කොත්මලේ වේල්ල අසල මාර්ගය ගිලා බසී…

May 26, 2021 at 12:40 pm | lanka C news
කොත්මලේ වේල්ල අසල මාර්ගය ගිලා බසී…

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් (26) දින ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම ගිලා බැසිම ජලාශ වේල්ලට මිටර් කිහිපයක් නුදුරින් කොත්මලේ හරංගල හරහා නාවලපිටියට පිවිසෙන මාර්ගයේ ස්භාවික ඇලක් හරහා ඉදි කර තිබෙන බොක්කුවක් ගිලා බැස ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.

(26) දින අලුයම 5 ට පමණ ගිලා බැස ඇති බවත්, ගිලා බැසිම හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ලට කිසිදු හානියක් හෝ අවධානමක් නොමැති බවත්, ගිලා බැස ඇති ස්ථානය පිලිසකර කිරිමට කටයුතු කරන බවත්, එතෙක් ජලාශ වේල්ල හරහා රථ වාහන ධාවනයට අවසර ලබා නොදෙන බවයි කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,096 views

5 Comments to “කොත්මලේ වේල්ල අසල මාර්ගය ගිලා බසී…”

  1. sunimal says:

    එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

  2. කැලණියේ නයා says:

    බයිසන් කොල්ලනේ සුබ කාලෙ ඇවිල්ල තියෙන්නෙ චාන් චූන් සුන්

    • කැළණීයේ නයාගේ ගෑනි says:

      අපේ මිනිහට අමිබානක පිස්සු තදවෙල මෙි ඔල්මාද කතා ගනන් ගන්ඩ එපා. ලගදි චින ලොල්ලෙකුත් සොටි එකදිලා

  3. රාගම වීරමුනිද සොයිසා says:

    sand boiling..!
    poor pre investigations prior to constructions

  4. King Bull says:

    අවදානම් සීමාව තුල ටෙලිෆෝන් කෝල් ගන්න බූරුවෙක්ගේ ඡායාරූපයක් .

Main News