පරණ බස් මුහුදේ ගිල්වයි….

June 14, 2021 at 2:18 am | lanka C news

උතුරු මුහුදේ ජෛව විවිධත්වය වැඩිකිරීම හා අලංකාර කරවීම උදෙසාත් කෘතිම පරිසර පද්දතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් පැරණි වාහන මුහුදේ ගිල්වීමේ වැඩසටහනක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් ආරම්භ කොට ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙලෙස යාපනයේ දූපත් ආශ්‍රිත මුහුදු වෙරල යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට ඇති අතර ඒ සඳහා නාවික හමුදව මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

ඒ අනුව එහි පළමු පියවර වශයෙන් යාපනය ඩල්ෆ් මුහුදු තීරයේ භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ 04 ක් වරාය නීතිගත සංස්ථාවට අයත් සයුර කැනීම් නෞකාව මගින් උතුරු නාවික විධානයට අයත් නාවික නිලධාරීණ් විසින් ආරක්ෂිතව මුහුදු පතුලේ තැන්පත් කිරීම සදුකරන ලදි.

මේ වන විටත් එලෙස මුහුදු පතුලේ තැන්පත් කිරීම උදෙසා බස් රථ 20 ක් වෙන් කොට ඇති අතර එමගින් මුහුදු වෙරල ආසන්න මුහුදු පතුලේ කෘතිම උපස්තර සාදා නව සමෘද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමේ උත්සහයක් වන අතරම ජෛය විවිධත්වය වැඩි වී ආනගතයේදී මෙම ස්ථානයන් ආශ්‍රිතව වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට ධීවරයින්ටද හැකි වන බවටද නාවික හමුදාව විසින් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,707 views

10 Comments to “පරණ බස් මුහුදේ ගිල්වයි….”

  1. උතුරැ නැගෙනහිර සාගරකළාපය තුලම මෙය සිදුකළයුතුයි.! says:

    හොඳ උපක්‍රමයක්! දීවරයන්ලෙසින් පෙනීසිටිමින් මහමුද නීතිවිරෝධි දැල්ක්‍රම උපයෝගීකරගනිමින් හැඳිගාවන ඉන්දියානු හමුදාවල ක්‍රියාකළාප මැඩලීමට මුළු උතුරැ නැගෙනහිර සාගරකළාපය තුලම මෙය සිදුකළයුතුයි.!

    • ස' හැමදාම අපිට අරිනවා.. සැප.. සැප.. සැප.. සැප.. says:

      නාකි ඇමතිලා, මන්ත්‍රීලා සහ පසුපෙල මුහුදේ ගිල්ලවන්න බැරිද?

  2. Priyantha says:

    පරණ යකඩ ප්‍රතිචක්‍රීයකරණය කරා නම් හොදයි නේද…?

  3. 3% ට බය බයියා. says:

    මහජනතාවගේ මුදල් වලින් සැප විදින කට්ටියටත් ඔය වැඩේ කරන්න .

  4. Jayabima says:

    ලංකාව පුරා තින්බෙන ටෙක්නිකල් කොලෙජ් වල ඉගෙනගන්න දරුවන්ට ප්‍රායෝගික පුහුනුව සදහා පැරනි වාහනයක් හොයාගන්න බැරුව වේලෙනවා. ඒ ළමයින්ට දීපල්ලකෝ ඕවායින් කීපයක්. මහ මුහුදේ ගිල්ලනවට වඩා හොඳ නැද්ද…….?

  5. edta says:

    anduwe inna gon deshapalakayo tika gilwanna berida

  6. පද්මී විජේරත්න says:

    වාහන මුහුදට දාපුවා මාස 6න් මලකඩ කාලා දිරළම යන බව මේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ.

  7. Tigooo says:

    ඇත්තටම හොද උපක්ක්‍රමයක් ඉන්දියන් මාලු කාරයො කරන හානිය වලක්වන්න. එ ගැන අවබොදයක් තියෙන්න ටික දෙනෙක්ට බව ඉහල කමෙන්ට් වලින් පේනවා.
    “Bottom trawling””

  8. HUKARIS says:

    Sajiyage, appachchi, Hevath “Shavalen Paralova giya Maruwa,” tarunayan kee daahak, muhude gilluwada bola?.

  9. sadun says:

    Parana bas mokatada ,, laduku paththenam gillanne naw piting 😀

Main News