මන්නාරම් වෙරලට දැඩි පිලිසුම් තුවාල සහිත මිය ගිය තල්මසෙකු ගොඩගසයි…

June 20, 2021 at 12:40 pm | lanka C news
මන්නාරම් වෙරලට දැඩි පිලිසුම් තුවාල සහිත මිය ගිය තල්මසෙකු ගොඩගසයි…

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරඩික්කුලි මුහුදු වෙරලට පිලිසුම් තුවාල සහිත කුඩා තල්මසෙකුගේ මළ සිරුරක් ඊයේ (19) සවස ගොඩගසා තිබූ බවට ප්‍රදේශයේ ධීවරයින් පෙනවා දෙයි.

ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් ධීවර කටයුතුවලට පැමිණෙන අවස්ථාවේදී අදාල තල්මසා දැක ඒ බව මන්නාරම් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට දැනුම් දී ඇත.

අදාල තල්මසාගේ සිරුරේ බොහෝ ස්ථානවල පිලිසුම් තුවාල තිබෙන බවටත් පසුගියදා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී එයට හසු වූ තල්මසෙකු බවට සැකකරුන්නෙයැයි ප්‍රදේශවාසීන් හා ධීවරයින් පවසා සිටිති.

මේ අතර පසුගිය දින කිහිපය තුලදී මන්නාරමට හා යාපනයට මිය ගිය කැස්බෑවන් හා විශාල තල්මසෙකුගේ සිරුරක්ද ගොඩගසා තිබූ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හා රසායනික ද්‍රව්‍යන් හේතුවෙන් මෙලෙස මසුන් මිය ගොස් මුහුදු වෙරලයන් වෙතට ගොඩගසන බවට ධීවරයින් වැඩිදුරටත් පවසා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

34,470 views

37 Comments to “මන්නාරම් වෙරලට දැඩි පිලිසුම් තුවාල සහිත මිය ගිය තල්මසෙකු ගොඩගසයි…”

  1. Mssilva says:

    Ane hapoi angoda nalaka pukahewa

  2. aru says:

    Angoda Hewa kiyanawa thalmasaa merenna eththe muhudu pathule ginikandak pupuralaa kiyalaa. Me thalmasaa ginigath neva ahalakatawath giye nethi ekek. Angodath nethuwa ethi mehema gobbayo. .

  3. ගිරිගෝරිස් says:

    නෑ බොල ඔය වාරකන් නිසා එන මාළු කුණු දන්නේ නැද්ද 😜😂😜

  4. Gon athal says:

    Warakan kaleta malu ohhoma thamai..

    Viyath maga,
    Dr.Nalaka goiyya..

  5. KD says:

    මේ මොහොතේ මුහුද විෂ සහිත බව පෙනේ. මාළු කන්නවත් පිහිනන්නවත් මුහුදු වෙරළේ ඇවිදින්නවත් එපා.

  6. ක්‍රිමිනල් says:

    ගොං බෛයන්ගේ කියත් මගේ “බිං” කමාන්ඩෝ වරයෙක් වන අංගොඩහේවනං කියන්නේ ඔය වාරකං කාලෙට ගහගෙන එන සමුද්‍ර ජීවීන් කියලා , ඒ වගේ උගත්තූ කියන කතා අපි ගොං බෛයො විදියට පිලිගන්න ඔනේ ප්‍රශ්ණ කරන්නැතුව. උගතෙක් උනත් ගොං බෛයෙක් උනොත් , අමූ මීහරකෙක් තමයි..😂😂😂

  7. saman says:

    Where is this so call Dr.Godahewa???????

Main News