මෙරට තුන්වැනි මාත‍්‍රාවත් එන්නත්කරණයට ඇණැවුම් කරන්නැයි දන්වයි..

June 11, 2021 at 3:19 am | lanka C news
මෙරට තුන්වැනි මාත‍්‍රාවත් එන්නත්කරණයට ඇණැවුම් කරන්නැයි දන්වයි..

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලු දෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව (10) ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා පැවසීය.

විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ. එමඟින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වේ.

මේ වන විට එන්නත් ලබා ගෙන ඇති සහ ඉදිරියට ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් කිරීමටත් එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරය පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.

කොවිඩ් නොවන මරණ, පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එය සැලකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට කොවිඩ් විශේෂ කමිටුව තීරණය කළහ.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

30,923 views

22 Comments to “මෙරට තුන්වැනි මාත‍්‍රාවත් එන්නත්කරණයට ඇණැවුම් කරන්නැයි දන්වයි..”

  1. එලවිස් says:

    තුන් වන තියා තාම පලමුවන් මාත්‍රා ව වත් දීගන්න බැරිවෙලා තියෙනව.. ඒකත් ගහන්නෙ කිසිම පිලිවෙලක් නැතිව අරහෙන් මෙහෙන්.. ඔහොම කරල වසoගත පාලනය කරන්න පුලුවන් කියල කියන දොස්තරල හිතනව ඇති. උන්ගෙ පවුල් සහ ඩ්‍රයිවර්ල, වැඩ්කාරි වගෙ අයග එන්නත ගහ ගත්තම ලෙඩා මලත් බඩ සුද්දයි කියල… ජනතාවෙන් 60% කට එන්නත මේ කල්පෙට කරන්න බැහ.. දැන් එන්නතට මාස 6 ඇමෙරිකාවෙ හදවත් රෝග හැදෙන බව කියනවා. තව කල් යනකොට බලමු

    • ජාඇල වීරමුනි ද සොයිසා says:

      දීපු ගොන් ආතල් ඉවසන්න බැරුව අර හිටං-රනිල් මගුල ගහලා පැන්නුවේ ඊට වඩා වගකීමක් තියන එකෙක් මේක කොරයි කියල. උදේ පාන්දරම ගිහින් කතිරේ ගහල දුන්න බන්දේසියේ තියල. බලන් යනකොට හරකෙක් එළවලා ගෙනත් තියෙන්නේ තඩි බුරුවෙක්. තුන්වෙනි මාත්‍රාව නෙමේ, තාම එකක් වත් ලැබිච්ච නැති මිලියන ගානක් ඉන්නවා ගම්පහ සහ කොළඹ විතරක්. එක්කෝ ස ගනන් ෆේල් නැත්නම් ස හවසට නිවුස් බලන්නේ නැහැ. අඩුම ගානේ සිරා උදේට පත්තරේ වත් බැලුව. මේ ගොන් ආතල් කවුරු රවට්ටන්න ද ?

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        දැන් බං උඹලම නේද වැලපුනේ එන්නත් කලින් ඔඩර් කරානමි ලංකාවටම මෙලහට ගහලා කියාලා ස ලැස්තිවෙන්නේ අනාගතය ගැන හිතලා. උඹ ගොබිබයා උනාට මක්කරන්නද බං? වලං කඩෙිට පැනපු ගොනාවගේ පිස්සු කෙලින්නේ නැතුව හොයලා බලලා කතාකරපං

        • කවුද මගේ අමුඩේ රිව්වේ ? says:

          ස අමුඩ ඕඩර් කරන්නේ මුදට වැටුනට පස්සේ. ගොබ්බයො කවුද කියල බලහන් අර පුත්තලම් පැත්තේ ඉන්ජෙක්ෂන් ගහන්න ගියාම කවුද එකට බාධා කරන්නේ කියල හොයල බලල. පට්ට උගත් පුට්ටු බයි ආණ්ඩුව. ඕන නම් මම මෙතන නම් ටික කොටලා එවන්නම්. ඉන්ජෙක්ෂන් ටික ගෙන්න ගන්න තියා අත්‍යවශ්‍ය පෝර ටික ගෙන්න ගන්න බැරි ආණ්ඩුව දවස ගානේ බය්ලා ගහනවා. ඒවා හොඳයි තොපි වගේ කුලියට කොමෙන්ට් ගහන වහල්ලු නලවන්න. තොපිලා වහල්ලු කියල අනික් උන් පලි නැහැ.

  2. Kasun says:

    කවුරු හරි link එකක් දෙනවද මේ කියන ICTA විශේෂ මෘදුකාංගය කොහෙන්ද බාගත කරන්න පුළුවන්?

    මම google වලත් play store එකෙත් බැලුවා, එහෙම එකක් හොයා ගන්න බැහැ.

    එහෙම නැත්නම් මේකත් තවත් රාජකීය ටොම් පචයක්ද?

  3. Ravi says:

    සමාජයේ නොයෙකුත් ක්ෂේත්‍ර වල කටයුතු කරන බැවින් 25- 30 වයස්වල තරුණ පූජාවටද අවධානමට ලක් වන බැවින් එන්නත ලබා දෙන මෙන් අතිගරු ජානාධිපති තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු

    • Vivek says:

      Are you nuts, why should we as a responsible country inject our youth. Do we know what is in there, side effects. Check around, many vaccine programs run in India and Africa by bill gates foundation turned out be sterilization vaccines. It contained some birth control substances. They have admitted that was a contamination at the plant with the tetenus/ Ebola vaccine.I am wondering why these people are so into jabbing us. No politician,or drug company will try to cure a disease there is no profit it that. No one want to follow such a failed business model

  4. Banda says:

    Doesn’t make sense when the vaccination campaign is yet to reached majority of the population. This news is for publicity and image boosting. Lets get the first shot to atleast 50% of the population covering all districts. Then make sure they get the 2nd shot. That will take us to end of this year or early next year.

    • වීරමුනි ද සොයිසා says:

      දීපු ගොන් ආතල් ඉවසන්න බැරුව අර හිටං-රනිල් මගුල ගහලා පැන්නුවේ ඊට වඩා වගකීමක් තියන එකෙක් මේක කොරයි කියල. උදේ පාන්දරම ගිහින් කතිරේ ගහල දුන්න බන්දේසියේ තියල. බලන් යනකොට හරකෙක් එළවලා ගෙනත් තියෙන්නේ තඩි බුරුවෙක්. තුන්වෙනි මාත්‍රාව නෙමේ, තාම එකක් වත් ලැබිච්ච නැති මිලියන ගානක් ඉන්නවා ගම්පහ සහ කොළඹ විතරක්. එක්කෝ ස ගනන් ෆේල් නැත්නම් ස හවසට නිවුස් බලන්නේ නැහැ. අඩුම ගානේ සිරා උදේට පත්තරේ වත් බැලුව. මේ ගොන් ආතල් කවුරු රවට්ටන්න ද ?

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        දැන් බං උඹලම නේද වැලපුනේ එන්නත් කලින් ඔඩර් කරානමි ලංකාවටම මෙලහට ගහලා කියාලා ස ලැස්තිවෙන්නේ අනාගතය ගැන හිතලා. උඹ ගොබිබයා උනාට මක්කරන්නද බං? වලං කඩෙිට පැනපු ගොනාවගේ පිස්සු කෙලින්නේ නැතුව හොයලා බලලා කතාකරපං

        • කවුද මගේ අමුඩේ රිව්වේ ? says:

          ස අමුඩ ඕඩර් කරන්නේ මුදට වැටුනට පස්සේ. ගොබ්බයො කවුද කියල බලහන් අර පුත්තලම් පැත්තේ ඉන්ජෙක්ෂන් ගහන්න ගියාම කවුද එකට බාධා කරන්නේ කියල හොයල බලල. පට්ට උගත් පුට්ටු බයි ආණ්ඩුව. ඕන නම් මම මෙතන නම් ටික කොටලා එවන්නම්. ඉන්ජෙක්ෂන් ටික ගෙන්න ගන්න තියා අත්‍යවශ්‍ය පෝර ටික ගෙන්න ගන්න බැරි ආණ්ඩුව දවස ගානේ බය්ලා ගහනවා. ඒවා හොඳයි තොපි වගේ කුලියට කොමෙන්ට් ගහන වහල්ලු නලවන්න.

  5. Ravi says:

    සමාජයේ නොයෙකුත් ක්ෂේත්‍ර වල කටයුතු කරන බැවින් 25- 30 වයස්වල තරුණ පූජාවටද අවධානමට ලක් වන බැවින් එන්නත ලබා දෙන මෙන් අතිගරු ජනාධිපති තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු

    Reply

  6. Banda says:

    විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ. එමඟින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වේ…….??????????????????????.??????

  7. Saman kumara says:

    ඉස්සරලම පලවෙනි එක දීල ඉඳපං ගොං නාම්බෝ. බලද්දි පුතානෝ හොඳයි මේ හරකට වඩා..කට අරියොත් කියන්නෙම ගොං කතාවක්. කොලේ බලාගෙනවත් කතා කරන්න බෑ…මෝඩ උද්ධච්චයෙක්.

    • Weeramuni says:

      දීපු ගොන් ආතල් ඉවසන්න බැරුව අර හිටං-රනිල් මගුල ගහලා පැන්නුවේ ඊට වඩා වගකීමක් තියන එකෙක් මේක කොරයි කියල. උදේ පාන්දරම ගිහින් කතිරේ ගහල දුන්න බන්දේසියේ තියල. බලන් යනකොට හරකෙක් එළවලා ගෙනත් තියෙන්නේ තඩි බුරුවෙක්. තුන්වෙනි මාත්‍රාව නෙමේ, තාම එකක් වත් ලැබිච්ච නැති මිලියන ගානක් ඉන්නවා ගම්පහ සහ කොළඹ විතරක්. එක්කෝ ස ගනන් ෆේල් නැත්නම් ස හවසට නිවුස් බලන්නේ නැහැ. අඩුම ගානේ සිරා උදේට පත්තරේ වත් බැලුව. මේ ගොන් ආතල් කවුරු රවට්ටන්න ද ?

  8. අවසාන අංකය says:

    1, 2, 3, 4, 5,….අවසාන අංකය කීය වෙයිද?

    • එන්නත් 32යි says:

      අවසන් අංකය…32…පොහොට්ටුවේ ආයුස මාස 32 යි..එක මාසෙට එන්නත් 1 ගාණෙ මාස 32ට එන්නත් 32යි…

  9. kamal says:

    ඒ කියන්නේ වැක්සින් ගැහැවම කුඩු ගැහුවා වගේ තියෙයි ජිවිතකාලෙම වැක්සින් පිහිටෙන් ඇගේ ප්‍රතිසක්තිය හදාගන්ඩ වෙයි. අයියෝ පෝලිමිවල තෙරපිලා වැක්සින් ගහගන්න මිනිස්සුන්ට පවි. මෙි ජාතිවාදය නෙමෙි වැක්සින් විදින එකතැනකවත් මුස්ලිමි මිනිහෙක් ගෑනියෙක් දැක්කේ නෑ අනික වැක්සින් ගහන්ඩ කලින් තමන් වගවෙනවා කියලා ලියුමක් අත්සන් කරනවා කියන්නේ සෞඛ අංශ කිසිම වගකිමක් ගන්නේ නෑ කියන එකනේද වෙන එකක් තියා මැරැනත්. එතකොට ගැබිනි අමිමලාගෙන් අත්සන් ගන්නේ ඇයි නුපන් දරැවට සිදුවෙන සංකුලතාවලට වගකියනු නොලැබෙි කියලා. දැන්වත් පාට කන්නාඩි ගලවලා බලමුද මෙි දිහා

    • රාමු කුක්කෙක් says:

      පිස්සෙක්.රාමු කුක්කෙක්.

    • Norata Eka says:

      ආන්ඩුවට කොහොමත් වග කියන්න බෑ , හදපු කොම්පැනියවත් වග කියන්නෙ නැති කොට…
      මේවා අනුමත කරගත්තෙහදිසි භාවිතයට, කාටවත් එතකොට වගකීමක් නෑ ..

  10. hutas says:

    ayyo byyo