ආනයනකරුවන් මාස 09කට සීනි තොග ගබඩා කරගෙන.. ඩොලර් නැතිවේ යයි භීතියෙන්…

June 26, 2021 at 6:20 am | lanka C news
ආනයනකරුවන් මාස 09කට සීනි තොග ගබඩා කරගෙන.. ඩොලර් නැතිවේ යයි භීතියෙන්…

මෙරට ඩොලර් නැති වෙනු ඇතැයි ජනතාව භීතියට පත්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් ඉදිරි මාස නවයක කාලය සඳහා අවශ්‍ය සීනි තොග ගෙනැවිත් ගබඩා කර ඇතැයිද ඒ මහතා පැවසීය.

මේ අතර මෙරටට සීනි ආනයනය කිරීම සඳහා නිකුත් කර ඇති සියලුම බලපත්‍ර අත්හිටුවීමට ආනයන පාලක වරිය විසින් කටයුතු කර තිබේ.

දැනට රටේ පවතින ඩොලර් සංචිතය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ තත්ත්වය මත සීනි මිල ඉහළ යාමේ තත්ත්වයක් උද්ගතව ඇති අතර සුදු සීනි කිලෝවක් රුපියල් 140ක් හා රතු සීනි කිලෝව 150 මට්ටමට ඉහළ යාමේ තත්වයක් මතු වී තිබේ.

25,280 views

9 Comments to “ආනයනකරුවන් මාස 09කට සීනි තොග ගබඩා කරගෙන.. ඩොලර් නැතිවේ යයි භීතියෙන්…”

  1. මරා says:

    කමක් නෑ දයාසිරී ,,,, ස කියනවානම් අපි 140ට නෙමෙයි 240ට හරි අරගන්නවා.. රනිල් කිව්ව නිසා අපි පටි තද කරන් ඉන්නෙ තවමත් ….අපි දන්නවා අපේ ස කවදාහරි ඒ පටි බුරුල් කරයි කියල …ස ට බැරි උනොත් නිර්වාන් ඇවිල්ලා හරි ඒ පටි බුරුල් කරයි….. එතකං අපි ඉන්නවා

  2. කපුටා says:

    මාස 9 කට තොග තියාගෙන ඉන්නේ ඇයි? ඉන් පස්සෙ බැසිල් හතරමහ නිධානෙ ගොඩ ගන්නවද?

    • ඒබරන් සිංඥ්න්නෝ says:

      හිටින්, තාම වැව හාරන්න පටන් ගත්තා විතරයි. නිදානේ මතු වෙන්න තව ටික දවසක් යයි. කොහෙද මීඩියා කාරයො එකෙත් ඇද හොයනවා.

  3. MD says:

    දිය යටින් ඕන ගින්දරක් අරන් යන්න පුලුවන් කමත් තියෙන මන්ත්‍රී වරයෙක් හැටියට ප්‍රසිද්ධයි.

    • මුදි තාජා කොඩිය says:

      කෝටි ගාණක් වටිනා මාළිගාවක් ගිලපු එකෙක් ට මහා බැංකුව ත් කාජ්ජාක්ද ?

  4. යකා says:

    මාස 09 මොකද ඊට පස්සේ මේ රට පාලනය කරන්නෙ වෙන පක්ෂයක්ද

  5. Chamara says:

    He..e.heeee.masa 9ta seeni gabada kale tax adu karapu wasiya ganna.owa genawe tax adu karapu welawe.minissunta owa ikmanin amathaka wena hinda aith andannai maya hadanne.mahattayo mataka nadda lankawe wisalama seeni wanchawa.

  6. සියලු මහා පරිමාණ ව්‍යාපාරිකයන් ආන්ඩුව පෙරලන්න දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන බව පැහැදිලියි .

  7. ජනජය says:

    මේ පොම්මුලේ…හනුම වගේ 🔥 තියෙන්නෙ නැතිව රටට වැඩක් කරපං …!

Main News