කීරි සබ්බා කිලෝවකින් රුපියල් 80ක අධි ලාභයක්

June 20, 2021 at 3:50 pm | lanka C news
කීරි සබ්බා කිලෝවකින් රුපියල් 80ක අධි ලාභයක්

දැනටත් සියයට හතක් පමණ පරිභෝජනය කරනු ලබන කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයත් දෙසීය විස්සත් දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයකින් මෝල් හිමියන් රුපියල් අසූවකට ආසන්න ලාභයක් ලබන බව වාර්තා වේ.

මේ දිනවල වෙළෙඳපොළට නිකුත් කරන කීරි සම්බා සහල් පසුගිය යල කන්නයේ කිලෝග්‍රෑමය රුපියල් 50 – 60ත් අතර මිලට ගත් ඒවා බව සඳහන් වේ.

එම වී වලින් නිෂ්පාදනය කරනු ලබන සහල් කිලෝග්‍රෑමය රුපියල් 120ක පාලන මිලකට අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් පත්‍රය පසුගිය පෙබරවාරි 08 වැනි දින ඉවත් කර ගැනීමත් සමග සහල් ව්‍යාපාරිකයන් රිසිසේ කීරි සම්බා මිල ඉහළ දැමීම ආරම්භ කළේය. සාමාන්‍යයෙන් කීරි සම්බා වී වලින් සහල් නිෂ්පාදනය කිරීමේදී නියම ගුණත්වය ගැනීම සඳහා මාස 8-12ක් පැරණි වී යොදා ගනියි.

සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකහමාරක් අවශ්‍ය අතර ගබඩා, විදුලිය, ශ්‍රමික, ප්‍රවාහන ආදිය සඳහා තවත් රුපියල් දහයක් පමණ වැය වේ.

ඒ අනුව සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය සඳහා රුපියල් සියයක පමණ වියදමක් දරන අතර ඒවා කොළඹට ප්‍රවාහනයට හා සිල්ලර අලෙවි කෙරුණේ ලාභය සහ සහල් මෝල් හිමියාගේ ලාභයට රුපියල් විස්සක මිලක් තබාගෙන කීරි සම්බා සහල් කිලෝග්‍රෑමය රුපියල් 120ක මිලකට අලෙවි කළ හැකිය.

මේ ආකාරයට නාඩු සහල් කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 110- 120ක මිලකටත්, සම්බා සහල් තොග මිල රුපියල් 140 – 150ක මිල ගණන් දක්වා වැඩි කිරීම නිසා සෑම සහල් වර්ගයකම සිල්ලර මිල තොග මිලේ සිට තවත් රුපියල් 5-10ක් අතර මිලකින් ඉහළ ගොස් ඇත.

– aruna

45,351 views

11 Comments to “කීරි සබ්බා කිලෝවකින් රුපියල් 80ක අධි ලාභයක්”

  1. පොඩි එකා says:

    දැන් ඔය අධික ලාබ ලබන මෝල් හිමියෝ ලබන ආත්මේ ඉපදෙන්නේ ගුල්ලෝ වෙලා…

  2. ULAMA says:

    විකුණන තෙනක් දැක්කොත් මට කියන්නකෝ …මම කොරල පෙන්නම්නම් ඇ ….උන් ඔක්කොම මට කොරල yayda දන්නෙත් නෑ හැබැය් ……..

  3. සසර says:

    ධර්මය අනුව කිසිවිටකත් කිසිවෙකුට වෛර නොකල යුතුයි. නමුත් මෙවැනි අපරාධ රජය අපහසුවට පත් කිරීම සඳහා ක්‍රියාත්මක වන නොපෙනෙන බලවේග විසින් හසුරුවන බව හොදටම පැහැදිලිය. එබැවින් බඩට කරන මේ විනය හාල් මාෆියා කරුවන්ට මේ ආත්මයේදීම දඩුවම් දිය යුතුය.

  4. LalithM says:

    බන්දුල ආචාරීන් කිව්වේ මිල පාලනය කරන්න බැරි බව. ඇමති මණ්ඩලය තියෙන්නේ මිල වැඩි කරන්න විතරයි. හාල් 500 ටම පලයන් කියලා කියන්නේ. පුන්නක්කුත් නෑ පොල් පලදාවක් නැති හින්දා. නෑ ඉතින් අපි ඒකවත් බොන්න එපායැ මමත් 69න් එකෙක්.

  5. උපාසක says:

    මේ වගේ වසංගත කාලයක මිනිස්සු ආහාරයට ගන්නා දේවල් වලින් අධික ලාභ ලබන මිනිස්සුන්ට දියයුතු දඩුවම ස්වභාව ධර්මය තීරණය කරයි.

    • ක්‍රිමිනල් says:

      අනවශ්‍ය විදියට , අසාධාරණ විදියට ලාභ උපයන්න දීලා බලාගෙන ඉන්න රජයක් පත්කරගත්තේ උබලා ගෙදරට ගෙනල්ලා පොල් ටික ගාගන්නද මොඩ පහේ සෙන්ටර් මෝල් බෛයො ??

  6. ක්‍රිමිනල් says:

    ගොං හැලපේඩී බෛයන්ගේ කමෙන්ට් කියොලා ගන්න ආතල් එක වෙන කිසිම දේකින් බෑ , මුන් කාලයක් රැගුවා , ස ආවහම ලේසී වෙන්නෑ , ඔක්කොටම කෙලොලා ගන්නේ කියල , දැන් බෛයො අඩනවා , හාල් මෝල් කාරයන්ට හෙණ ගහපන් කියලා , ගොබ්බයො රජයක් තියේන්නේ මිල නියාමනය කරන්න ,ආසාධාරණයක් වෙනවනන් ජනතාවට සාධාරණයක් ඉශ්ඨ කරලා දෙන්න , කොහොමද දැන් උබලට වෙනශ ශැපඩ ?? 😂😂😂😂😂😂😂

  7. පොඩි එකා says:

    කීරි සම්බා සාරි කිම්බා.
    ඒකයි ටිකක් ගනං.

  8. Samitha says:

    පොලොන්නරුව හාල් මුදලාලි කෙනෙක් හෙලිකොප්ටර් එකකුත් ගෙනාවය කියන්නෙ
    හිඟුරක්ගොඩ air force camp එකේ නවත්තලා, පඩි පිට පයිලට් සහ සහයකයෙකුත් අරං කියල ආරංචියි
    පවු පොඩි එකාට හෙලිකොප්ටර් එකක් ගන්න තමා හාල් වල ගාන වැඩි කරන්න ඇත්තෙ

  9. අත්න සහාල් Pvt ලිමිටඩ් says:

    මඟුලක් කියනවා. රුපියල් අසූවක් ලාභ අරගෙනත් දවසට අඩුම ගානේ හාල් කිලෝ දහදාහක් වත් විකුනන්න ඕනේ හෙලිකොප්ටරේ ලීසිං එක ගෙවා ගන්න. අපි සල්ලි හම්බ කරන්නේ දුක්මහන්සියෙන් නැතුව ආණ්ඩුවෙන් පිනට කන්න බලං ඉන්නෙ නැහැ

  10. saman says:

    ඩේටා බේස් එකත් තියාගෙන බලන් හිටියනේ අපේ විරුවා

Main News