පත්තරේ තිබූ කාන්තා හුටපටයක් කියෙවුවා කියා භාවනායෝගී හිමිනමක් සංඛ අමරජිත්ට බැන වදී..

July 1, 2021 at 2:10 pm | lanka C news
පත්තරේ තිබූ කාන්තා හුටපටයක් කියෙවුවා කියා භාවනායෝගී හිමිනමක් සංඛ අමරජිත්ට බැන වදී..

‘බවුන් වඩමින් සිටි බිරිඳ රැගෙන යෑමට ආ සැමියාට හිමිවරුන්ගෙන් ප්‍රහාරයක්’ මැයෙන් පළවූ පුවතක් දෙරණ රූපවාහිනි නාළිකාවේ ‘දෙරණ අරුණ’ වැඩසටහනින් ප්‍රකාශ කළැයි මාධ්‍යවේදී නීතිඥ සංඛ අමරජිත්ට අහංගම, තිත්තගල්ල මෙත් බෝ සෙවන භාවනා අසපුවේ නායක හිමි බව කියන තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් තර්ජනය කර ඇත.

ඊයේ (30 වැනිදා) උදෑසන දෙරණ අරුණ වැඩසටහන නිමාවූ පසු ජංගම දුරකථන අංක දෙකකින් කතා කර තමන් ආනන්දසිරි හිමියන් බව කියමින් සංඛ අමරජිත්ට තර්ජනය කර ‘කන්න හදන්න එපා’ යනුවෙන් බැණවැදී ඇත.

‘ඔයා ඉන්නේ පත්තරවල පච කෙළින්නද’ අසමින් සංඛ අමරජිත් වෙත දිගින් දිගටම බැණ වදිද්දී ‘ඔබ වහන්සේ හාමුදුරුකෙනෙක් විදියට කතා කරන්නැයි’ මාධ්‍යවේදී සංඛ අමරජිත් පවසා ඇත.

‘නටන්න හදන්න එපා’ යනුවෙන් හිමිනම බැණ වදින්නට වූයෙන් එහිදී තමන් ජංගම දුරකථන ඇමතුම විසන්ධි කළ බව මාධ්‍යවේදී සංඛ අමරජිත් පැවසීය.
මෙම තිත්තගල්ල මෙත් බෝ සෙවණ අසපුවේ සිටින තම බිරිඳ රැගෙන යෑමට පැමිණි මොහොතේ එහි හිමිවරුන් පහරදීම ගැන ක්‍රිෂාන් චතුරංග නමැති අයකු අහංගම පොලිසිය වෙත මෙම 28 වැනිදා පැමිණිලි කර ඇත.

මීට පෙර අහංගම නගරයට එක්වූ ප්‍රදේශවාසීන් කඩ සාප්පු වසාදමා මෙම ආගමික ස්ථානයට එරෙහිව විරෝධතාවක් ද සිදුකරනු ලැබුවේ ප්‍රදේශයේ විහාරස්ථානවල නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නයේ ද සහාය ඇතිවය.

– aruna

122,831 views

39 Comments to “පත්තරේ තිබූ කාන්තා හුටපටයක් කියෙවුවා කියා භාවනායෝගී හිමිනමක් සංඛ අමරජිත්ට බැන වදී..”

  1. dineth says:

    mata pene meka badu pot ekak wageyi.ethenta ena genu allagena nawaththaganna.

    • SKF says:

      ඒ ගෑනු ලමයා youtube එකේ වීඩියෝ එකක් දාල තිබ්බා. එයා මහණ වෙන්න කැමැත්තෙන් සිල් මෑණි ජෙනෙක් ලෙස ඉන්නේ. ගෙදරින් අවුල්, ඒත් එයා එයාට අවශ්‍ය දේ කරන්නේ.

      • Dimple kupadiya says:

        මෝඩ ගැනුන්ව ගොනාට අන්දලා නටවන මැර වලත්තයෝ කහ රෙදි පෙරවන් බුරනවා.

        • SKF says:

          කෙනෙක් පැවිදි වෙනවා කියන්නේ සසරින් මිදීමක්. ඔබ පවු කරගත්තාට අපට කරම්නට දෙයක් නැත.

          • aniwa says:

            මහණ වීම සසරෙන් මිදීමක් වන්නේ කෙසේද ?
            සසර යනු කුමක්ද ?
            මිදීම යනු කුමක්ද ?
            තෙරුවන් සරණයි !

    • මාලක says:

      හැමෝම තොගෙ මිම්මෙන් මනින්න එපා බල්ලො. තෝ ගුබ්බෑයම් වල අවලමේ ගියාට හැමෝම එහෙම නෑ. තොගෙ අවලම් වැඩ මෙතන කියලා තොගේ රෙද්ද කඩාගන්න එක විතරයි වෙන්නෙ.

  2. Godaya says:

    බාව නාවන කෙනෙක්

  3. dev says:

    oka enna atte oya dan derana pramote karana asapuwen wenna athi

  4. Sl says:

    මෙතනට ගොස් යහමගට ගියපු ස්වාමින්වහන්සේලා ඕනේ තරම් ඉන්නවා ,ඒ බව youtube නාලිකා හරහා ගිය වැඩසටහන් වලිනුත් පෙනී ගියා.

    පත්තරේ ගියපලියට ඇත්ත කියන්න අමාරුයි .පත්තරත් වැඩ කරන්නේ තමන් කැමති පක්ෂෙට.

    අත්ටටම පත්තරේ විස්තරේ,රුපවාහිනී මාධ්‍යවේදියා හරියට නොදැන , රුපවාහිනියේ ඇද බෑම කිරීමෙන් වෙන්නේ වැරදි දෙයක් වුනත් එසැනින් සමාජය වෙත යාම.එයින් සමාජයට වෙන හානිය වැඩියි.

    • Damian says:

      YouTube වල දාන දේවලින් හොඳ නරක මනින බුරුවො ඉන්නවා ද?

      තිත්ත ගල්ලේ යනු බොරු මහනෙකි. නිකායෙන් සිවුරු ගලවා පන්නපු එකෙක්.

      • Lalith says:

        ඔබතුමා කොහොමද බොරු සහ ඇත්ත මහණුන් වෙන්කරගත්තේ…??
        youtube හොද නැත්තන් හොඳ දේ මොකක්ද? ඔබ හොඳ නොහොඳ වෙන්කර ගත්තේ කොහොමද?

        • ලාලුබුරිත් says:

          උඹලා වගේ ගොබ්බ හැත්ත හිතන්නේ ටීවී එකේ කොම්පූටරේ තියෙන ඔක්කොම ඇත්ත කියලනෙ? උඹලගෙ වරිගයා පුත්තලම් පැත්තෙ තමයි ඉන්නෙ. එහෙටම පල.

      • SKF says:

        නිකායවල් බුද්ධ කාලෙ තිබ්බ ඒවා නොවේ. භික්ශුවකගේ සිවුරු ගලවන්න පුලුවන් පාරාජිකා වුනොත්. එහෙම නැතුව නිකායෙන් නෙරපුවා කියලා භික්ශු භාවය අයින් වෙන්නෙ නෑ.

        පාරාජිකා නොවූ භික්ශුවකගේ සිවුර බලෙන් ගලවන්න ඔබ උත්සාහ කරණවා නම් දික් වෙන්නේ ඔබේ සසර මය.

      • R. S. G. says:

        Sahathika attha, thithagalle pal horek

        • diva says:

          තිත්තගල්ල හොරා කියන්නේ වග කීමෙන්ද? නැත්තන් වෙන කෝන්තරයකටද ? අඩු ගානේ උන්නාන්සේගේ එක දේශනාවක් තියෙනවද?

  5. sajiya says:

    paththare thiyana deyak kiyawana kenata baninne tharjanaya karanne thiththagalleth rahatwela wenta onae.

  6. 3% ට බය බයියා. says:

    නාලිකාවල එවුන්ට ඕනේ ගෑනු කේස් එකක් ඇදගෙන රටේ ප්‍රශ්න ජනතාවට අමතක කරවන්න.

  7. නෙවිල් හඳුන්නෙත්ති says:

    ලංකාවෙ තියෙන්නෙ ගොත්‍රික පඩත්තර මාද්‍යක් ..කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන් හරි කියල හිතෙන මතයට රෙදි නැතුව කඩේ යන එක තමයි ලංකාවෙ මාධ්‍ය කියල හදුන්වන්නෙ

  8. Muthu says:

    ඔය සේරම ආරාම, අසපු භාවනා මධ්‍යස්ථාන සේරම ලවුකික සැප හොයන තැන්. බුදු මඟ යන එක පන්සලක්වත් ලංකාවේ නෑ. පන්සල් සේරම දුප්පත් ළමයි මහන කරලා, පොඩි කාලේ ඉඳලම පාලි කවි / කතා ටිකකට බ්‍රෙන්වොෂ් කරපු කහපාට මිනිස්සු ටික දෙනක් ඉන්න තැනක්. මිනිස්සුන්ට ගස්ගල් වඳින්න, දතකට වඳින්න පුරුදු කරන ව්‍යාජ ආගමික වාණිජ ආයතනයක්. තනිකරම මුදල් මත යැපෙන්නේ. බුදුන් දෙසු දහම මොකක්ද කියල දැනගන්න ආචාර්ය EW අදිකාරම් කියවන්න. එතුමා සියලු භවුතික දේ අත්හල මුළු දිවියම මයිත්‍රීය පමණක් අරමුණු කොට ජීවත් වූ කෙනෙක්. ඔබගේ පන්සලෙන් උදේ හවා ඇහෙන පාලි සිංහල කවි ටික විවේක බුද්ධියෙන් අහගෙන ඉන්න, වහලෙක් නොවී. ඔබටම පෙනේවි මේ අර ගෙවල් ගානේ ගිහින් මර ලතෝනි තියල යාතිකා කියල කෑ ගහන සමහර කතෝලික කල්ලියම නේද පන්සලෙත් ඉන්නේ කියල, වෙන නමකින්. බුදුන් ගේ නම ඉස්සරහට දාගෙන. 100% පන්සලෙන් වැඩ ගන්නේ හොර දේශපාලුවෝ. මිනිස්සුන්ගේ ආගමික වහල් මනස දක්කනවා චන්දෙ දිහාවට, දේශපාලන ගැත්තෙක් වෙනවා ලේසියෙන්ම. පානදුරේ තියෙන එක්තරා පන්සලක් තියෙනවා, හිරණ පාරේ ටිකක් දුර ගියාම, තනිකරම හින්දු පල්ලියක්. උදේට පැය දෙකක් හවසට පැය දෙකක් ඉස්පීකර් දාගෙන, මෙලෝ තේරුමක් නැති ගස්ගල් වඳින පාලි සිංහල කවි කියවනවා මිනිස්සුන්ට. සමහර දාට සිරිත් මල්දමේ කවිත් කියනවා ඒ අස්සේ. හිනා වෙලා පනයනවා. ඔය පිරිත් සේරම අවු 300 – 400 කට වඩා පැරණි නෑ. ඒක සැරයක් මා මිත්‍ර මහාචාර්ය සුචරිත ගම්ලත් වරක් ලිපියක කිව්වා. එතුමා පාලි විශාරධයෙක්. නමුත් පසුව එතුමා නිහඬ වුනා. අඩු ගානේ තවම බුදුන් උපන් කාලේ වත් හරියට හොයාගෙන නෑ. ආසන්නව අවු 300 – 400 කිට්ටු කතාවක් තියෙන්නේ, බුදු උපත ගැන. පන්සල් බුද්ධාගම ගැන කවර කතාද.

    • Sumith says:

      මුතු

      බුද්ධාගම යන්තම් බාගෙට ඉගෙන ගත්ත නිසා තමා ඔයාට ඔහොම හිතෙන්නේ. (නෙත්තම් මොකක් හරි බුද්ධාගමට අපහස කරන පහත් ආසාවක් නිසා) පාලි වචන නිකම් අහන් හිටියට වෙඩක් නෙහෙ. තේරුමත් ඉගෙන ගන්න. ත්‍රිපිටකය ටිකක් වත් කියවන්න. නැවත නැවත කියවන්න. උද්දච්ච කම, තරහ, මාන්නය වගේ දේවල් අතහැරලා ශ්‍රද්ධාව වඩාගන්න. ටික දවසක් යනකොට පාලි ගාථා අහන්න්න නිකම්ම උනන්දුව ඇතිවේවි.

      • Muthu says:

        මම ලියපු දේවලින් පාලි කවි ප්‍රභන්ධ ටික ගැන කියපු දේ තාමයි, ඔබට ලොකුවට පෙනුනේ. පාලි ඉගෙන ගෙන ප්‍රබන්ධ කවි වල තේරුම දැනගෙන වැඩක් නෑ. එක ශාශ්ත්‍රීය අභ්යාසයකට හොඳයි, ඔය පාලි විශ්වවිද්‍යාලෙ වගේ එකකට විභාගෙට ලියන්න. ඊට වඩා ත්‍රිපිටකය කියන්නේ තව එක ප්‍රබන්ධයක් බව මුළු ලෝකෙම දන්නවා, ඔබ හැර. මේවා ප්‍රතික්ෂේප කරන, අඩු ගානේ බුදුන් කවුද කියල හොයා යන අලුත් හාමුදුරු කට්ටියක් ඉන්නවා. කතා කරලා බලන්න. පන්සල ඇතිවුනේ, බුදුන් හිටපු කාලෙමයි. බුදු මඟ යන ශ්‍රමණ ධාරීන්ට, බුදුන් පෙන්වූ මඟ යන්න ලේසි පාසු වුනේ නෑ. ඒක අතිශය දුෂ්කර මානසික අභ්‍යාසයක්. සංකීර්ණ මානසික චිත්‍රයක්. එක අමාරුයි කරන්න. නැවත කියන්නේ, ආචාර්ය EW අදිකාරම් තුමා සිවුරක් නොදැම්මාට සියලු භවුතික දේ අතහැර, මයිත්‍රී සිතිවිලි ජීවිතයේ කොටසක් කරගත් කෙනෙක්. ඒ බුදු පදනම නොවේද. ඒ ගැන ඇති දේ ගැන බලන්න. බටහිර රටවල ඉන්නවා බුදු දහම නොදැන සියලු දේ ඇත හැර , බුදු වීම ආසන්නයටම ගිය, මිනිස්සු කීප දෙනෙක්. හොයල බලන්න මිනිස්සු අඳුරෙන් අඳුරට තල්ලු කරන පන්සල් වල අද ඉන්නේ දේශපාලන ගැත්තෝ. ඒක මිනිස්සු භය බිරාන්ත කරන ආගමික අධිකාරියක විතරයි.

    • ශයිබු නානා says:

      ඔයා අරියටම වෙඩේ කරනවා. මම මඋලවිට කීයලා පඩි ඔක්කොම වෙඩි කරල දෙනවා. ඔයා තව බුද්දාගමට බනින්ඩ එත්තකොට ඔයාට තව පඩි වෙඩිකරලා තමා දෙනවා.
      ගෙදර ඉදන් වෙඩ කරලා ලොකු පඩි ගන්න ඕන අය ඇප්ලයි ශයිබූ නානා බාරේ ඇප්ලයි කරාන්ඩ අප්පා

    • ගජමුතු says:

      අයියෝ මෙහෙමත් මෝඩ මුතුවෙක්! උඹ මෝඩයෙක් නිසා නොතේරුනා කියලා දහමට බනින එක හරිද බං?

    • ඇස්. ගම්ලත් says:

      මම කිව්වාය කියලා මේකෙ ලියල තියෙන්නෙ කෙප්පයක්. මම නඩු දානවා.

      • Muhtu says:

        හාමුදුරු ටිකකට හොඳටම රිදිලා, පන්සලට සියලු කම්සැප විඳිමින්, බුදු දහම නැතුව සිංහල මිනිස්සු පාලි මෝඩයෝ කරලා හින්දු දහමේ ගැත්තෝ කරන්න හොඳයි. බුදු දහම ගැන කතා කරන්න අමාරුයි. මිනිස්සු ළඟ තියෙනවට වැඩිය තන්හාව හා ඇලීම පන්සලේ. අද බුදුන් පන්සලේ ගේට්ටුවෙනුත් පන්නලා. ගස්ගල් සිමෙන්ති ගොඩවල් වඳින යුගේ තිබුනේ බුදුන්ට පෙර. අද පන්සල ඉන්නේ ප්‍රාග් බවුද්ධ යුගේ.

        • දිමුතු says:

          උඹ උපදිනකොට උඹට දහම පහළ උනාද බොල ගෙරියො? උඹ අද බාගෙට කියවලා මහ ලොකුවට දන්නවා කියලා හිතාගෙන ඉන්න තරම වත් ඉතුරු කරලා දුන්නෙ තෝ ඔය කුහක ඊර්ශ්‍යාවෙන් පැලෙමින් බනින ගරහන පන්සලෙන්ම තමයි බොල. තොගේ කතාවෙන් කියවෙන්නේ හාමුදුරුවෝ ගැන වත් පන්සල් ගැන වත් නෙවෙයි, තොගෙ හිතේ තියන පනුවො ගහලා කුණු වෙලා පැසවලා ඕජස් ගලන අශූචි කන්දෙ තරම.

          • Muthu says:

            ඔබ කියන දේ පැහැදිලි නෑ. ටිකක් කේන්ති ගිය මෝඩ පන්සල් බණක් වගේ හරියට. උපතෙන් බුද්ධාගම ලැබෙන නිසා තමයි මම කියන ආගමික ආධිපත්‍යයක් තියෙන්නේ. නැත්නම් අද පන්සලේ මැස්සෝ ඇහිරෙනවා. පන්සලෙන් තමයි දෙබිඩි සිංහල ජීවිත හදල තියෙන්නේ. මේ දෙබිඩි බව අන්‍ය ආගම් වල නෑ. එක දෙයියයි ඉන්නේ. අපිම මවා ගත්තු දෙවියෝද අද පන්සලේදී අපිටම පාර්ට් දානවා. පැත්තෙන් කෝවිලක් එක්ක කපුවෙක් ඉන්නවා. ගස්ගල් පස් ගොඩ වලට සිමෙන්ති ගොඩවල් වලට අද වැඩිපුරම වඳින්නේ සිංහලයෝ අනෙක් ආගම් වලට වඩා. නමුත් කෝ බුදු දහම. බටහිර හුඟක් ආගම් තිබුනට මේ වගේ පස්ස පැත්තේ අමාරුවක් නෑ. හිතේ හැටියට ආගම විවේචනය කරනවා. ඉරිදට පල්ලිත් යනවා. 0.002% වුනු බෞද්ධයන්ට කන්න දෙන්නෙත් උන්. මේ හිඟන දුප්පත් රටේ, ඔබලාට දානේ හම්බ වෙන්නෙත් ඒ සල්ලි වලින් තමයි. මා එක දෙයක් කියන්නම්. යම් දිනක මේ බවුද්ධ මනසේ දෙබිඩි බව තුරන් වූ දිනට ලංකාව දියුණු වෙනවා. දැන් බවුද්ධයෝ ඉන්නේ වල්මත් කරලා. දැන් මම ඉන්නේ පිටරටක, කලකට පෙර මා සරසවි ඇදුරකුව සිටියදී, මා හා හුඟක් වාද කළා, (මෑතකදී you tube comment වලින් එක්ක) එකතරා උගත් ප්‍රසිද්ධ හිමි නමක් (නම කියන එක සුදුසු නෑ). පන්සීය පනස් ජාතක පොත ගැන. උන්වහන්සේ කිව්වේ මෙතන තියෙන්නේ බුදුන්ගේ පෙර භවයන් ගැන බුදුන්ම දේශනා කල දේ කියල. එතකොට මම ඇහුවා, බුදුන් පෙර භාවයන් කියක් විතර තියේද කියල. කොතෙක් කලක් පෙරුම් පෙරුවද බුදු වෙන්න කියල. උන් වහන්සේ කිව්වේ සරා සංඛ්‍යා කල්ප ලක්ෂයක් කියල. (බුදුන් පෙරුම් පිරුවේ නෑ කොහෙත්ම බුදු වෙන්න, ඒක වෙනම වාදයක්). සාරාසංඛ්‍ය කියන්නේ අසන්ඛේයිය හතරක්. එක අසන්ඛේයියක් කියන්නේ 1කේ ඉලක්කමට බින්දු 51 එකතු කරාම. (සද්ධර්මාලංකාරයේ මෙය විස්තර වෙනවා ). ඒ වගේ හතරක් හා කල්ප ලක්ෂයක්. කල්පයක් කියන්නේ අවුරුදු බිලියන 432 – (ඒ කියන්නේ මහා බ්‍රහ්මයාගේ දිවියේ එක දවසක් කල්පයකට සමානයි). තව එක මිනුමක් තියෙනවා පාලි සාහිතයේ ඒ තමයි යොදුනක් දිග (හැතැප්ම 16) එපමණ පළල හා එපමණ උස ඇති හරි හතරැස් පෙට්ටියකට කොතක් වගේ හිටින්න අබ ඇට පුරවා, අවු 100 කට සැරයක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරොත්, අබ ඇට ඉවර වෙනවා නමුත් කල්පය ඉවර වෙන්නේ නෑ. බුදුන්ගේ ජීවමාන කාලයම බවුද්ධ සාහිත්‍යයේ එන පරිදි අවු 87. නමුත් සුමේධ තාපස තුමාගේ ඉඳන් එන පුනර්භව ගණන, ඉහත කියපු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයට හදන්න පුළුවන් scientific calculator එක කින් විතරයි. ගණන් හදල බලමු. ( (Sexdecillion x 4/බිලියන ) + බිලියන් 432 x 100,000)) / 550 = බුදුන්ගේ එක පුනරුත්පත්තියක ආසන්න අවු ගානට. හදල බලන්න. හිනා ගිහින් පනයන්නේ නැද්ද කියල. (මෙයුනුත් පුනරුත්පත්ති කතා 550ම නැහැ. නමුත් මුළු 550 ගනිමු වැඩි පහසුවට). මුළු විශ්වයේම උපත (පෘථිවියේ නොවේ) දැන් ගණන් බලල තියෙන්නේ අවු බිලියන 20 විතර කියල. බුදු දහම නැති කරලා මිත්‍යාව ඔලුවට දැම්මේ මේවගේ මෝඩ ආශ්චර්ය හා මිත්‍යා මත හදාගෙන. සත්‍යයට සම්භාවිතා ගමනක් නෑ. 0 සිට 1 දක්වා ගමනක් සත්‍යයේ නෑ. එහෙම පාරක් තියෙන බව කිව්වේ පන්සලෙන්. පාර හැදුවේ පන්සලෙන්, ඒ ලවුකික හැම දෙයකටම ක්‍රම වේදයක් තියෙන නිසා. ඒකම ආධ්‍යාත්මික පැත්තට ගත්තේ මිනිස්සු අන්දන්න ලේසි නිසා. අධ්‍යාත්මික ලෝකෙයි ලවුකික ලෝකෙයි පත අට එකට සින්දලා ගත්තම, මිනිස්සු නහය වහන් හරි කසාය බොනවා. ඒ ආගමික ආධිපත්‍ය නිසා. නිදහස් මනස මතු වෙන්න දෙන්නේ නෑ. කලින් කිව්වා වගේ බුදු දහම හුඟක් අමාරු මානසික අභ්‍යාසයක්. ඒ නිසා පන්සලයි ලවුකික ලෝකෙයි කලවම් කරලා මිනිස්සුන්ටත් පන්සලටත් දෙපැත්තම හරියන දේවල් නිර්මාණය කළා. සත්‍යය එකයි, එක්කෝ සත්‍යය දකින්නේ නෑ (සම්භාවිතා 0) හෝ සත්‍යය දකිනවා (සම්භාවිතාව 1) මේ දෙක අතර ගමනක් නෑ. එය ක්ෂණිකව වන දෙයක්. බුදුන් කලදේ දිහා පොඩ්ඩක් බලා හිටිය නම් මේක තේරෙනවා. මෙතන වැරදුනේ පෙර භව හා සිදුහත් ගෙදරින් ගිය දවසේ ඉඳලා බුදු වීම දක්වා අධ්‍යාත්මික ගමනක් තියෙන බව මිනිස්සුන්ට ඒත්තු ගන්නපු නිසා. භවුතික ගමනක් තියනවා නමුත් අධ්‍යාත්මික ගමනක් නෑ. මේ දෙක අතර, මම අර කිලින් කියපු කලවම් කිරීම කරා, කපටි කමට. බුදුන් තමන් උපතේදී ගෙනෙන විශ්වීය මනස අවු, 35 දී විතර නැවතත් මතු කරා. මේක කරන්න තත්පරයෙන් 100,000 වගේ සිත ඒකාග්‍ර කිරීමක් අවශ්‍ය වෙන්න පුලුවන්. මේ නයෂ්ටියක් ඛණ්ඩනය වෙන වෙලාව. බුදු සිරුරෙන් ගිනි රැස් විහිදෙන්නේ මේ ඒකාග්‍ර බව නිසා වෙන්න පුළුවන්. (පන්සල් භාවනාවෙන් මේක කවදාවත් කරන්න බෑ. ඒක පට්ට පල් තවත් පන්සල් බොරුවක් මිනිස්සු මානසික ගිරවු කරන) අපි සේරටම එකතු වෙන්න පුළුවන් තැන විශ්වීය මනසයි. වැඩුණු මිනිසකු තුල විශ්වීය මනස මතුවූ දින බුදුවීම ලැබෙනවා වෙන්න පුළුවන්. අප හැම කෙනෙකු තුලම බුදු වරයෙක් සැඟවී සිටිනවා කියන්නේ ඒ නිසයි. අද පන්සලෙන් කියන විදියට පංචෙන්ද්‍රිය යටපත් කිරීම නොවෙයි අප කලයුත්තේ, එය පුබුදුවා ගැනීමයි. පංචෙන්ද්‍රිය යටපත් කිරීමේ උත්සාහය තුල බිහිවන්නේ, මියෙන තුරු ඇතිවන මානසික ගැටුමක් විතරයි. කලයුත්තේ පංචෙන්ද්‍රිය අවදියෙන් තබා ගැනීමයි. එය සැබවින්ම අවදි වූ කල තමයි සැබෑ ගිහි / අධ්‍යාත්මික බුද්ධිය පහල වන්නේ. තමන් අවදි වන්නේ. එතෙක් මුළු ජීවිතය තුලම අප කරන්නේ, නිද්‍රාශීලිව සිටීම. ආපදාවකට අවදිවීම නැවත නිද්‍රාශීලී වීම හා නැවත නැගිටීමේ රටාවකට අපි ගොදුරු වෙලා.. සැබෑ අධ්‍යාත්මික අවදි වීමකට ඉඩ නොදී, හොර කපුවොත් හොර දෙවියොත් එක්ක ගස් ගල් වැඳීම එතනට දාගෙන, පන්සල මේ ලවුකික කුණු වල ඉහගෙන කනවා නොවේද. මුස්ලිම් කතෝලික ආදී සෑම ආගමකම බුදු දහමේ ඇතැම් මුල ගුණ ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ අඩුවෙන්ම තියෙන්නේ පන්සල් බුද්ධාගමේ. මම මේ සම්බන්ධව දීර්ඝ ලිපි ලියල තියෙනවා. පොත් කිහිපයක් ලියන්න තරම් දීර්ඝ මාතෘකාවක්.

          • දිමුතු says:

            ඔය උඹ උපුටා දක්වලා තියෙන ටිකත් පරෙස්සම් කරලා ඉතුරු කරගත්තෙ උඹ ඔය ගරහන පන්සලෙන්ම තමා. උඹගෙ කුහක කම නිසා උඹට ඒක වත් තේරුම් ගන්න බැහැ.

        • දිමුතු says:

          බාගෙට කියවපු පොත් ටික වත් සම්පුර්ණයෙන් කියවපිය ගෙරියා. ඊට පස්සේ බඩගාගෙන පන්සලට පල ඒ ටික තොට පරෙස්සම් කරලා ඉතුරු කරලා දුන්නට.
          එක දෙයියා ඕනෙම නම් බෞද්ධ පොත් කියවන්න එපා බොල ඒවයෙ උඹ හොයන එක දෙයියා පල් වෙලා ගිහිං තියෙන්නේ.
          උඹට ගෙවන්නෙ ඩොලර් වලින්ද යුරෝ වලින්ද නැත්තං පවුං වලිං ද?

  9. Adesha says:

    තිත්තගල්ලේ යනු නියම ස්වාමීන් වහන්සේ නමක් නොව උතුම් බුදු දහම විනාශ කරන මාර බලවේගයකි .

    නියම ස්වාමීන් වහන්සේ නමක් මැරයෙක් ලෙස මෙලෙස හැසිරෙයිද …

    • lalith says:

      හුදී ජනයාගේ හිතසුව පිණිස..ඔබතුමා සඳහන් කල නියම භික්ෂුවගේ ගතිගුණ අපට පැහැදිලි කරදෙන්න .
      මෙම භික්ෂුව මැරයෙකු හැසිරී ඇතැයි ඔබ පවසන්නේ මාධ්‍ය වාර්තා අනුසාරයෙන් බව මගේ අදහසයි.

    • කොවිශීල්ඩ් says:

      මාධ්‍ය ගනිකාවොන්ට කතා කරලා අවවාදයක් දෙන්න බැහැ. උන් එච්චරටම උද්ධච්චයි. ඊට පස්සෙ රටටම කියනවා මට බැන්නා, මට ඇරියා අරකයි මේකයි.
      වගකීමක් නැති නූගත් හරක් TV එකේ මූන දාගන්න ආසාවට ඒවට රිංගගෙන රටටම මළ වදේ.

  10. Soma says:

    හාමුදුරුවන්ට පිස්සු කෙලින්න හොදයි . ඒවා සාමාන්‍ය මිනිස්සු දැනගන්නට බැහැ .

    • ගල් සෝමා says:

      මෙතන කවුද ගවයො පිස්සු කෙළලා තියෙන්නේ? නිවුස් එක කියවලා හිටපං කමෙන්ට් දාන්න කලින්.

Main News