සංචාරණ ලිහිලෙන් වෙලදුන් ගිණි ගනනට විකුණා පාරිභෝගිකයන් සූරාකයි… අධිකාරියට චෝදනා…

May 27, 2021 at 8:40 am | lanka C news
සංචාරණ ලිහිලෙන් වෙලදුන් ගිණි ගනනට විකුණා පාරිභෝගිකයන් සූරාකයි… අධිකාරියට චෝදනා…

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීය යෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා,
සභාපති,
පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීය,
පාරිභෝගික කටයුතු අධිකාරිය,
කොළඔ 02.

සභාපතිතුමනි,

මාධ්‍යට කයිවාරු ගැසීම නවතා පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස නිළධාරීන්ට දැනුම් දෙන්න.

සංචාරණ සීමා ලිහිල් කල පසුගිය 25 වන දින පාරිභෝගිකයින් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා වෙළදසැල් වෙත ගිය අතර එහිදී වෙළදසැල් හිමියන් විසින් පාරිභෝගිකයින් ගසාකෑ අන්දම අප සංවිධානයට වාර්තා විය. පාරිභෝගිකයාගේ ආදායම අඩුවී ඇති මෙම අවස්ථාවේ අතේ ඇති මුදලට වැඩියෙන් භාණ්ඩ මිලදී ගැනීම පාරිභෝගිකයාගේ අරමුණවුවද එම අවස්ථාවේ පවතින නීති රීති උල්ලංඝණය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළදසැල් හිමියන් විසින් භාණ්ඩ අලෙවිකලද ඔබ අධිකාරියේ නිළධාරීන් විසින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවට අපට වාර්තා නොවීය.

වෙළදසැල් ඉදිරිපිට දිගුවේලාවක් පෝලිමේ රැදී සිටින පාරිභෝගිකයින් වෙළදසැල වෙත ගිය පසු කුමන මිලකට හෝ භාණ්ඩ මිලදී ගැනීම සිදුකරන්නේ වෙනත් විකල්පයක් නොමැති බැවිනි. එම අවස්ථාවේ වෙළදසැල් හිමියා විසින් පාරිභෝගිකයා ගසාකයි නම් එහි වගකීම ඔබ ඇතුලු පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන් විසින් දැරිය යුතුය. විශේෂයෙන්ම ඔබ අධිකාරියේ නිළධාරීන්ගෙන් පාරිභෝගිකයින් ලෙස අප බලාපොරොත්තු වන්නේ මාධ්‍යයට කයිවාරු ගැසීමට වඩා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත උල්ංඝණය කරමින් පාරිභෝගිකයා ගසා කන වෙළදසැල් හිමියන්ට විරුද්ධව කටයුතු කිරීමයි. කෙසේ වෙතත් එදින සමහර භාණ්ඩවල පාලන මිල ඉක්මවා වෙළදසැල් හිමයන් විසින් පාරිභෝගිකයින් වෙත භාණ්ඩ අලෙවි කල අතර බොහෝ වෙළදසැල් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශණය කර නොතිබුණි.

ඔබ හා ඔබ ආයතනයේ නිළධාරීන් නඩත්තු වන්නේ මහජනතාවගේ මුදලින් බව අප අවධාරණය කරන අතර සංචරණ සීමා ඉවත් කරනු ලබන ඉදිරි දිනවල වෙළද සැල් හිමියන්ට පාරිභෝගිකයින් ගසා කෑමට ඉඩ නොතබන ලෙසත් පාරිභෝගිකයා භාණඩ මිලදී ගෙන රැගෙන යන්නේ විල් බැරෝවෙන්ද වාහනයේද යන්නට වඩා අපට වැදගත් වන්නේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවද ඔබතුමාට කරුණාවෙන් දැනුම්දෙමි.

ස්තුතියි

මෙයට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

18,280 views

10 Comments to “සංචාරණ ලිහිලෙන් වෙලදුන් ගිණි ගනනට විකුණා පාරිභෝගිකයන් සූරාකයි… අධිකාරියට චෝදනා…”

  1. Labudasa says:

    Lockdowns may save lives but they kill livelihoods. You cannot blame these people for with the current uncertainty they are trying to earn what they can when they can. Let them open their shops and do business, let people have limited mobility (with responsibility).

  2. ධර්මපාල තුමා says:

    රතන සුත්‍රය මට එන්නතට වඩා හොදයි
    ලොකේ සියලු තිරිසන් විද්‍යා අභිබවා ගිය ධර්මතාවයක් තියෙනවා. ඒ් තමයි පටිච්චසමුප්පාදය කොරෝනා ප්‍රතිසන්ධි විඤ්ඤාණයට හේතුව අතීත පින් පව් හා පින් පව් පවතින්නෙ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තිබෙන තුරු මේ ගනුදෙනුව තියෙනවා. සත්‍ය ක්‍රියාව පිළිබද අබමල් රේණුවක පැහදිමක් නැති රතන සුත්‍රය සත්‍යය ක්‍රියාවක් බව දන්නෙ නැති නාමමාත්‍ර බෞද්ධයන්ට නම් එන්නත හොදයි. මිට කපටි නැති එන්නත් ඔන්නෙ නැති කමල්.

  3. COOL says:

    එළවළු කඩ හුග දෙනෙක් ගසා කන්නෝ.හිතෙන් එකතූ කරලා හොර ගනන්දා මිනිසුන් ගෙන් ගසා කනවා.මෙවාට ක්‍රම වේදයක් හැදූවොත් නරකද පාලකයිනි.

  4. ධර්මපාල තුමා says:

    My dear Indian and Napalians
    You love your teacher Kamal his approach for Corona something else. It is chanting of Rathana Suthraya who belong to my quality and my teacher Kiribathgoda monk quality. But you love your teacher aspiration and Buddhist solution. History repeated itself. In Vesali chanting Rathana suthraya should be started idiot Modi. This from your teacher and King of Magada Ajasatta. But now I believe Sinhalese are greatest but should be undergo surgery of dhamma.

  5. LalithM says:

    වෙන දේවල් නොවෙයි කීයකට හරි විකුණන්න බැරිව ආර්ථික මධ්‍යස්ථාන වල වීසි කළා කියන එලවලු නම් ගම්පහ පැත්තේ ගිනි ගානට වික්කා. ඒක ගන්න කොට පොලිස් මහත්මා කෙනෙක් ඇවිත් කුනුහරුප කියලා එලෙව්වා. අනේ මන්දා ඉතින්.

  6. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    දැන් ෂැපද ………….

  7. බය ගෝතාට රෙද්දක් ජාතික පෙරමුණ says:

    කෝ අජ්ත් රෝහණ. මේවා පේන්නේ නැද්ද ? ඇයි පූට්ටු හෙන්චියන් දැක්කම කලිසම තෙමෙනවද ? කෝ නීතිය.

  8. Siribiris says:

    දේශපාලනය පිළිබඳ අබමල් රේණුවක මොළ කළඳක් නැති මීහරක් දේශපාලනය කිරීමට යාමේදී ඔය වගේ දේවල් වලට මුහුණ දීමට සිදුවේ . ඡන්දය දුන් ඇට නම ලක්ෂයට පමණක් නොව අනෙක් අයටත් එකසේ විඳ වීමට සිදුවී ඇත. ්‍රී ලාංකික මහජනතාවගේ දේශපාලන සාක්ෂරතාව හා බුද්ධිය වර්ධනය වන තුරු බලා සිටිමු…….

  9. Putha says:

    Sadaya withrai wadak na. ParibogikayawA hoka kala.

  10. පස්වෙනි සරත් says:

    විශ්‍රාමික සාන්ත ගෙන් කන පලා ගන්න හිතිලා වගේ

Main News