නිරෝධායනයට පිරිස් ගෙන ගිය බසයක හැපී අයෙක් මිය යයි.. ප්‍රදේශවාසීන් බසයට පහර දෙයි.. උණුසුම් තත්වයක්…

June 10, 2021 at 12:40 pm | lanka C news
නිරෝධායනයට පිරිස් ගෙන ගිය බසයක හැපී අයෙක් මිය යයි.. ප්‍රදේශවාසීන් බසයට පහර දෙයි.. උණුසුම් තත්වයක්…

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මඩ්ඩුවිල් ප්‍රදේශයේදී නිරෝධායනය සඳහා විදේශිකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයක ගැටී පාපැදිකරුවෙකු ඊයේ(09) සවස මිය යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් නොසන්සුන්කාරීව හැසිරෙමින් බස් රථයට හානි කොට ඇත.

මෙරට පැමිණි විදේශිකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථය ඒ-9 මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී මඩ්ඩුවිල් ප්‍රදේශයේදී මාර්ගය හරහා පාපැදියක් ගමන් කිරීමට ගත් උත්සහයකදී බස් රථයේ ගැටීමෙන් පාපැදිකරු මිය ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ප්‍රකෝපකාරීව නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් බස් රථයට හානි කොට ඇති අතර එහිදී චාවකච්චේරී පොලීසිය මැදිහත්වී තත්වය පාලනය කරනු ලැබීය.

එලෙස කලහකාරී ලෙසින් හැසිරී බස් රථයට හානිකල පුද්ගලයින් 05 දෙනෙකු සැකපිට පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,712 views

6 Comments to “නිරෝධායනයට පිරිස් ගෙන ගිය බසයක හැපී අයෙක් මිය යයි.. ප්‍රදේශවාසීන් බසයට පහර දෙයි.. උණුසුම් තත්වයක්…”

  1. සිරිමල් උයනේ -BOC-රාජන්ගනේ-යාය 7-හීරළු-චාමර says:

    1. මගේ හීනේ අම්ම , ගැනී විකුණලා සල්ලි හොයන එක
    2. වාචාල කමට කෙබර කෙලින එක
    3. පිනට අරක්කු බොන එක
    4. ලැජ්ජා නැති කම
    මල්ලි හවසට බොමුද ඔයා ගානේ

  2. ආ...දැන් සැපද..සනීපද...කෑම කොහොමද. says:

    උගත් බුද්දිමත් ප්‍රඥාවන්තයින් රටේ ඉන්දෙද්දී සල්ලි වලට බලයට කෑදර නූගත් වහල්ලු වටේ තියන් උපදෙස් ගන්න රජවරු ඉන්න රටවල් වල මෙහෙම වෙනවා. කට්ටිය හිතුවේ පැතුවේ පුටින් කෙනෙක්, ඇවිත් ඉන්නේ සාජන්ට් නල්ලතම්බි කෙනෙක්.

    • Raigama says:

      ඇයි උබලෑ පැත්තේ සිතූ පැතූ සම්පත් දෙන දෙවියෙක් ඉන්නවාද? පල ගෙරියෝ තොපිට අන්තිමට සියයට කෙසේ වෙතත් 3 ත් නැතිවෙනවා.

    • MD says:

      ලංකාවේ 1වෙනි අනතුරද මේ.බස් ඵකේ රියදුරු ගෝඨාභයද.ගෙදර මුව හමට තඩිබාන්න යන්නේ නැතුව තියෙන දෙයක් කාලා මාස්ක් ඵකකුත් දාගෙන ගෙදරට වෙලා ඉන්න 3% ගෙම්බො.

  3. පාට්ට නඩු says:

    සංචරණ සමයේ නඩු දැමූ සියල්ලු දෙනා පොහොට්ටු ඡන්ද දායකයන් ය. පට්ට…

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

Leave a Comment

Main News