් ආදී පොදු ස්ථාන ත්‍රස්ත ඉලක්කය විය හැකි බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

මෙම තත්ත්වය මත හදිසි තත්ත්වයක් මතු වුවහොත් ශ්‍රී ලංකාවේ ඈත ප්‍රදේශවල සිටින ඇමරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපහසුතාවයන් පැන නගිනු ඇති බවත් ඒ අනුව ආරක්ෂාකාරී පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අත්හිටුවන ලෙසත් ඔවුන් දැනුම් දෙයි.

කෙසේ නමුත් මෙම දැනුම් දී නව ත‍්‍රස්ත අවදානමක් සම්බන්ධයෙන් සිදු කරන අනතුරු ඇඟවීමක් ලෙස වටහා නොගත යුතු බවද මෙම නව යාවත්නාලීන කිරීම සිදුකරන ලද්දේ පවතින කොරෝනා තත්වය නිසා බවත් පාස්කු ප්‍රහාරය සිදු වූ පසු ත්‍රස්ත කටයුතු ඇතිවිය හැකියැයි නිරතුරුවම ඇමරිකානුවන් දැනුවත් කළ බවද මේ ගැන අදහස් දක්වමින් කොළඹ තානාපති කාර්යාලය කියා සිටී.

46,372 views

18 Comments to “ශ‍්‍රී ලංකාවේ සංචාර නවතනු..- ඇමරිකාව සියළු ඇමරිකානුවන්ට දන්වයි.. කොරෝනා ව්‍යාප්තිය හා ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..”

  1. Amaris says:

    සංචාරක ව්‍යපාරය උච්චතම අවස්තා වලදී පවා ඇමරිකානුවෝ ලංකාවට පැමිනියේ නෑ. 30% කට වැඩි චීන සංචාරකයින් ලංකාවට පැමිනෙන විට ඇමරිකානුවෝ පැමිනියේ 1% ටත් අඩු සංක්‍යවක් .ඒ අයත් ඇමරිකානු පුරවැසි බාවය ලබා ගත් ශ්‍රී ලාන්කිකයෝ. චීන සංචාරකයෙක් වැය කරන මුදලින් අඩක් වත් ඇමරිකානුවෙක් වැය කරන්නේ නෑ. ලංකාවට රිජුව හා වක්‍රව අති විශාල විදේශ විණිමයක් ලැබෙන්නේ චීන සංචාරකයින්ගෙන්. මහා පරිමාන මැණික් සහ ස්වර්නාබරන අලවිකරන ආයතන ප්‍රමුකත්ව දෙන්නේ චීන සංචාරකයින්ට පමනයි. යුරෝපීය සංචාරකයෙක් ඩොලර් 100 ක් වැය කරන විට චීනුන් වැය කරන මුදල ඩොලර් ලක්ශ ගනන්. මේවා රජය පවා නොදන්නා දේවල්. බොරු බිල්ලෙක් මවා පාල චීනය ඈත්කිරීම ඉතා අනුවන ක්‍රියාවක්. සංචාරක ව්‍යපාරයට චීනුන් පමනක් පැමිනියත් ඉතා ප්‍රමානවත්. පෝට් සිටියට විරුද්ධව කතා කරන අභයාරාමයේ හාමුදුරුවෝ හොදටම දන්නවා චීන ජාතිකයින්ගේ වටිනා කම .

    • ශිරා says:

      ගොන් හරකෝ ලංකාවේන් විදේශයන්ට අපනයන කරන දේවල් වලින් 50% ට වඩා මිලදිගන්නේ ඇමරිකාවෙන්.

      චීනයෙන් ලංකාවට ආනයනය කරනවා විතරයි.

      ආනයන අපනනය සංසන්දනය කරාම ලංකාවට වැඩිම ආදායමක් එන්නේ ඇමරිකාවෙන්.

      තොපි ඔච්චර පුප චීනෙට දෙනවනම් බැසිල් ලොක්කත් එක්ක ගිහින් චිනේ පුරවැසි කම ඉල්ලපන්

      • Sude says:

        හරියට භාශාවක් හසුරුවා ගන්ඩ බැරි උබල වගේ ලිංමැඩි කාලකන්ණි අපතයෝ ඉන්නකම් රටට අබසරනයි.

    • කපිල සුරංජිත් says:

      පහුගිය අවුරුදු 15 ටම ලංකාවට ආවෙ ඇමරිකන් සංචාරකයෝ තුන් දෙනයි. ඒ තුන් දෙනා එකම පවුලෙ. එයින් එක්කෙනෙක් ලංකාවෙ ජනාධිපති වුණා.

  2. supipi says:

    ඊයේ ඇමෙරිකාව ජපානයටද සංචාරක තහනමක් පැනෙව්වා.. මාධ්‍ය වාර්තාකරන්නෙ මේක ලංකාවටම හිතලම ගැහුව වගේනෙ.

  3. Mangala says:

    තොපිල තමා ත්‍රස්තවාදි රට කන හැත්ත

  4. ගොන් බයියා says:

    දැන් තමා තේරුණේ බැසිල් ස`ර් ඇමෙරිකාවටම ගිහින් එහෙ ගෙදර ඉන්න ගත්තු විශිෂ්ඨ වැදගත් තීරණය සදාකාලීනව වැදගත්, තිරසාර, ආරක්ෂිත, මනස්කාන්ත, සිත් ඇදගන්නා, වේදනාකාරී නොවෙන එකක් බව…