ශ්‍රී ලංකාවේ එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ලෝක බැංකුවේ ප්‍රසාදය…

June 26, 2021 at 2:07 am | lanka C news
ශ්‍රී ලංකාවේ එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ලෝක බැංකුවේ ප්‍රසාදය…

කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය පළවේ. එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසදීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනය ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇතැයි එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

ඒ සඳහා ලබාදෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේ දී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමි වන බව ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. කොවිඩ් මර්දන විශේෂ කමිටුව 25 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය කෙරිණ.

ලබන මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්, සයිනෝවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබේ. එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය. දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල්වලින් එන්නත් ලබාගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව පාදෙණිය මහතා සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

28,648 views

6 Comments to “ශ්‍රී ලංකාවේ එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ලෝක බැංකුවේ ප්‍රසාදය…”

  1. Walli says:

    Government can manage to collect votes from above 10 million people in jsut a single day. Why can’t they provide vaccines in the same way. At least in one week….? Unlike many other countries, Sri Lanka already have wide spread medical facilities everywhere in the country. Just deliver those vaccines to those medical centers and get people vaccinated as per the vote registration list. Very simple. Just keep dirty politicians away from the procedure

  2. කුඹුක්කණ් says:

    බඩු මුට්ටු ඔන්ලයින් ඕඩර් කරන කොට, දරස් එකා කැමතියි උගේ සයිට් එකෙන් ගන්නවනං, ඌට කට් එකක් එනවනේ.
    මෙතන එන්නත් ලබා දෙන්න බ්‍රෝකර් වැඩක් කරන WHO එක සහ ඒ බ්‍රෝකර ගේ පැසසීම ආශිර්වාදයක් කරගන්න තරං බටහිර උගතුන් දීන වී ඇති බව පෙනේ

  3. Saman says:

    ඒ බෙහෙත් දොස්තරලා හොරකම් කරනවා කියලා පැමිණිලි කරමු

  4. යකා says:

    ඔයඔයගොල්ලන්ට කාගෙන් ප්‍රසාදය හිමිවුනත් ලංකාණ්ඩුව එන්නත් මිලට ගන්නෙ ඔයගොල්ලො හරහා නොවෙයි නෙ චීනය සමග සෘජු ගිවිසුමක් මතනෙ

  5. Felix says:

    This fellow is a dummy fellow and goes to the level of ash regardless of his profession. He himself declaring what World Bank says and shows us the link or the statement given by WB and validates by who in the WB? Now, these days majority of henchmen without hesitant to quoting all the international organizations like the World Bank, IMF, WHO, UN, etc but these institutions have not an idea or not a clue about those statements. It seems that he is ready to go whatever level for money and post.

  6. Mahinda says:

    $ 10 එන්නත $15 ගත්ත හින්දද?

Main News