තෙල් පිරිපහදුවේ තෙල් ජලයට මුසුවීම ගැන සොයන්න කමිටු දෙකක්….

June 8, 2021 at 2:22 am | lanka C news
තෙල් පිරිපහදුවේ තෙල් ජලයට මුසුවීම ගැන සොයන්න කමිටු දෙකක්….

පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පිරිසිදු කිරීමට භාවිතා කරන පවිත්‍රාගාර පද්ධතියක් වැසි ජලයෙන් පිරී පිටාර ගැලීම නිසා ජලයට තෙල් මිශ්‍රවීමක් සිදුවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර, මෙවැනි තත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ කරුණු අනාවරණය කර ගැනීම සහ යළි මෙවැනි තත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා විසින් විමර්ෂණ කමිටුවක් පත් කර ඇත.

බලශක්ති අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් උපුල් විජේසේකර මහතාගේ සභාපතීත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත. කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ බලශක්ති අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (පාලන) නයනා ඊ සේනාරත්න, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරු මේනක ජීවසිරි , නීතිඥ භූපති කහතුඩුව (බාහිරින් පත්කරන ලද කමිටු සාමාජික) යන මහත්ම මහත්මීන්ය.

මීට අමතරව මෙම සිද්ධියෙන් පීඩාවට පත් ජනතාව සඳහා කඩිනමින් වන්දි ලබාදීම සඳහා අමාත්‍යවරයා විසින් වන්දි කමිටුවක්ද පත් කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ කළමනාකාර වයි ඒ බී එස් ප්‍රියංකර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන වන්දි කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ සපුගස්කන්ද පිරිපහදු කළමනාකරු (සිවිල්) පී එෆ් ඩබ්ලිව් දයානාත් සහ වරලත් තක්සේරුකරු තාරක වේරගොඩ (බාහිරින් පත්කරන ලද කමිටු සාමාජික) යන මහත්වරුන්ය.

අදාළ කමිටු දෙක විසින් මේ සම්බන්ධ වාර්තා දින 14 ඇතුලත බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුය.

– අරවින්ද අතුකෝරල

6,575 views

11 Comments to “තෙල් පිරිපහදුවේ තෙල් ජලයට මුසුවීම ගැන සොයන්න කමිටු දෙකක්….”

  1. sl says:

    ඔතන ලක්ෂ ගණන් ඔටී විතරක් කම්කරුවන්ගේ හිටන් වගකිවයුතු පිරිසක් ඉන්නවා නේ.
    මේ වගේ විනාශයක් වෙන්නත් ඉඩ තියපු එකට අනිවාර්යෙන් කාට හරි වගකීමක් යන්න ඕනේ.තමන්ගේ රස්සාවේ වගකීම රාජ්‍ය අංශයටත් දැනෙන්න ඕනේ.

    මෙච්චර ව්‍යසනයක් තියෙද්දිත් රජය සත පහක් අඩු කරන්නේ නැතිව රාජ්‍ය අංශයේ පඩි ගෙවනවා,ඒවාට හරියන්න තමන්ගේ වගකීම කරන්නේ නැති උන් හිරේ යවන්න ඕනේ !!

Leave a Comment

Main News