ශ‍්‍රී ලංකාවේ සංචාර නවතනු..- ඇමරිකාව සියළු ඇමරිකානුවන්ට දන්වයි.. කොරෝනා ව්‍යාප්තිය හා ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..

May 26, 2021 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ සංචාර නවතනු..- ඇමරිකාව සියළු ඇමරිකානුවන්ට දන්වයි.. කොරෝනා ව්‍යාප්තිය හා ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යාම කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම වහා අත්හිටුවන්නැයි ඇමරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකාවට ත‍්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවත් සංචාරකයන් ගැවසෙන ස්ථාන, සුපිරි වෙළඳසැල්, හෝටල්, ආගමික, ස්ථාන ගුවන්තොටුපළවල් ආදී පොදු ස්ථාන ත්‍රස්ත ඉලක්කය විය හැකි බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

මෙම තත්ත්වය මත හදිසි තත්ත්වයක් මතු වුවහොත් ශ්‍රී ලංකාවේ ඈත ප්‍රදේශවල සිටින ඇමරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපහසුතාවයන් පැන නගිනු ඇති බවත් ඒ අනුව ආරක්ෂාකාරී පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අත්හිටුවන ලෙසත් ඔවුන් දැනුම් දෙයි.

කෙසේ නමුත් මෙම දැනුම් දී නව ත‍්‍රස්ත අවදානමක් සම්බන්ධයෙන් සිදු කරන අනතුරු ඇඟවීමක් ලෙස වටහා නොගත යුතු බවද මෙම නව යාවත්නාලීන කිරීම සිදුකරන ලද්දේ පවතින කොරෝනා තත්වය නිසා බවත් පාස්කු ප්‍රහාරය සිදු වූ පසු ත්‍රස්ත කටයුතු ඇතිවිය හැකියැයි නිරතුරුවම ඇමරිකානුවන් දැනුවත් කළ බවද මේ ගැන අදහස් දක්වමින් කොළඹ තානාපති කාර්යාලය කියා සිටී.

46,416 views

18 Comments to “ශ‍්‍රී ලංකාවේ සංචාර නවතනු..- ඇමරිකාව සියළු ඇමරිකානුවන්ට දන්වයි.. කොරෝනා ව්‍යාප්තිය හා ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..”

  1. Sanka says:

    They have issued the same warning for travellers to Japan as well… nothing about terrorist attack.. warned about Covid 19.

  2. sama says:

    UNGE ISIS daalama thama Game eka denne

  3. මෝඩ බයියා says:

    උන් ඔහොම නෙමේ කොහොම කිව්වත් කටක් ඇරල මුකුත් කියන්නෙ කොහොමෙයි අපේ ලොකු සර්ලගෙ ගෙවල් දොරවල් එහෙ.එක්කෙනෙක් දැනටත් එහෙ ගමරට ගිහින්.හාම්පුතාගෙ මහගෙදරට හූ කියන නීච වහලෙක් වෙන්න බෑ

  4. Rankith says:

    Biased as usual from America.

  5. Dingiri says:

    USA is the biggest terrorist in the world. They created ISIS. Any terrorist attack in Sri Lanka it will be carried out by CIA trained terrorists. The reason is the port city.

  6. දුටුගැමුණු says:

    ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරලා කල් ඇතුවම අපිට දැනුම් දෙනවා කොච්චර හොඳ දෙයක් ද බලන්න එයාලා කරන්නේ ?
    ප්‍රහාරයේ පලමු දිනයේදී ම චීන හමුදාව ශ්‍රී ලංකාව ට ගොඩ බැසීමට සියලු කටයුතු සූදානම් !!!

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    රට රකින විරුවා ඉන්නකම් ඒවා කොහේද ?

  8. Barikasil says:

    Now Barikasil can’t return to SL at last for a while thank you America for saving us

  9. Alapaluwa says:

    අනියමින් ශී ලංකාව පාලනය කරන ඇමෙරිකානු ඔත්තුසේවා නිලධාරියා සියරට ගොස් දෙනලද ආරක්ෂක උපදෙස්

    • ශිරා says:

      බැසිල් සර් ගැන නේද මේ කියන්නේ.

      අහ් නෑ එහෙම සර් ගැන නේද

  10. බැරි සිල් says:

    ඒකනෙ.
    මං තකහනියෙ ගෙදර දුවං ආවෙ.
    හප්පා….බයට හුජ්ජ පෙරි පෙරි මං
    එයාපෝට් එකේ දුවව්වෙ.

    ජංගිය මාරු කරගන්න ඕනෙ ඉක්මනට.

Main News