කැබිනෙට්ටුවේදී චමල් ලෙඩේ අදී.. ඉන්ධන-පොහොර ප‍්‍රශ්ණයක් යයි කියයි..

June 14, 2021 at 10:02 pm | lanka C news
කැබිනෙට්ටුවේදී චමල් ලෙඩේ අදී.. ඉන්ධන-පොහොර ප‍්‍රශ්ණයක් යයි කියයි..

අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සහභාගී නොවිම හේතුවෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවතී තිබේ.

එහිදී ඉන්ධන මිල ඉහල නැංවීමෙන් පසු ඇතිව තිබෙන තත්වය ගැන වැඩි අවධානයක් යොමුව ඇත.

අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීම විශාල ප‍්‍රශ්නයක් වී ඇති බවත්ය.

එම අදහස අනුමත කරමින් තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පල කර ඇත.

එමෙන්ම පොහොර හිගය හේතුවෙන් ඇතිව තිබෙන ප‍්‍රශ්ණයද බරපතල යයි අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා එහිදී පවසා තිබේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් එහිදී ගෙන නැති අතර ඉදිරියේදී තව දුරටත් සාකච්චා කිරිමට තීරණය කර ඇත.

63,466 views

16 Comments to “කැබිනෙට්ටුවේදී චමල් ලෙඩේ අදී.. ඉන්ධන-පොහොර ප‍්‍රශ්ණයක් යයි කියයි..”

  1. මරා... says:

    හරි…..හරී…….කොමඩි ෂෝ එක ආරම්භ උනා.. පව්ලේ උන්ම කැරලි ගහන බව පෙන්වනවා…ජය වෙවා අපේ බයියන්ට

  2. සාධාරණ සමාජයක් උදෙසා! says:

    නාටකද? ඇත්තටද?

    දෙයියෝ දනී අපි නොදන්න.

    ආශ්චර්යය කෝ?

    සවුභාගේ කෝ?

    ලබන පාර ඡන්දෙට මොනව දෙනවකියල ද ඡන්දේ ඉල්ලන්න?

  3. Amaris says:

    තෙල් මිල වැඩි කිරීම ජනතාවටත් වඩා ලොකු ප්‍රශ්ණයක් කරගෙන තියෙන්නෙ ජනාධිපතිට විරුද්ධ තක්කඩි දේශ පාලුවන්ට . ජනතාවට පේන්ඩ කිබුල් කදුලු හලනවා. ලක්ෂ 600 V 8 ගේන්ඩ මුන් එක පයින් සතුටුයි. කොල කෑලි අච්චු ගගල 5000 කොල බෙදන බෙදන එකේ ආදීනව ඉදිරියට බලා ගන්ඩ පුලුවන්.

  4. Rata Venuwen says:

    ඉන්ධන නොමිලේ දෙනු!