යෝධ තල්මසෙකු වෙරලට ගොඩගසයි.. ගිනිගත් නැව නිසාදැයි සැක..

June 17, 2021 at 8:02 am | lanka C news
යෝධ තල්මසෙකු වෙරලට ගොඩගසයි.. ගිනිගත් නැව නිසාදැයි සැක..

යාපනය කයට්ස් උර්කාවත්තුරෙයි මුහුදු තීරයට මිය ගිය විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගස් ඇති බවට ධීවරයින් පවසති.

මිය ගිය තල්මසා අඩි 32 ක පමණ දිගින් යුක්ත වන අතර මීට දින 5 කට පමණ පෙර මිය ගොස් ඇති බවට පරික්ෂා කල යාපනය වනජීවි නිලධාරීන් සහ වෙරලාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූහ.

තල්මසා මිය යාමට හේතුව මෙතෙක් නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නොහැකි බවටත් තල්මසාගේ සිරුරේ ලබාගත් කොටස් පරික්ෂණයන් වෙතට යොමුකිරීමට පියවර ගෙන ඇති බවටද වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

තවද අදාල තල්මසා මිය යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන්යැයි තමන්ට සැකසහිත බවටද කයිට්ස් ධීවරයින් පෙන්වා දෙයි.

මේ අතර මන්නාරම ශිලවතුර මුහුදු වෙරලටද මිය ගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අතර එයද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමක් බවටද සිලාවතුර ධීවරයින් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,891 views

9 Comments to “යෝධ තල්මසෙකු වෙරලට ගොඩගසයි.. ගිනිගත් නැව නිසාදැයි සැක..”

  1. Samantha Fonseka says:

    Plastic Kalla

  2. මහ බූරුවෝ says:

    තල්මසාගේ කනට කරලා අහපල්ලා මැරුණේ කෝමද කියල. දැන් මේක ඒ තරම් 80% රටක්.

  3. Dp says:

    දැන් දවස ගානෙම මාළු මැරිලා ගොඩට එනවා. දැනට කැස්බෑවන් 60 ක් විතර ගොඩ ගහලා . ඒත් තාම කවුරුවත් මේකට පැහැදිලි හේතුවක් දීලා නෑ. එක්කෝ අපේ නිලධාරීන් . මේවා පරීක්ෂණ කරන්න දන්නේ නෑ.නැත්නම් නැව් සමාගමෙන් ගෙවන $ වලට කටවල් lock වෙලා.

  4. KD says:

    මුහුදු ජල පරීක්ෂාව MEPA වහාම නිදහස් කරන්න

  5. Susantha says:

    8 paas amathiya kiyai wathure gilila marenda athi kiyala. Api thamai hondatama kale

  6. 3% ට බය බයියා. says:

    වාරකන් කාලේ ඔය වගේ සත්තු ගොඩ ගහනවා කියලා පොහොට්ටුවෙන් ගොඩගිය ගොඩ ආචාර්ය කෙනෙක් පවසා ඇත.

  7. GANGABADAYA says:

    මේ රටට ,පරිසරයට වින කරන මෙලොම රහක් නැති,ගොඩහේවා,මහින්ද අමරවීර,රොහීත අබේගුනවර්ධන,දයා රත්නායක වැන්නවුන් අදම පන්නා දැමිය යුතුයි.මේ අසරණ සත්තුන්ට වෙන අපරාධය දැක්කහම හරීම වේදනාකාරියි.
    ජනාධිපතිතුමනි, දැන්වත් තේරුම් ගන්න මේ ගොන් රැළත් එක්ක තව දුරටත් ඔබට යා නොහැකි බව………

  8. Silva says:

    හැම මගුලටම හේතුව ගිනි ගත් නැව. හරි ෂෝක්.