බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

June 22, 2021 at 12:02 am | lanka C news
බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

මෙරට ජනාධිපතිවරයා වීමට බැසිල් රාජපක්ෂ මහතාට සෑම සුදුසුකමක් ම ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

‘ජනාධිපති ධුරය හෙබවීමට බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන නුසුදුසුකම කුමක්ද. එතුමාට සෑම සුදුසුකමක් ම තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා හිටියනම් මෙයාකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුවන්නේ නැහැ’ යයිද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහුනවරදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපති කරවීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපති කරවීමටත් මුල් වූයේ බැසිල් රාජපක්ෂ මහතාම බවත් ඒ සියල්ල ඔහුට කළ හැකි නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමට කුමන සුදුසුකමද නැත්තේ යයිද මන්ත‍්‍රීවරයා විමසා සිටියේය.

52,111 views

65 Comments to “බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..”

  1. සනත් ඉතාලිය says:

    මමනම් කැමති බැසිල් එනවට. මොකද කොකාගෙ සුද පේන්න ඉගිලෙන්නම ඕනෙ. එදාට බලාගන්න පුලුවන් බැසිල්ට මිනිස්සුගෙ මොනතරම මනාපයක් තිබ්බද කියල. ඒ වගේම බැසිල් නාමයත් මේ රටින් තුරන්වෙලාම යනවනෙ. ඒත් මූ නූල් සූත්තරය. ඒකයි අවුල

  2. ශිරා says:

    තෙල් මිල අඩු කරන්න, බැසිල්ගෙ පුපෙන් තෙල් බෙරෙනවද

    • සුදුපරවියා says:

      දිවීත්ව පුරවැසිභාවයක් ඇති කපටියෙක් කුමකද අපේ රටේ ජනපති කරන්න හදන්නේ ? ඔබට අමුකැවිලද ?ඔහු වෙනත් රටක පුරවැසිභාවයක් ලබා ගෙන ඇත්තේ තමන්ගේ මව්බිමට ගෞරවයක් ආදරයක් නැති නිසයි

  3. Herath Banda Karaliyada says:

    Pro Ranjith Bandara writing a new political theses of that elected governances by New leadership of SLPP.
    He might be get a Fulbright scholarship of USA by Harvard University very soon !
    The Political landscape in an Island has change in recentely .

  4. Upul says:

    What type of slave mentality is this? These idiots think that the country belongs to this one family.

    • JOHN says:

      මෝඩ කතා කියන මෙවැනි අවස්ථාවාදී මෝඩයෙක් කෙසේද මහචාර්යවරයෙක් වුයේ …මොහු රාජපක්ෂ පවුලේ දාසයෙක්ද ? දේශපාලන වහළෙක්ද ?ලැජ්ජයි

      • GulSiri Lal Nanda says:

        This mode of politics of family oriented been inherited since even before 1948 so-called Independence.It was two party of politics by two families since 1948.What ever said done changes we noted since 1956 April by MEP ,after that SLFP was roots of Family nepotism.
        Later new family came into being of Rajapaksa’s of Big families.

      • GulSiri Lal Nanda says:

        This mode of politics of family oriented been inherited since even before 1948 so-called Independence.It was two party of politics by two families since 1948.What ever said done changes we noted since 1956 April by MEP ,after that SLFP was roots of Family nepotism.
        Later new family came into being of Rajapaksa’s of Big families.
        The Dr Ranjith of Banadara Professor is not politician, he was political henchmen of advocated by politics of looking New success in Island for SLPP! by $$$.

  5. Sagara81@gmail.com says:

    බැසිල් කියන්නේ සැබෑම දක්ෂයෙක් ඔහුට පුළුවන් මොනවා හරි දීලා සමෘද්ධිලාභි ඉන්න ගොනාට අන්ද ගන්න මුස්ලිම්වරුන්ට පොරොන්දු ටිකක් දීලා ගොනාට අන්දවන්න මේ විදිහට රටේ ජනතාව විවිධ ආකාරයෙන් ගොනාට අන්දවලා ඡන්දෙ ටිකෙන් ගණන් හදලා ඡන්ද ගොඩ වැඩි කර ගන්න බැසිල්ට පුදුම දක්ෂතාවයක් තියෙනවා ඒකයි ජරා දේශපාලඥයන් මේ මනුස්සයට කැමති මොකද ඔවුන්ට පහසුවෙන් ඡන්දෙ දිනන්න පුළුවන් ඔවුන්ගේ ජාවාරම් ඉතා පහසුවෙන් කරගෙන යන්න පුළුවන් නමුත් මේ දේවල් වලින් රටේ ජනතාවට කිසි සෙතක් වෙන්නෙ නෑ එක ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ඡන්ද කූන්ඩුවලට තවදුරටත් ජනතාව රැවටෙන්නැ

  6. ගිජුලිහිණි සංදේශය says:

    රට යන අතට තව ඉවසා ඉන්ට බැරි
    මට නොව නුඹට කවි ලියවේ නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටක සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

    කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ
    නංගී පෙන්නලා අක්කාවයි දුන්නේ
    කොරේ පිටට මරයකි ළඟ ළඟ එන්නේ
    දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ

Main News