සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය කොකාකෝලා සමාගමට ස්තුති කරයි…

June 22, 2021 at 4:40 pm | lanka C news
සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය කොකාකෝලා සමාගමට ස්තුති කරයි…

කොවිඩ් රෝගයෙන් ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් වෙත අවශ්‍ය වන ඔක්සිජන් ලබාදීම සදහා රෝහල් වෙත අවශ්‍යවන ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර හතරක් කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම විසින් රෝහල් 04කට පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

නවසීලන්තයේ නිෂ්පාදිත රුපියල් මිලියන 5.4ක් වටිනා ස්වයංක්‍රීය හයිෆ්ලෝ නේසල් ඔක්සිජන් තෙරපි ඒකක 04ක් මෙසේ දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, මාතර, ගම්පහ යන රෝහල් වෙත ලබාදීමට එම මොහොතේදීම කටයුතු කළ අතර ඒ සදහා දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙනුවෙන් ඖෂධවේදී බුද්ධික ප්‍රසාද් මහතා, අම්පාර රෝහල වෙනුවෙන් ඖෂධවේදී රුවන් අබේරත්න මහතා, මාතර රෝහල වෙනුවෙන් ඖෂධවේදී සී.එස්. රාජපක්ෂ මහතා සහ ගම්පහ රෝහල වෙනුවෙන් ප්‍රධාන හෙද නිලධාරිනී (විශේෂ ශ්‍රේණිය) ඩබ්ලිව්.කේ. ප්‍රියන්තිකාද සිල්වා මහත්මිය වෙත කොකා කෝලා සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අධ්‍යක්ෂ ලක්ෂාන් මදුරසිංහ මහතා විසින් එම උපකරණ ලබාදීමට කටයුතු කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ මේ රටේ ව්‍යවසනයක් ඇතිවූ සෑම අවස්ථාවකම රටවැසියා වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කිරීමට දානපතීන් ඉදිරිපත්වනවා දකින්නට ලැබෙන අතර මේ අවස්ථාවේ කොකා කෝලා සමාගම මෙසේ ඉදිරිපත්වීම පිළිබදව සිය ස්තුතිය පළකර සිටින බවයි.

කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම විසින් කොවිඩ් 19 වෙනුවෙන් දියත්කර ඇති Stop the Spread වැඩසටහනේ එක් පියවරක් ලෙස රෝහල් වෙත මෙම පරිත්‍යාගය සිදුකළ අතර ඉදිරියේදී කොවිඩ් සටනේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වටිනා පුද්ගල සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් (PPE Kits) ලබාදීමටද සැලසුම් කර ඇත.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්

49,285 views

7 Comments to “සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය කොකාකෝලා සමාගමට ස්තුති කරයි…”

  1. කුඹුක්කණ් says:

    ඔච්චර කෝටි ගණං වියදං කරන්න ඕනෙ නෑ, ආයුර්වේද සූත්‍ර කමිටුව අනුමැතිය ලබා දුන්න ඖෂධ කොරෝනා රෝගීන් සඳහා නිර්දේශ කලා නං.
    එම ඖෂධ නියමිත ප්‍රමාණයට මාත්‍රාවට භාවිතා කරපු කිසිම කෙනෙක්ට ICU යන්න උනේ නෑ.
    දවස් 3 කින් 4 කින් ලෙඩේ හොද කරගත්තා.

    ලැජ්ජයි ඔබලා වගේ උගතුන් ගැන, බටහිර වැක්සීන් සමාගම් පෝසත් කරන්න හදපු ඩුප්ලිකේට් උගත්තු.

    • ගිජුලිහිණි says:

      මිතුරේ කුඹුක්කණ්
      උඹේ අදහස් මුක්කන්
      කාලා බිබික්කන්
      වෙලට බැහලා බාන දක්කන් ..

  2. චන්ද දායක says:

    If Coca cola can stop selling coca cola, thats the biggest favor for the entire world .

  3. බතල ගෙඩිය says:

    Coca cola සමාගම මොනවා දුන්නත් අපි coca cola බොනවද? නෑනේ නෑනේ

  4. ජනසංහාරක සැලසුම්. ! says:

    පදීරි වේසි , බටහිර බහුජාතික සමාගම්වල ජන සංහාරක එන්නත්තුළට ජනයා ගොදුරුකරණලද දූෂිත පුල්ලේ දියවැඩියාව වපුරන විස බීම සමාගම් ප්‍රවර්ධනය කිරීමේ ජනසංහාරක සැලසුම්!

  5. Cochapic says:

    ටොයිලට් හොඳට හේදෙනවා කොකා කෝලා දාලා හේදුවම. Harpic එක්ක තරඟයට වැඩ.

  6. ඒ වුනාට කවුරුත් කොකා කෝලා බොන්න එපා. ඒවා වලින් ටොයිලට් පිරිසිදු කරන්න පුළුවන්.

Main News