රජයේ නිලධාරියෙකු රාජකාරි කිරීමට විරුද්ධව දේශපාලන බලවතකුගේ මැරයෝ නිවසට පැන වෙඩි තබති.. මැරයෝ නිදල්ලේ..

February 23, 2017 at 10:00 am | lanka C news
රජයේ නිලධාරියෙකු රාජකාරි කිරීමට විරුද්ධව දේශපාලන බලවතකුගේ මැරයෝ නිවසට පැන වෙඩි තබති.. මැරයෝ නිදල්ලේ..

මඩකළපුව එරාවුර් පුන්නකුඩා ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් අක්කර 100 ක් පමණ වන රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගැනිමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට ඊයෙ සවස වෙඩිතබා ඇත.

මේ සම්බන්ධව කිසිවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන නැත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්වුනේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ මඩකළපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂක විමලරාජ් නේෂන් මහතායි.

කලවංචිකුඩි ඔහුගේ නිවසට පැමිණ මැරයෝ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර ඔහු මේ වනවිට මඩකළපුව මහා රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබයි.

මෙම වෙඩි තැබීම පිටුපස නැගෙනහිර පලාතේ ප්‍රධාන දේශපාලන බලවතකුට සම්බන්ධ පිරිසක් විසින් මෙය සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

මේ දිනවල දිවයින පුරා රජයේ ඉඩම් මංකොල්ලකෑම් ප්‍රසිද්ධියේ සිදු වන අතර මෙය දේශපාලන බලධාරීන් විසින් ප්‍රදේශිය ගෝල බාලයින් යොදා කරන ලබන බවට නිතරම අසන්නට ලැබුනි.

රජයේ නිලධාරියෙකුට දිගින් දිගටම තර්ජනය කොට අවසානයේ ඔහුව ඝාතනය කිරීම සඳහා දේශපාලන මැරයන් විසින් ඔහුගේ නිවසට පැන මෙසේ වෙඩි තබා පැන යාම සම්බන්ධව සමස්ථ රාජ්‍ය සේවයම භීතියයට පත්කොට ඇත.

12 views

2 Comments to “රජයේ නිලධාරියෙකු රාජකාරි කිරීමට විරුද්ධව දේශපාලන බලවතකුගේ මැරයෝ නිවසට පැන වෙඩි තබති.. මැරයෝ නිදල්ලේ..”

  1. රාජ්‍ය සේවක says:

    කෝ මේ ගොන්ජා? කෝ මේ රටේ ජනාධිපති? ඇයි මේ රාජ්‍ය නිලධාරින්ට මේ හැටි සලකන්නේ?

  2. ගම්බාරේ says:

    මේ ඔක්කෝම කරන්නේ රිසාඩ්ගේයි රවුෆ් හකීම්ගෙයි මැරයෝ. එක පැත්තකින් විල්පත්තුව ඉවරයි, අනිත් පැත්තේ නැගෙනහිරින් ඉවරයි. ඇත්තටම රටේ මේ වනවිට පාලනයක් නැහ.

Main News