මේජර් ජනරාල්වරයෙකුට විරුද්දව රට පුරා වැඩ වර්ජනයක්…

June 30, 2021 at 3:22 am | lanka C news
මේජර් ජනරාල්වරයෙකුට විරුද්දව රට පුරා වැඩ වර්ජනයක්…

මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා නිලධාරින් සම්බන්ධයෙන් හබරණ පොලිසිය වෙත පසුගිය දා සිදුකල පැමිණිල්ලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වනජිවි නිලධාරින් 2021.07.02 දින සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අලි පැටවෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් තම නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා (25) දින මින්නේරිය රක්ෂිතය තුල සැගව සිටියදි රක්ෂිතය තුලින් වාහන වලින් පැමිණි මේජර් ජෙනරාල්වරයා ඇතුළු යුධ හමුදා භට පිරිස් අණ නොතකා ධාවනය කර පසුව පැමිණ හමුදා නිල ඇදුම සහ නිල තල අවභාවිතා කරමින් තම නිලධාරින්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසියට පැමිණිල්ලක් සිදු කලද එම පැමිණිල්ලට මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුකොට ගෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹිමට තිරණය කල බවයි.

වනජිවි දෙපාර්තුමේන්තුවේ ඇතැම් උසස් නිලධාරිගේද සහයෝගය මත සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර යුධ හමුදා කදවුර වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස මේ වන විට විවිධ අයුරින් බලපැම් එල්ල වි ඇති බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

62,911 views

11 Comments to “මේජර් ජනරාල්වරයෙකුට විරුද්දව රට පුරා වැඩ වර්ජනයක්…”

  1. saman says:

    හමුදාවට ඔනෑම දෙයක් කරන්න බලය තියන්වා, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමෞදුරුවන්ගේ.ලගදිම මේකටත් කොමිසමක් පත් කරයි.

    • Dilan says:

      හමුදාවෙන් අලි කොහොම වෙතත් දඩ මස් වලටනම් කැලේ වදිනවා කියලා දන්නා මිනිස්සු දන්නවා.

      පැනලා ගිහින් කෑම්ප් එකට බදු දාලා කට්ටිය අවේ ඒකයි

  2. 3% ට බය බයියා. says:

    රණවිරුගාය. අයියා ගේ කාලේ අලි රොෂාන් දැන් මල්ලී ගේ කාලේ අලි මේජර් .

  3. නිල් බලකාය says:

    එක්ණැළිගොඩ හිටියේ මින්නේරිය පැත්තේ ද කොහේද ?

  4. Lolla says:

    දැන් army එක දාල සත්තුත් හොරකන් කරනවා……. මුන්ට වැඩිය හිඟන්නෝ හොඳයි…….

  5. lotus says:

    9,39,472 දෙවන එන්නත/ Still we vaccinated less than1 million people.. Respect sir… U Did well

  6. lotus says:

    9,39,472 දෙවන එන්නත/ Still we vaccinated less than 1 million people.. Respect sir… U Did well …Nothing except Militarization .

  7. Sam Fernando says:

    රජයේ හමුදා නිලධාරීන්ට මේ රටේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක ගමන් කරන්න හැකි බව වනජීවී නිලධාරීන් දැනගත යුතුයි. වනාන්තර තුළ සිදු වන බොහෝ සත්ව ඝාතන සහ ගස් කැපීම් වලට වනජීවී නිලධාරීන් සම්බන්ධ බව ප්‍රකට කරුණකි.

    • LalithM says:

      අලි හොරකමට සම්බන්ධ එකෙක් වගේ. කණ්ඩායමට බරපැන දරන්නාද විය හැක. හ්ම් හොඳයි.

  8. Athula says:

    එක රටක් එක නීතියක්…😄😄😄😄

  9. Major ukkuwa says:

    Hema thenama adu ugath sebalun raja kkaranawaum madi 69 kelapiyaw bada yanna

Main News