මහදැන මුත්තයි ගෝලයෝ රොත්තගෙන් ගැසට් පත්‍රයක්….- NMCRP

June 10, 2021 at 3:50 pm | lanka C news
මහදැන මුත්තයි ගෝලයෝ රොත්තගෙන් ගැසට් පත්‍රයක්….- NMCRP

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

 මාධ්‍ය නිවේදනය.

 පාරිභෝගික කටයුතු අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක්!

බර අඩු ගෑස් අලෙවි කරනු ලබන බවට වන පාරිභෝගිකයින්ගේ පැමිණිලි පසෙකලා පාරිභෝගික අධිකාරිය විසින් ගෑස් අලෙවි කිරීම සදහා වන අමුතුම පන්නයේ ගැසට් පත්‍රයක්  2021/06/09 දින  දින නිකුත් කොට ඇත.

අංක 2231/8 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාරිභෝගික අධිකාරිය විසින් විධාන අංක 78 යටතේ සදහන් කරන්නේ ගෑස් අලෙවි කිරීම සිදුකරනු ලබන වෙළදසැල් තුළ මිලදී ගැනීම සදහා 12.5 කිලෝ ග්‍රෑම් ගෑස් සිලින්ඩර තිබිය යුතු බවට ගෘහස්ත ගෑස් සිලින්ඩර නිෂ්පාදකයින්ට හා වෙළදුන්ට අදාල විධානය  සිදුකරන කරන බවයි. තවදුරටත් එම විධානයේ සදහන් වන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩර සන්තකයේ හෝ භාරයෙහි හෝ තම පාලනයේ තිබෙන වෙළෙන්දෙකු විසින් 12.5 බරැති ගෑස් සිලින්ඩර විකිණිම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම නොකළයුතු බවයි.

මෙම ගැසට් පත්‍රයේ සදහන් වගන්ති වලින් හැගෙන කරුණු දෙකම 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ සදහන්ව තිබියදී මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පෙනී යන්නේ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට තම ආයතනය පාලනය වනු ලබන 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත පිළිබදව කිසිදු දැනුමක් නොමැති බවයි. ඒ අනුව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට හා නිළධාරීන්ට අපට කීමට ඇත්තේ 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ 15(1) වගන්තිය හා 16(ආ) වගන්තිය මේ මාසයේ වැටුප ගැනීමට පෙර හොදින් කියවන ලෙසය. මක්නිසාද යත් අදාල වගන්ති යටතේ ගෑස් සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට පනතේ නීති ප්‍රතිපාදන තිබියදී නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් තවත් ගැසට් ගසමින් පාරිභෝගිකයා ගොනාට ඇන්දවීමට කටයුතු කරන බැවිනි. එසේ වන්නේ මෙම විධානයේ පළමු ඡේදය හා දෙවැනි ඡේදය එකිනෙකට පරස්පරවීම නිසාය.

අදාල ගෑස් සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක නොකරමින් ගෑස් අලෙවි කරනු ලබන වෙළෙන්දන් සදහා නීතීය ක්‍රියාත්මක කිරීමට ගැසට්පත් නිකුත් කිරීම පිළිකුලෙන් යුක්තව හෙල‌ාදැකිය යුතු අතර මෙම ගැසට් පත්‍රයට අනුව හැගීයන්නේ කිලෝ ගෑම් 12.5 ගෑස් සිලින්ඩර නිෂ්පාදකයා විසින් කුමන හේතුවක් නිසා හෝ වෙළදසැල් වෙත ලබා නොදුන්න හොත් එම වෙළදසැල වසා දැමිය යුතුය යන්නයි. එසේ නොවුන හොත් පාරිභෝගික අධිකාරිය විසින් අදාල වෙළදසැලට එරෙහිව නඩු පැවරිය හැක. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ ගෑස් සිලින්ඩර අලෙවි කරනු ලබන්නේ සිල්ලර වෙළදසැල් වල නිසා කිලෝ ගෑම් 12.5 ගෑස් සිලින්ඩර නොමැති නම් එම සිල්ලර වෙළෙදසැල් වසා දැමිය යුතුය. එම සිල්ලර වෙළදසැල් වසා දැමීම නිසා පාඩු සිදුවන්නේ පාරිභෝගිකයින්ට මිස පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට හෝ ගෑස් සමාගම් වල නිළධාරීන්ට නොවේ.

නිළධාරීන් විසින් ගන්නා මෙවැනි අදූර්දර්ශී ක්‍රියාමාර්ග නිසා රජය අපහසුතාවයට පත්වන අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන් විසින් රජය අපහසුතාවයට පත් කිරීම සදහා මෙසේ කටයුතු කරන වාද යන්න පිළිබදව නිසි පරීක්ෂණයක්  පැවැත්විය යුතු බව  අපගේ හැගීමයි.

අප විසින් එසේ සදහන් කිරීමට කරුණු අප සතුව ඇති අතර ඉන් එක කරුණක් මෙසේ සදහන් කරමු.

මේ වනවිට වෙළදපොලේ විවිධ බර ප්‍රමාණයකින් යුත් ගෑස් සිලින්ඩර අලෙවි කරනු ලබයි. එනම් කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර ඒ අතර වෙයි. එපමණක් නොව මෑතකදී හදුන්වාදුන් ලීටර 18 සිලින්ඩරද වේ. කිසියම් ආකාරයට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර විකුණා අවසාන වුවහොත් හෝ නිෂ්පාදන සමාගම විසින් එම ගෑස් සිලින්ඩර කිසියම් හේතුවක් නිසා  වෙළදසැල් වෙත ලබා නොදුන හොත් අදාල ගැසට් පත්‍රයට අනුව අදාල වෙළදසැලට විරුද්ධව කටයුතු කල හැක. එම නිසා එම වෙළදසැල් හිමියන්ට ඉන් බේරීම සදහා සිදුවන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර ලැබෙනතුරු අදාල වෙළදසැල වසා දැමීමටය. ඒ අවස්ථාවේදී අනෙක් ගෑස් සිලින්ඩර වලට කරනු ලබන්නේ කුමක්ද යන්න දන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ගැසට් පත්‍රය සකස් කල නිළධාරීන් පමණි.

මහා පරිමාණ සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වන පාරිභෝගික කටයුතු අධිකාරිය කුඩා වෙළදසැල් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම තැලෙන යකඩයට උඩ පැන පැන තැලීමක් වන අතර පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිතුක් කොට ඇති අංක 2231/8 දරණ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මුහුණ සමග තිබෙන තරහට නහය කපා ගැනීමක් වන බවත් තවත් විදියකට කිවහොත් පය බරුවාට බෙහෙත් බැදීමක් වන බවද කිවහැක.

ඉදිරියේදී සෑම හෝටලයකම පරිප්පු හොදි  තිබිය යුතු අතර පරිප්පු හොදි නැති හෝටල් වලට නීතිය ක්‍රියාත්මක කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ මහජන මුත්තා හා ගෝලයෝ රොත්ත විසින් වන විධානයක්  පැනවුවහොත් අප පුදුම විය යුතු නැත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

67,131 views

14 Comments to “මහදැන මුත්තයි ගෝලයෝ රොත්තගෙන් ගැසට් පත්‍රයක්….- NMCRP”

  1. ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් ! says:

    ශබ්ද නගන ආගම් හිස්ය !
    ශබ්ද අදහන්නෝ ද හිස්ය !!
    ශබ්ද වන්දනාකරුවෝ ද හිස්ය !!!
    ” ආගමික ශබ්ද දූෂණය ” ට එරෙහි වෙමු !!!!

    • බෙම්පියා says:

      මල්ලේ පොල්ය

    • බිල්ලා says:

      සමහරක් දෙවියන් ලෙස වන්දනා කන්නේ බීරෙකුට නම් ලවුඩ්ස්පීකරයක් සවිකර කෑගසා වන්දනා කිරීම අවශ්‍යයයි.

    • Maha sinhale says:

      5ස් පාරක් හදට බුරන එකද?

  2. Darshana abayakoon says:

    මහදැන මුත්තයි ගොලයො රොත්තයි ඇස්පනාපිට දැක ගන්න හම්බෙයි කියල කවුද හිතුවෙ?

  3. Munta gas samagam allas deelA. Wage

  4. චන්ද දායක says:

    අපිට වස කවන එක , බඩු මිල වැඩියෙන් වෙළෙඳාම පාලනය කරන්න බැරි අධිකාරියකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද ?

  5. නාරද says:

    රජයේ බොහෝ ආයතන වල චක්‍රලේඛ ගැසිම නිකං පුස් වෙඩි, ලොකු ලොක්කෝ දන්නේ පුම්බගෙන ඉන්න සහ කාර් පර්මිට් එක ගන්න සහ යනකොට ලොකු පර්මිට් එකක් අරන් යන්න විතරයි. ‌කොහොම හරි ෂෝ එක දාගෙන ඉන්නවා. රට නැතිවෙන්නේ මේ අය නිසා තමා. රජයේ සේවය ප්‍රතිව්‍යුහ ගත කල යුතුයි. ලේකම් ලා විදිහට විශේෂඥයින් සුදුසුකම් මත බදවා ගත යුතුයි. වයසට යාම සහ අධ්‍යාපන සහතික සුදුසුකමක් නොවේ. නැත්නම් රට කවදාවත් ගොඩනැගිය නොහැකියි.

  6. කුජීත ගොබ්බන්සෙන ගේ හරක් රැල says:

    අනේ ස මෙහෙම මහා දවල් අරින්න එපා. එහෙම කරාම අපේ ආත්මගරුත්වය නැති වෙනවා. ඒක නිසා ඔබ තුමාට පු දීපු ගොන් බයියෝ විතරක් හොයලා උන්ට විතරක් අරින්න ප්ලීස් හොඳ ස වගේ. මේ ගැසට් එකෙන් කියන්නේ හොරකම් කරාට කමක් නැහැ ඒක නීත්‍යානුකූල යි, හැබැයි කවුරු හරි විරුද්ද වෙනවනම් එයාගේ දේවල් හොරා කන්න එපා කියන එක.

  7. කලිසම ඔලුවෙන් ගලවපු බයියා says:

    අනේ ස මෙහෙම මහා දවල් අරින්න එපා. එහෙම කරාම අපේ ආත්මගරුත්වය නැති වෙනවා. ඒක නිසා ඔබ තුමාට පු දීපු ගොන් බයියෝ විතරක් හොයලා උන්ට විතරක් අරින්න ප්ලීස් හොඳ ස වගේ. මේ ගැසට් එකෙන් කියන්නේ හොරකම් කරාට කමක් නැහැ ඒක නීත්‍යානුකූල යි, හැබැයි කවුරු හරි විරුද්ද වෙනවනම් එයාගේ දේවල් හොරා කන්න එපා කියන එක.

  8. Harsha says:

    මේ ප්‍රශ්නයේදී රජය ම්නිවත රැරකිමින් සිටින්නේ ජනතාව සූර කෑමට ඉඩහැර ය. වහා පෙළ ගැසී අපේ අයිත්හිය වෙනුවෙන් සටන් වදිමු. පාරිබෝගික කටයුතු ඇමති වරුන් හා නිලධාරීන් සදා ජාතියට ණය ද්ගති වනු ඇත. අප ට අවැසි ටැංකිය පුරවා ගෑස් මිස් ගැසට් නොව පර බල්ලනි…

  9. Gamarala says:

    “ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ
    එපවත් තොප සිතතොත් නොපැකිළියේ
    දිනුමක් නැත එන මැතිවරණේ.

Leave a Comment

Main News