සයිනොෆාර්ම් වලකා තුන්වැනි රැල්ල හැදූ පුද්ගලයාම ස්පුට්නික්ට කොක්ක දායි… හතරවැනි රැල්ලක් පතයි.. පසුපස කිඹුලා..

June 3, 2021 at 12:02 am | lanka C news
සයිනොෆාර්ම් වලකා තුන්වැනි රැල්ල හැදූ පුද්ගලයාම ස්පුට්නික්ට කොක්ක දායි… හතරවැනි රැල්ලක් පතයි.. පසුපස කිඹුලා..

ජුනි මස 2 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ චීන රජයෙන් නොමිලේ ලබාදුන් සයිනොෆාර්ම් භාවිතා කිරීම පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය නිසා මාස ගණනක් ප්‍රමාද වූ බවයි.

ඒ නිසි වේලාවට ලබා දුන්නේනම් ශ්‍රී ලංකාවට සිංහල අවුරුද්දට පෙර සයිනොෆාර්ම් එන්නත් මිලියන කිහිපයක් ලබා ගැනීමට හැකියාව තිබු බවත් එය වැළකීම නිසා කොරෝනා තුන්වෙනි රැල්ලක් ඇතිවීම පාලනය කර ගැනීමට නොහැකි වූ බවත්ය. සයිනොෆාර්ම් එන්නත භාවිතය වැලැක්වූ බවට ප්‍රධාන වශයෙන් චෝදනාව එල්ල වී ඇත්තේ වෛද්‍යවරු සුළුතරයක් නියෝජනය කරන වෘත්තීය සමිතියක ප්‍රධානියෙක් වෙතයි.

මේ අතර එම පුද්ගලයාම රුසියානු ස්පුට්නික් එන්නත භාවිතය වැළකීමටද සක්‍රීයව කටයුතු කරන බව චෝදනාවක් එල්ල වී ඇත.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් 50,000 තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීම නිසා එම තොගය ජනතාවට ලබා ජනතාවට ලබා දෙන්නේ ද නැති ද යන්න පිළිබඳව නිර්දේශයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා තාක්ෂණ කමිටුවක් පත් කළේය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය එම් ආර්නෝල්ඩ්, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී වෛද්‍ය නාලිකා ගුණවර්ධන, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය නීලිකා මලවිගේ සහ විශේෂඥ වෛද්‍ය ඩී දසනායක යන මහත්වරු මෙම කමිටුවට අයත් වූහ.

ගෝලීය වසංගතය හමුවේ එන්නත් මාත්‍රා දෙකකින් එකක් පමණක් ලබාදීමට වුව කටයුතු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති නිර්දේශය ද පදනම් කරගෙන මෙම කමිටුව නිර්දේශ කළේ ස්පුට්නික් මාත්‍රා 50,000 මෙරට ජනතාවට ලබා දිය යුතු බවයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ එන්නත්කරන වැඩපිළිවෙළ ආරම්භ විය.

කෙසේ වෙතත් පෙර කී විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ ආකාරයෙනි ආකාරයෙන් ස්පුට්නික් ඒක මාත්‍රාවක් හෝ ලබා දීම නරක, අදූරදර්ශී, සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි. ඔහු මේ අදහස ස්ථාන ගණනාවකදී ප්‍රකාශ කර ස්පුට්නික් එන්නත්කරණය අඩාල කිරීමට උත්සාහ දරා ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගයට එරෙහි එන්නත්කරණය අඩාල කිරීමට දිගින් දිගට කටයුතු කරන මොහුගේ ක්‍රියා කලාපය පිලිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විටත් ඉල්ලීමක් කර ඇත. මෙකී වෛද්‍යවරයා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගේ සමීපතමයෙක් බවද පැවසේ.

මේ අතර අදාල පුද්ගලයා එන්නත් පිලිබඳ කමිටුවේ තව දුරටත් රදවා ගැනීම ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ද දැඩි විවේචනයට ලක්ව ඇත.

– repoter

106,073 views

38 Comments to “සයිනොෆාර්ම් වලකා තුන්වැනි රැල්ල හැදූ පුද්ගලයාම ස්පුට්නික්ට කොක්ක දායි… හතරවැනි රැල්ලක් පතයි.. පසුපස කිඹුලා..”

  1. Wow Sri Lankan Education System is………………….. SENDING Money to foreign country………………

  2. sampath says:

    Ai me boru danne..Anuwat thiyagena…kibulata baya mokada…Anduwa 2/3 dunne owa nathi karanna..Anuwata support karanawa kiyala mewata post hadala redi adagena FB wala danna puluwanda…
    weda beri tazan la kiyana katha mewa..
    minissu hina gassanna epa…

  3. NA says:

    It is useless explains this to people who do not want to see the scientific basis of what happened over the past few months
    Delay in registration was well explained many times. It has no political back ground
    After receiving adequate data , Lakkumara himself is promoting it’s use
    3rd wave was due to inability to take the proper travel restrictions at appropriate time

  4. Dr LakKumar Fernando says:

    *Sinopharm එන්නතට බාධා කළේ කවුද?*

    මේ පිළිබඳව මැයි මාසයේ මුල් සතියේ මා කියූ දෙයක් නොදන්නා අය සඳහා (මධ්‍යස්ථ මතධාරීන් ට පමණයි) නැවත ලියා එවමි.

    එන්නත් හිඟයකින් පෙනෙන අප රටේ, Sinopharm එන්නත මේ අවස්ථාවේ ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වන මා බව web පුවත්පත් දෙකක ඊයේ සහ පෙරේදා සඳහන් කළ තිබුණි. lankacnews නැමැති මුල් වෙබ් පුවත් පතේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව සටහනක් ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය සිසිර සිරිබද්ධන මහතා ඔහුගේ මුහුණ පොතේ දමා ඇති බවයි. මෙම සාවද්‍ය, නොමඟ යවනසූලූ පූවත් වලට පිළිතුරු වශයෙන් කරුණු පැහැදිලි කිරීමට මේ ලිපිය ලියමි.

    එන්නත් ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක් ලැබුණ විට අනුගමනයකළ ක්‍රමවේදය වූයේ විද්වත් උපදේශක මණ්ඩලයක් හරහා එන්නතට අදාළ ඉදිරිපත් කර ඇති තොරතුරු සොයා බලා එම විද්වත් මණ්ඩලයේ නිර්දේශයට අනුව අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමයි. (බෝවන රෝග පිළිබඳව අපගේ දැනුම අනුව මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත් 2017 සිටම මෙම උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළා.)

    මේ සඳහා වූ ස්වාධීන උපදේශක මණ්ඩලය මෙහිදී කරන්නේ ඒ එන්නතේ අතුරු ආබාධ සහ ප්‍රයෝජන ගැන,(risk-benefit) තුලනාත්මකව කරුණු පරික්ෂා කරයි.
    *මේ සඳහා සෑම විටම අත්‍යඅවශ්‍ය අංගයක් වන්නේ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණ වල සියලු දත්තයි.* එවැනි දත්ත නොමැතිව එන්නතක් අනුමත කරනවා නම් එය අනුමත කළ හැකි අනිකුත් විදියනම් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එම සංවිධානය විසින් “දැඩි නියාමන අධිකාරියක්” ලෙස නම් කරන ලද රටක අනුමත වී තිබීමයි.
    දැනට කොරොනා සඳහා ලංකාවේ අනුමත කර ඇත්තේ Covishield සහ sputnik නැමති එන්නත් දෙක පමණි. මෙම එන්නත් දෙකම සඳහා තුන්වැනි අදියරේ සියලුම දත්ත එන්නත් නිපදවන්නන් විසින් ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව Covishield එන්නත සඳහා දැඩි නියාමන අධිකාරියක් සේ සලකන ‍බ්‍රිතාන්‍යය විසින් astra zeneca එන්නතට දී තිබූ අනුමැතියද ඉවහල් විය. අනුමත කරන ලද දෙවැනි එන්නත වන ස්පුට්නික් එන්නත තුන්වැනි අදියරේ සියලු දත්ත අපට ලබා දීමට අමතරව ඒවා පිළිගත් වෛද්‍ය සර්‍ඟරාවක පළ කරද තිබූණා. කරුණු තවත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය අවස්ථාවලදී දෙවතාවක්ම zoom තාක්ෂණය ඔස්සේ සියල්ලට පිළිතුරුද sputnik වෙතින් ලැබුණා. *අප මෙම එන්නත් දෙකම අනුමත කලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමට කලිනි*. ඒ මේ රටේ එන්නත් කරන වැඩසටහනට උදව් කරන්නට තිබුණු උනන්දුව නිසයි.

    ඉල්ලුම්පත්‍රයක් ලැබුණු විට Sinopharm එන්නත, අනුමත කිරීමට අපි උත්සහ ගත්තේ පෙබරවාරි මාසයේ ස්පුට්නික් එන්නතටත් කලින් වන අතර නැවත නැවත ඉල්ලා සිටියත් තුන් වෙනි අදියරයේ දත්ත සියල්ල ඔවුන් අපට ලබා දුන්නේ නැත. online zoom මීටිමකටද ඔවුන් පැමිණියේ නැත. එම දත්ත වෙනුවට ඔවුන් කියා සිටියේ මෙම එන්නත රටවල් ගණනාවක් පාවිච්චි කරන බවයි. මම පාවිච්චි කරන සියලුම රටවල් එන්නත ප්‍රදානයක් ලෙස ලැබුණු රටවල්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා Sinopharm එන්නත අයදුම් කර තිබුණේ මාස කීපයකට කලින්. එහි අනුමැතිය මුල් දී දෙනවා කිව්වේ මාර්තු මුල, පසුව එය අප්‍රේල් අග ලෙස සටහන් කරත් තාමත් ඒ අනුමැතිය ලැබිලා නෑ. අපට මෙම එන්නතේ වාසි අවාසි ගැන තුලනාත්මකව පරික්ෂා කර වාර්තාවක් දීමට නොහැකි බැවින් එම දත්ත ලැබෙනතුරු එන්නත අනුමත කිරිම නිර්දේශ කළ නොහැකි බව 08 දෙනෙකුගෙන් යුතු ස්වාධීන උපදේශක මණ්ඩලය ඒකමතිකව ඖෂධ අධිකාරියට නිල වාර්තාවක් මගින් දැන්වූයේ මාර්තු මස 17 වන දිනයි. *මෙය අනුමත නොකලේ මා පමණක් බව පැවසීම කිසිසේත්ම නිවැරදි නොවේ.* උපදේශක මණ්ඩලයේ මා සමග මහාචාර්ය නීලිකා මලවිගේ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය චන්න රණසිංහ මහාචාර්ය පත්මෙෂ්වරන් , විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සහ කානිති නානායක්කාර යන අය ද *මෙම ඒකමතික තීරණයට ඇතුළු වුණා.*

    ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට බලතල තිබෙනවා උපදේශක මණ්ඩලය කුමන අදහසක් දැරුවත් එම උපදෙස් සලකාබලා හෝ ඉවත දමා එන්නතක් අනුමත කිරීමට.

    මමත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත් ඒ වන විට අධ්‍යක්ෂක මණ්ඩලයේද සිටියා.
    මාර්තු මස 19 වැනිදා මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතාගේ සභාපතිත්වයෙන් ඖෂධ නියාමන අධිකාරිය රැස්වූ විට Sinopharm එන්නත සාකච්ඡාවට ගැනුණා. එහි සාමාජිකයන් 13 දෙනාගෙන් මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත්, පෙන්වා දුන්නා විද්වත් උපදේශක මණ්ඩලය මගින් මෙය නිර්දේශ කළ නොහැකි බව දන්නවා ඇති බව.
    ඒ අනුව අප දෙදෙනා එම අනුමැතියට එකඟ වෙන්න අකමැති වුණා. එහෙත් එහි ඉතුරු අයගෙන් 06 දෙනෙකුම මාහාචාර්ය සිරිබද්දන ඇතුළුව ඊට සතියකට කලින් අලුතෙන් රජය පත් කළ අය වන අතර, 03 දෙනෙක්, නිල බලයෙන් අධිකාරියේ සමාජිකයන් වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසයි. ඡන්දයක් ගෙන වැඩිදෙනාගේ කැමැත්ත අනුව එය අනුමත කළ හැකි බව වැඩබලන සභාපති ලෙස එවකට කටයුතු කළ මහාචාර්ය සිරිබද්දන මහතාට මා පෙන්වා දුන්නත් ඔහු හැම විටම උත්සාහ කළේ එහි වගකීම ඔහු නොගෙන සියල්‍ර දෙනාම කැමති නම් පමණක් එන්නතට අවසර දීමයි. ඒ අනුව අවසානයේ එන්නත ලංකාවට ගෙනාවේ චීන ජාතිකයන්ට පමණක් එන්නත් කිරීමේ තීරණයක් මත ලියාපදිංචියක් නැතුවයි.

    මාර්තු මස 17 වැනිදායින් පසුව එවකට සිටි උපදේශක මණ්ඩලයට Sinopharm එන්නත පිළිබඳ කටයුතු ලබා නොදීමට තීරණය කළ වැඩබලන සභාපති තුමා මෙම එන්නත සඳහා අලුත් ඔහු විසින් /තෝරාගත් උපදේශක මණ්ඩලයක් ද පත් කළා. එම උපදෙස් මණ්ඩලයේ මා සිටියේ නැතත් එම උපදේශක මණ්ඩලය ද මෙම එන්නත අනුමත කළේ නෑ. අප්‍රේල් පලවෙනිදා මාව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබුවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ 13 දෙනාගෙන් 10 දෙනෙකුම සභාපතිතුමාගේ ඉල්ලීමට එකඟ වී අනුමැතිය දෙන්නට ලෙහෙසියෙන්ම හැකි අයවුවත් මාර්තු 17 සිට මාස එක හමාරක කාලයක් තුළ ඖෂධ නියාමන අධිකාරිය එය කළේ නැහැ. මේ සඳහා ඒකමතික අනුමැතියක් අවශ්‍ය නොවේ. එය අද වුවත් කළ හැකිව තිබෙද්දීදී එසේ නොකර එය මාගේ පිටින් යැවීමට උත්සාහ කිරීම ගැන මාගේ අප්‍රසාදයත් පිළිකුලත් ප්‍රකාශ කිරීමට සිදුවේ. මා කිසිදු දේශපාලන පක්ෂයකට විශේෂ පක්ෂපාතී ආයෙකූද නොවේ. මා කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මෙම එන්නතට අනුමැතිය දීමට එරෙහිව බලපෑම් කර නැති බව තරයේ ප්‍රකාශ කරමි. තවද නඩු දමන බවට කිසිදිනක තර්ජනය කර නැති බවත් පැහැදිලිව කියමි.

    චීනය ඉතා හොඳ එන්නත් අතීතයේ නිපදවා ඇති බවත්, දැනට ලංකාවේ භාවිතා වන japanese encephalitis හොඳ උදාහරණයක් බවත් පෙන්වා දෙමි. චීනය වෛද්‍ය විද්‍යාවත් තාක්ෂණයත් අතින් ඉතා ඉහළ තැනක සිටිද්දී චීනය හදන එන්නත් වලට විරුද්ධ වෙන්න හේතුවක් ද මට නැත.මේවා පළ කරන වෙබ් පුවත්පත් ද කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතව බව කණගාටූවෙන් ප්‍රකාශ කරමි. ලංකාවේ ඉන්න පුරවැසියන්ට Sinopharm එන්නත ලබා දෙන්නේ එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඝලැබුණායින් පසුව බව ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති තුමා පැවසූ බව ඊයේ(03) ඩේලිමිරර් පත්තරයේ දුටිමි. එය රජයේ සහ මා සමාජිකයෙකු නොවන වත්මන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රතිපත්තිය බව ද ඒ අනුව පෙන්වා දෙමි.

    *වෛද්‍ය ලක්කූමාර් ප්‍රනාන්දු*
    MBBS, DCH, MD(Paed), MRCP(UK), MRCPCH(UK), FRCP(London), FSLCP
    ජේෂ්ඨ ළමා රෝග විශේෂඥ
    සභාපති-විශේෂඥ වෛද්‍ය සංගමය

    • Dr. Saman says:

      Do not show your low quality. We all know who you are. You are a shame for medical profession in this country. Someone should go to supreme court against Lakkumar Fernando.

  5. Darshana abayakoon says:

    ජනාධිපති කමත් දීල, තුනෙන් දෙකකුත් දීල, 20ත් සම්මත කරල දීල. ඒත් එක පුද්ගලයෙක්ට එන්නත් පමා කරල තුන් වෙනි රැල්ලක් හදන්න පුලුවන් නම් නන්දෙ ඔක දීපන් ළමයෙකුට.

  6. Felix says:

    He is a liar. Unethical fellow. Even Astra issue may be because of him. In time he uses to give statements and this poor media is publishing without validating the contents.

  7. david milibanda says:

    How can be there any progress in Sri Lanka.
    In every decision making politics is involved. Everything is politicised.

    Either this bugger if he knows that much create a vaccine or shut up let the other members do their job.
    Country is pulled back because people & the professionals turned out to behave like political animals.