කොරෝනා ආසාදිතව රෝහලේ සිටින සජිත්ගෙන් නිවේදනයක්..

May 29, 2021 at 8:40 am | lanka C news
කොරෝනා ආසාදිතව රෝහලේ සිටින සජිත්ගෙන් නිවේදනයක්..

කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වෙමින් ඇති නෞකාව පිළිබඳව ඔහු මෙම නිවේදනයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

එකී සම්පූර්ණ නිවේදනය මෙසේය.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත‍්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමු. එක්ස්ප‍්‍රස් පර්ල් නැව මැයි මස 10 වැනිදා ඩුබාහි ‘ජෙබෙල් අලි’ වරායෙන් නයිටි‍්‍රක් ඇසිඞ් මෙටි‍්‍රක් ටොන් 25 ක් ඇතුළුව බහාලූම් 1486 ක් පටවාගෙන ඇති බවත් ශ‍්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈත අරාබි මුහුදේ හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්න වෙත්ම බහාලූම් 2 ක නයිටි‍්‍රක් ඇසිඞ් කාන්දු වන බව නැවේ කාර්ය මණ්ඩලය සොයාගෙන ඇති බවත් පැවසේ. ඇසිඞ් කාන්දුව වාර්තාවීමත් සමඟ නැව කටාර් ප‍්‍රදේශයේ Hamad වරාය වෙත යෑමට උත්සාහ කොට ඇති අතර, ඇසිඞ් කාන්දුව නිසා වරායට ඇතුළුවීමට කටාර් රාජ්‍ය අවසර දී නැත. එවන් තත්ත්වයක් තුළ මෙවැනි අවදානම් සහගත නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ. එසේ නම් ඊට අවසර ලැබුණේ කෙසේද? කාගෙන්ද? යන බරපතළ ප‍්‍රශ්නය මේ වනවිට පැන නැගී තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?

අදාළ ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුළු සමස්ත පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව වාර්තාවේ. ‘එකස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ඉන්දියාවේ සහ කටාර්හි වරායන් දෙකකට ඇතුළු වීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප‍්‍රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර මේ සිදුවීම හරහා පැන නගින විශේෂ ගැටලූ කිහිපයක් වෙයි.

විශේෂයෙන්ම මේ ගිනි ගැනීම හේතුවෙන් අදාළ සමුද්‍රීය කලාපයට දැඩි හානි සිදුවීමත් ඒ හේතුකොටගෙන සෘජු සහ ඇතුරු ප‍්‍රශ්න රැුසක් නිර්මාණය වීමත් නොවැළැක්විය හැකි කරුණකි. මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුවී ඇත. නෞකාවේ විෂ රසායන හේතුවෙන් මෙම මුහුදු තීරයන්හිදී අල්ලා ගන්නා ලද මසුන් ආහාරයට ගැනීම ද අනතුරුදායක බවට ද විශේෂඥ මත ඉදිරිපත්ව ඇත. කොරෝනා උවදුර නිසා මේ වනවිට ලංකාවේ ලක්ෂ 10 කට පමණ රැුකියා අහිමිව ඇති අතර නාවික අනතුර නිසා තවත් ලක්ෂයකගේ පමණ රැුකියා අවදානමට ලක්ව තිබේ. අදාළ නෞකාවට ඉන්දියාවෙන්ද බහාලූම් එක්කර ඇති බව පැවැසෙන අතර ඉන්දීය වෛරස් ප‍්‍රභේදය ද ඒ හරහා මෙරටට එක්වීමේ අවදානමක් ඇතැයි ද අනතුරු අඟවා ඇත. රසායන ද්‍රව්‍ය සහිත ඉන්ධන ගසාගෙන විත් මුහුදු තීරයට එකතුවීමෙන් ජලජ ජීවීන්, කොරල් පර හා අවට විශාල වායු ¥ෂණයක් ඇතුළු බරපතල හානි සිදුවිය හැකි බව විශේෂඥ මතයයි.

වායුගෝලයට විමෝචනය වන නයිට‍්‍රජන් ඔක්සයිඞ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමඟ මිශ‍්‍ර වීමෙන් නයිටි‍්‍රක් අම්ලය හෙවත් ඇසිඞ් වැසි ඇති වන ස්භාවයක් ගන්නා අතර එලෙස ඇති වන වායුව හේතුවෙන් අවට ප‍්‍රදේශවල ඇති ඇසිඞ් වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් විiාත්මක තත්ත්වයයි.

විශේෂයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර මත ආණ්ඩුවේම පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන අතර එය මේ සිදුවීම පිළිබඳව දැඩි සංකීර්ණතාවයක් ඇති කිරීමට හේතු වී තිබේ. අදාළ නෞකාව මෙරට සමුද්‍ර කලාපයට යාත‍්‍රා කළේ කාගේ අවසරය පිටද? නෞකාව මෙරට සමුද්‍රීය පද්ධතියට පැමිණෙන බව අදාළ පාර්ශ්වවලට විධිමත්ව දැනුම් දුන්නාද? ඒ සඳහා වගකීම භාරගන්නේ කවුද? සිදුවී ඇති පාරිසරික හානිය හේතුවෙන් අදාළ නෞකාව අයත් ආයතනය ශ‍්‍රී ලංකාවට කොපමණ වන්දියක් ගෙවිය යුතුද? හානිය තක්සේරු කරන්නේ කවුද? එම වන්දිය ලැබෙන බව විශ්වාසද? ඉකුත් සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකාවේ නැෙඟනහිර වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 38 කට එපිටින් නිව් ඩයමන්ඞ් නමැති නැව ගිනිගෙන විනාශ වූ අතර ඊට ඩොලර් බිලියන ගානක වන්දියක් දුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබීය. මුදල් පවා ලැබුණාද නැද්ද යන්න තවමත් නිශ්චිතව පවසා නැත. මේ සියලූ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා සත්‍ය හෙළිදරව් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

සජිත් පේ‍්‍රමදාස
විපක්‍ෂ නායක

47,731 views

23 Comments to “කොරෝනා ආසාදිතව රෝහලේ සිටින සජිත්ගෙන් නිවේදනයක්..”

  1. Appuhamy says:

    Can the Port Authority confirm or reject if there was a consignment of Ethanol on board to be unloaded in Colombo ?

  2. Simiyon says:

    ඉතින් පුතාණො, අපි මේ සියල්ල දන්නවනෙ…හැම ප්‍රවෘත්ති නාලිකාවකම ඔය ප්‍රශ්ණ අහනවා සහ ඔය කියන හානි වීම් ගැන පුන පුනා කියනවා.. ඔහේ නිකං යල්පැනල වගේ.. කට ඇරියොත් මෝඩ කතාවක් නැත්තම් පරණ කතාවක්!!

    අනෙක තමයි ඉංදියාවට යන්න ඉඩදුන්නෙ නැත්තං කොහොමද හලෝ ඉංදියාවෙන්ම බඩු පටවන්නෙ???? ඔය මෝඩ මොළේට තේරෙන්නෙ නැද්ද ඕක.

    හෙව්වොත් හොඳ නැද්ද වත්තල නාලක ජූඩ් හරීන් ගෙවල් පැත්තෙ රිංගන්නෙ ඇයි කියලා..

    • ඩලස් says:

      මේ වගේ ගොන් කතා නොකිය “හාල් කිය ද ? ලග දී පොල් කෑව ද ? ” කියල ඇහුව නම් හරි නෙ

      • කොම්පාස් කුහකයා says:

        හාල් පොල් ගනං නිසා ගමේ අපට අත මිට සරු වෙනවා… වී වැඩිමිලට ගත් නිසාත් අත මිට හොද උන…. උඹට ඉරිසියාද???කුහකයා

      • ඔඩ්ඩි යකා says:

        මේ පැඩ් ගොන්වාහේ පිලුන්වෙච්ච කතන්දර ඇදගෙන කුරෝලුවෙන්නමයි හදන්නේ, ලෙඩේ හොද කරගනින් මෝඩයෝ

    • Kumdhar says:

      මෙයාට වැළඳුණු COVID හොඳවෙනකම් ඉන්නේ නැතුව, මෝඩකම ආයෙත් පෙන්නනවා.
      මෙයා කියන්න කලින්, පරීක්ෂණ කටයුතු ආරම්භ කළා කියලා අපි news වලින් දැක්කා, ඇහුව.
      අනිත් එක, මේ කියලා තියෙන බොහෝ දේවල් අපි news වලින් දැක්කා, ඇහුව.

  3. 3% ට බය බයියා. says:

    කොටි නැව් ගිලපු රාජපක්ෂලාට ඕවත් වැඩ ද?

    • 3%ත් නැති ජෙප්පා says:

      අපි හිතන් හිටියේ නැවි ගිල්ලේ උඹගේ හාමු කුනුදතා කියලා. දන්න විදියට හොර කාලා නැවි 7ක් ගිල්ලලු

      • 3% ට බය බයියා. says:

        ඒවා රාජපක්ෂලා සල්ලි දීලා ගත්තලු

      • නිල් බලකාය says:

        ඇයි මැදමුලන හාමුලා සුද්ද වන්තයෝ ද තුන නැති ජෙප්පො .

        • 3ක් නැති ජෙප්පා says:

          ඒ රත්තරං අශ්වයා හොයන්ඩ මැදමුලනේ ලැටිවලට බැස්සේ උඹ නේද?

          • නිල් බලකාය says:

            ඩේසි ආච්චිගෙ මැණික් මල්ල හොයන්න ඒ බැස්සේ .

  4. සි.ර. ස පියානෝ says:

    මේ රසායනික දේවල් ගෙනාවේ මහරාජා කොම්පැණියේ
    ප්ලාස්ටික් පයිප්ප හා රුප ලාවන කර්මාන්තවලට.

  5. Ajith Kumara says:

    වෙනත් වරායන් දෙකකට ඇතුලු වීම තහන්ම් කලා නොව අදාල බහලුම් ගොඩබෑම/ පැටවීම කලද රසායනි ද්‍රව්‍ය ඉසිරුණ බහාලුම් ගොඩ බෑමට ඒ ඒ අවසර නොලැබුනි…ලංකාවට ගොඩබෑමට/ පැටවීම බහාලුම් මෙහි තිබින එම නිසා මෙය ලංකා වරායට පැමිනීමට
    සැලසුම් කර තිබූ එකකි,….. තවද එම ඉහිරුන රසායනික භාලුම් ලංකාවෙ ගොඩබෑමට අවසර දී හෝ ඉල්ලීමක් ඉදිරිපවී හෝ නිල වශයෙන් දැනුම් දී ඇත්ද තවම හෙලිවී නැත….

  6. ගොන් වාහේගේ ගොන්කම වැඩිවෙලා. පෙර ආත්මයක පුදුම පාපයක් කරලා ඇති මේ තරම් මෝඩකමක් ඇග පුරා දුවන්න.

    • narada says:

      වෙන ආත්මවල නොවෙි මෙි ආත්මයේම කල පවි තමා. නිදන් සාපේ. ඇත්තු ගැබිබර ඇතින්නියො මරපු සාපෙම මදිද? පවිලම නැති බංගස්තාන උනා. නංගිගේ ලමයි මන්දමානසිකයි. මෙයාට ඊලග පරපුරක් නෑ ,පියනෝ මහමග කැලි කැලිවලට කැඩලා අපායට සැපත් උනා මෙයා ජෝකර් කෙනෙක් උනා කරැමෙි තමා..

  7. සකු says:

    රෝහලේ සිට මේ වගේවත් කතා කරේ නෙත්නම් කෙලවෙනව.
    පාට්ලි චම්පික වෙඩ පටන් අරන් තියෙන්නෙ කොයි වෙලේද දන්නෙ නෙහෙ විපක්ෂ නායක කම නෙතිවෙන්නෙ

  8. kamal says:

    හානේ මුගේ ගොන් කතා…. මේ කොරෝනා හැදිල ඉන්න වෙලාවේව…… රටට විපත් වෙලා තියෙන කොට මූට ඒකත් දේශපාලනේට ගාවාගෙන තම්පුලන නාම්බා…

  9. Duminda says:

    කවුද මේ ටික ලියලා දුන්නේ කියවලා බලලා ද මාධ්‍යයට දැම්මෙ

  10. Sura says:

    කොරෝනා වලින් දේශපාලන වාසි.ගන්න ගිහිල්ලා ඇණගත්තා මදිවට ගිනිගත්ත නැවෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා.
    පව්. මුං පත්වෙලා ඉන්න දේශපාලන බංකොලොත් භාවය ගැන දුක හිතෙනවා.