‘ඩෙල්ටා ප්ලස්’ එයි.. සියළු එන්නත් ආරක්‍ෂාව බිදදමයි..

June 26, 2021 at 1:20 pm | lanka C news
‘ඩෙල්ටා ප්ලස්’ එයි.. සියළු එන්නත් ආරක්‍ෂාව බිදදමයි..

මේ වන විට ඉන්දියාවෙන් මතුව ඇති ‘ඩෙල්ටා ප්ලස්’ නමැති නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයට වඩා වැඩි වේගයකින් පැතිරෙන මෙන්ම කොරෝනා මර්දන එන්නත්වලට පවා ආරක්ෂාව ලබා දිය නොහැකි ප‍්‍රභේදයක් බව මෙතෙක් සිදු කර ඇති අධ්‍යයනවලින් අනාවරණය වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයන් උපුටා දක්වමින් ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත පවසයි.

දැනට ලොව පුරා රටවලට තර්ජනයක්ව පවතින බලවත්ම කොරෝනා වෛරස් ප‍්‍රභේදය වන ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ විකෘතියක් වන ‘ඩෙල්ටා ප්ලස්’ වෛරස් ප‍්‍රභේදය මේ වන විට ඉන්දියාව ඇතුළු රටවල් 11කට පැතිර ගොස් ඇති බව අනාවරණය වී ඇත.

මෙම ප‍්‍රභේදය තවත් සති කිහිපයකින් ඉන්දියාවේ හට ගනු ඇතැයි අනාවැකි පළ වී තිබෙන තෙවැනි කොරෝනා වසංගත රැල්ලට හේතු වනු වන බවට ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයන් දැනටමත් අනතුරු අඟවා තිබේ.

ඉන්දියාව, එංගලන්තය, කැනඩාව, ජපානය, නේපාලය, පෝලන්තය, පෘතුගාලය, රුසියාව, ස්විට්සර්ලන්තය, තුර්කිය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් මේ වන විට ඩෙල්ටා ප්ලස් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබේ.

මෙම නව වෛරස ප‍්‍රභේදය තුළ ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ සියලූ ලක්ෂණ මෙන්ම දකුණු අප‍්‍රිකානු කොරෝනා ප‍්‍රභේදය වන ‘බීටා’ ප‍්‍රභේදයේ ලක්ෂණද දක්නට ලැබෙන බව මේ වන විට විශේෂඥයන් විසින් හඳුනාගෙන තිබේ. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනටමත් මෙම නව වෛරස් ප‍්‍රභේදය පැතිර ගොස් ඇති රටවලින් විශේෂ ඉල්ලීමක් කරමින් මෙම ප‍්‍රභේදය පිළිබඳව සමීප නිරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත්, ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ හා ආශ‍්‍රිතයන් සොයා යෑම වේගවත් කරන ලෙසත්, එන්නත්කරණය වැඩි කරන ලෙසත් පවසා තිබේ..

මේ වන විට ඉන්දීය හා බටහිර සෞඛ්‍ය විශේෂඥයන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම නව ‘ඩෙල්ටා ප්ලස්’ වෛරස් ප‍්‍රභේදය කෙතරම් දරුණු ද යන්න පිළිබඳව හා එය ප‍්‍රතිදේහවලට ප‍්‍රතිරෝධය දක්වන ආකාරය පිළිබඳව පර්යේෂණ පවත්වමින් සිටින බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත් වාර්තාවේ දැක්වේ.

– Hiru

84,847 views

8 Comments to “‘ඩෙල්ටා ප්ලස්’ එයි.. සියළු එන්නත් ආරක්‍ෂාව බිදදමයි..”

  1. Kasun Perera says:

    පුළුවන් නම් ගෝඨාට බැනපල්ලා මේකටත්. ලෝකෙම ඉන්න විද්ය විශේෂඥන්ට පවා පාලනේ කරන්න නොහැකි ඇහැටවත් නොපෙනෙන කොරෝනා වයිරසය ගෝඨාට පාලනය කල හැකි වෙන්න ඕන කියල සමහර උන් හිතන්නේ

    • මරා says:

      අපිට නං දැන් බයවෙන්න දෙයක් නෑ…. මෙහෙට රාජපක්ශ ප්ලස් ඇවිල්ලා තියෙන්නෙ…

  2. 3% ට බය බයියා. says:

    ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .,,ඊයේ සර් එක කිව්වා නේ…..

  3. එලවිස් says:

    කොහොමත් ඔය එන්නත වැඩ කලේ නැහ..හැමදාම අලුත් එකක් කියනවා.. මුලින්ම එන්නත ගහපු අයට කොවිඩ් හැදෙන්නෙ නෑ,… ඊට පස්සෙ… මාත්‍රා දෙකම ගැහුවොත් හැඩෙන්නෙ නෑ, …2ක ගහල.සති 4 ක්.ගියාම හැදෙන්නෙ නෑ… යේකට පශ්ශේ .. එන්නත ගහපු අයට හැදුනත් මැරෙන්නෙ නෑ.. දැන් කියනවා අලිබුල්ටෝ එකට හ්දපු එක ඩෙල්ටා එකට හරියන්නෙ නෑ කියල.. මුල ඉදලම අපිනම් විස්වාස කලේ හෙල ඔසු පමනයි..🙂

    • කුඹුක්කණ් says:

      මේ ගොං යක්කුන්ට කිව්වා, එන එන ප්‍රභේදයට එන්නත් ගහන එකද විද්‍‍යාව කියලා, පොල් බූරුවො වගේ එන්නත් පස්සෙන් ගියා

      දේශීය ආයුර්වේදයට ඉඩදෙන්නෙ නැතුව , පොල් බූරු බටහිර ඇලොපති උද්දච්චයො හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා , මෙතන මී හරක් වගේ දැඟලුවා දැන් ඇලොපතියන්ට සැපද?

      දැන්වත් බැරි මගුල් නොකර, ප්‍රතිකාර ඇති දේශීය ආයුර්වේදයකට ඉඩ දී , තොපි තොලොංචි වී පලයව් , ඇලොපති යෝ……..

  4. Sandun Dhammika says:

    We should call US marine forces and GIJOE man.
    The cobra virus is going out of control.

  5. Koronis Appuhami says:

    Basi parlimenthuwata aawaama ovaa okkoma ahosi wenawa!!