Online අධ්‍යාපනය නොමිලේ….

June 12, 2021 at 4:40 pm | lanka C news
Online අධ්‍යාපනය නොමිලේ….

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

2021 ජුලි 21 දින වන විට මුල් අදියර ලෙස පාසල් 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත (Online) පන්ති e-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

විවිධ යෙදුම් හරහා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ දී දත්ත සඳහා දරුවන්ට වැයවන සැපයුම් සේවා ගාස්තු මෙන්ම අනෙකුත් දුෂ්කරතා මගහැරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ දී අවධානය යොමු විය.

රජය විසින් දැනටමත් විධිමත්ව ස්ථාපිත කර ඇති e-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක් ලෙස යොදාගත හැකි බව මෙම හමුවේ දී තීරණය කෙරිණි.

ඒ අනුව මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ට ලංකා රාජ්‍ය මේඝය තුළ ප්‍රමාණවත්තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කරදෙමින් දැනට වඩා විශාල සිසුන් පිරිසකට එකවර ඊට ප්‍රවේශවිය හැකි අවස්ථාව සලසන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක් සහ ගුවන්විදුලි සේවාවක්පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. එවැනි රූපවාහිනි හා ගුවන් විදුලි සේවාවක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය දැනටමත් සංඛ්‍යාත ලබාගෙන ඇති බව මෙහිදී හෙළිවිය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයතනයන්හි දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිත කර අදාළ සේවාවන්ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

සන්නිවේදන කුලුණු අලුතින් ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වනවිටත් මාර්ගගත අධ්‍යාපනය ලැබීමේ දී අන්තර්ජාල ආවරණ බාධා,ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම් නොමැතිව අසරණව සිටින දරුවන්වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් අවශ්‍ය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

ඒ අනුව ආර්ථීක දුෂ්කරතා මැද මාර්ගගත ඉගෙනීම් කටයුතුවල නිරත දරුවන්ගේ අධ්‍යාපනය සදහා සුදුසු ජංගම දුරකතන මෙවලමක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස්කර ඒ පිළිබදව තමන් දැනුවත් කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අන්තර්ජාල ආවරණය පිළිබද දැනට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් e -තක්සලාව මගින් ඉගැන්වීම තහවුරු කිරීම සඳහා ග්‍රාමීය වශයෙන් හඳුනාගත්මධ්‍යස්ථාන (උදා: ප්‍රජා ශාලා, නැණසල විහාරස්ථාන සහ පරිගණක සම්පත් මධ්‍යස්ථාන), “ e-තක්සලාව ඉගෙනුම් මධ්‍යස්ථාන ”ලෙස කුඩා සිසු කණ්ඩායම් සඳහා ඉගෙනුම් අවස්ථා සලසන මධ්‍යස්ථාන බවට පත්කරන්නැයි ද අමාත්‍ය නාමල්රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

අදාළ කටයුත්තේ දී ඉගෙනුම් අවස්ථා ලබාදීමට අවශ්‍ය මධ්‍යස්ථාන හඳුනාගැනීමේ කාර්යය සහ පරිගණක උපාංග ලබාදීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස්, අධ්‍යපනප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත්, කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරු සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

– midea unit

56,356 views

33 Comments to “Online අධ්‍යාපනය නොමිලේ….”

  1. bitter truth says:

    පෙරකදෝරු හොර සහතික හිඟක් නැති – පුම්බ ගත්ත බොඩිය මිසක මොලේ නැති – කම්බ හොරෙක් ලෙස විරුදාවලි ඇති – නරි කෑ මල් කුමරුන් පෙරමග වඩිති

    • කාලියා says:

      මනුස්සයෝ එ කෙනා කරන දේ අනුව විවෙිචනය කරපන් ද්වෙිශසහගත ලෙස වැඩකරන්න එපා බුරැවෝ

      • Bitter Truth says:

        තිත්තය ඇත්ත කියනා විට කර සද්ද
        තවමත් අපුල්ලන වසලයේකුගේ රෙද්ද
        විලිනැති වහල් බය්යෙකි මූ පරසිද්ද
        අතගා බලාපන් ගෙරියෝ අං එත්ද

      • ඇෆලටොක්සින් පොහොට්ටුව says:

        කඳ බඩ විතරක් තියෙන මොලේ කලඳක් නැති මීහරක් පොම්න කෑමල් නාරියා. ඔය බිජුව නොමිලේ දුන්නට වැඩක් නෑ මෝඩ මූසලයෝ.. ගස් ගල් උඩ නැග නැග ද සිග්නල් හොයන්නේ?? රෑ 12න් පස්සෙ වවුලෝ වගේ ඉඳලා ද ඩේටා ස්පීඩ් එක පොඩ්ඩක් හරි ගන්න පුළුවන් වෙන්නේ?? පක්කලි TRC කම්බා හොරුයි SLT, Dialog පක්කලි හොරුයි එකතු වෙලා ඩීල් දාගෙන මිනිසුන්ගේ රීරි මාංශ කකා යටිතල පහසුකම් වැඩි කරන්නේ නැතුව ගෙවන හෙනගහන අදික මිලට දෙන ඩේටා ප්‍රමානයයි, ඉබිගමන් Dial up ඩේටා ස්පීඩ් එකටයි මොනවත් කරන්නේ නැතුව🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮.

    • wadi karana wiruwa apita ariya says:

      comment dapiya ballo.

    • NAK says:

      බල්ලො බිරුවට තවලම තම ගමන යා යුතුය. මෙය ඉතාමත් හදිසි අත්‍යාවශ්‍ය කාරනාවකි. ගම්බද දරුවන් අධ්‍යාපන පහසුකම් නොමැතිව අධ්‍යාපනය අතපසු කරගනිමින් සිටින වෙලාවක කවුරුන් ‍ෙහා් ඒ වෙනුවෙන් යමක් කරයි නම් එය අගය කල යුතුය.ඔහුගේ අධ්‍යාපන සුදුසු කම් මේ මෙහොතේ අදාලම නැත.

  2. Lapaya says:

    ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ මග පෙන්වීමෙන් ඇතිකල නැණසල විහාරස්ථාන මද්‍යස්තාන ඇතුලු නැනසල ටිකත් හරියට ව්‍යාපෘතිය කළමනාකරණය නොකර අතහැරියා. ඒවා හරියට තිබුනානම් කොච්චර දෙයක් කල හැකිව තිබුනා ද.

  3. ක්‍රිමිනල් says:

    අපේ අනාගට අගමැටි උතුමා.අමූ ගොං බෛයො විදියට අපි පට්ට සතුටු වෙන්න ඔනේ..😂😂

  4. J M jayasundara says:

    ඉතාම හොඳ වැඩසටහනක්. අපිත් මේ ගැන ඉතා උනන්දුවෙන් හිටියෙ. දැනට පවතින රෑපවාහිනී හා ගුවන් විදුලි නාලිකා මගින් ඉතා ඉක්මනින් මෙම කාර්යය ඇරඹුවොත් මේ රටේ දරුව්න්ට සම අධ්‍යාපන අවස්ථා හිමිවීමේ කාර්යයට මේ මගින් පමණක් ම වුවත් අඩිතාලම වැටෙනවා. ඒ වගේම දැනට අසරණ පවුල් වල ඉතා දුෂ්කර ප්‍රදේශවල සාමාන්‍ය දෙමාපියන්ට ඇතිවන පීඩනයට විසඳුමකුත් ලැබෙනවා. ලෝකය දකින්න හැකි අනාගත ලෝකයට අවශ්‍ය මානව සම්පත සංවර්ධනයට මෙය ඉතා අවශ්‍ය කටයුත්තක්. ඒ වගේම භාවිතයට නොගන්නා දක්ෂතාවන් හා කුසලතාවන් මේ රටේ ඇති ඉතා දරුණු නාස්තියක්. ඒ ගැනත් අවධානය යොමු වේවා.

    සියළු ආශිර්වාද ලැබී මෙම කාර්යය සාර්ථක වේවායි පතමි.
    මෙම කාර්යය අතරමඟ නතර වෙන්න නොදෙන බව අපිට විශ්වාසයක් තිබෙනවා.

    • රන්බණ්ඩා says:

      උඹලා අපි වගේ උන්ගෙ ආශිර්වාදෙන් තමයි මෙතුවක් මුන් වැජඹෙන්නෙ..අපි හැමදාමත් මුන්ගෙ කැරට් අල ගිල ගිලා හූල්ලනවා.
      ඔච්චරයි කතාව.

  5. sumith says:

    This is a good decision

    Pls make arrangement to give free internet facilities to all t higher education students in the government education institutions./universities

  6. බබා says:

    සියලු රූපවාහිනී නාලිකා හරහා ලමයින් ට උගන්නන්න. බහුබූත නාටක නවත්වන්න. ඵලයක් ඇති උගත් බුද්ධිමත් දෙයක් අසරණ ලමයි විදින දුක බලා කරන්න වෙන්ඩ මහරජාණෙනි !

  7. රන්බණ්ඩා says:

    අනේ ගොන් හරකො…තොපේ ආණ්ඩුව තවම කෙකෙර ගානවා මේ ළමයි ටිකට උගන්නා ගන්න ක්‍රමයක් හොය හොයා.
    ජාතික අධ්‍යාපන ආයතනයටවත්, අධ්‍යාපන ඇමතිටවත් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ඇවිදිනුත් තවමත් බැරි වෙලා හරි හමන් ක්‍රමවේදයක් හදා ගන්න.
    මහ ලොකුවට කුළුණු ගහලා ඒකෙනුත් කීයක් හරි තමන්ට කොඩි අල්ලපු හැත්තට බෙදලා දෙන්න තමයි මේකෙනුත් තොපි බලන්නෙ.
    යකෝ….තොපිට තේරෙන්නෙ නැත්තෙ ඇයි, තවමත් අපේ ළමයි ගුරුවරයා මතම යැපිලා ඉගෙන ගන්න එවුන් ටිකක් බව.
    ඇයි බැරි එක විෂයකට අඩුම ගානේ එක සීඩී එකකටවත් සියලු විෂය කරුණු, නිබන්ධන ගොනු කරලා ඔය විෂයන් කිහිපයට සීඩී ටිකක් බෙදලා දෙන්න පාසල් මට්ටමින්.
    ඒක නේද මේ වෙලාවෙ තොපිට කොරන්න පුළුවන් සරලම දේ?
    නැතිව තවත් කල් මර මරා, මේ කුළුණු බිජ්ජවල් තවත් අටවලා ඩෙටා වලට දෙමව්පියන්ගෙ තඹ දොයිතුවත් හූරගෙන කන එක නෙවෙයි බොල.
    ඉගෙන ගන්න උවමනාව තියෙන එකා කොහොමින් හරි ඕක බලලා තමන්ගෙ වැඩේ කොරගනියි.
    තවත් ඕනෙ නම් ටීවී චැනෙල් එකකින්, රේඩියෝවෙන් ඒකම කාලසටහනකට ඒ වැඩසටහන් විසිරුවා හැරපල්ලා.
    නොදකින් විතරක්…තොපිව නම් දැන් අප්පිරියාම වෙලා අපිට බොල.

  8. සමනා says:

    දරුවන් කැමති තමාගේ පාසලේ ගුරුතුමියගෙන් ඉගෙන ගන්න. ඒකට විසඳුමක් මේකේ නෑ. සූපිරි ඉස්කෝල කියලා කියන ඒවායේ නැතිනම් එන් අයි ඊ නාකි ඉබ්බන් දාල උගන්නායි.

  9. සැබෑ ඡනතා සේවය සඳහා කැපවන්න..! says:

    නොමිලයේ බෙදීම යන ක්‍රමවේදය තුලින් තමන්ට ගැති වහළුන් බිහිකර නොගෙන රටට නව ප්‍රතිපත්ති සමගින් අන්තර්ඡාළ සම්බන්ධතා මාණව අයිතියක් ලෙස සළකා සැමට සාධාරණ විනිවිද පෙනෙන ක්‍රමවේදයන් හරහා අන්තර්ඡාළ සම්බන්ධතා සමට සැපයිය යුතුයි ..!
    අන්තර්ඡාළ සම්බන්ධතාපැෙකේඡ වලින් වංචනිකලෙස රඡයේමැදිහත්වි ඡනතාව ගසාකනබව නිරීකශණය කරනු ලබයි..!
    අන්තරඡාල පහසුකම්සඳහා මුදල්ගසාකන ක්‍රමවේදයන් වහාමනවතා., නොමේරෑ වංචනික දේශපාළුවන්ගේ චරිතවලින් ඉවත්වි,
    සැබෑ ඡනතා සේවය සඳහා කැපවන්න..!

Main News