පත්තරේ තිබූ කාන්තා හුටපටයක් කියෙවුවා කියා භාවනායෝගී හිමිනමක් සංඛ අමරජිත්ට බැන වදී..

July 1, 2021 at 2:10 pm | lanka C news
පත්තරේ තිබූ කාන්තා හුටපටයක් කියෙවුවා කියා භාවනායෝගී හිමිනමක් සංඛ අමරජිත්ට බැන වදී..

‘බවුන් වඩමින් සිටි බිරිඳ රැගෙන යෑමට ආ සැමියාට හිමිවරුන්ගෙන් ප්‍රහාරයක්’ මැයෙන් පළවූ පුවතක් දෙරණ රූපවාහිනි නාළිකාවේ ‘දෙරණ අරුණ’ වැඩසටහනින් ප්‍රකාශ කළැයි මාධ්‍යවේදී නීතිඥ සංඛ අමරජිත්ට අහංගම, තිත්තගල්ල මෙත් බෝ සෙවන භාවනා අසපුවේ නායක හිමි බව කියන තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් තර්ජනය කර ඇත.

ඊයේ (30 වැනිදා) උදෑසන දෙරණ අරුණ වැඩසටහන නිමාවූ පසු ජංගම දුරකථන අංක දෙකකින් කතා කර තමන් ආනන්දසිරි හිමියන් බව කියමින් සංඛ අමරජිත්ට තර්ජනය කර ‘කන්න හදන්න එපා’ යනුවෙන් බැණවැදී ඇත.

‘ඔයා ඉන්නේ පත්තරවල පච කෙළින්නද’ අසමින් සංඛ අමරජිත් වෙත දිගින් දිගටම බැණ වදිද්දී ‘ඔබ වහන්සේ හාමුදුරුකෙනෙක් විදියට කතා කරන්නැයි’ මාධ්‍යවේදී සංඛ අමරජිත් පවසා ඇත.

‘නටන්න හදන්න එපා’ යනුවෙන් හිමිනම බැණ වදින්නට වූයෙන් එහිදී තමන් ජංගම දුරකථන ඇමතුම විසන්ධි කළ බව මාධ්‍යවේදී සංඛ අමරජිත් පැවසීය.
මෙම තිත්තගල්ල මෙත් බෝ සෙවණ අසපුවේ සිටින තම බිරිඳ රැගෙන යෑමට පැමිණි මොහොතේ එහි හිමිවරුන් පහරදීම ගැන ක්‍රිෂාන් චතුරංග නමැති අයකු අහංගම පොලිසිය වෙත මෙම 28 වැනිදා පැමිණිලි කර ඇත.

මීට පෙර අහංගම නගරයට එක්වූ ප්‍රදේශවාසීන් කඩ සාප්පු වසාදමා මෙම ආගමික ස්ථානයට එරෙහිව විරෝධතාවක් ද සිදුකරනු ලැබුවේ ප්‍රදේශයේ විහාරස්ථානවල නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නයේ ද සහාය ඇතිවය.

– aruna

122,846 views

39 Comments to “පත්තරේ තිබූ කාන්තා හුටපටයක් කියෙවුවා කියා භාවනායෝගී හිමිනමක් සංඛ අමරජිත්ට බැන වදී..”

  1. කපටි සාටකයා says:

    සංඛට තිබුණේ සමාව ඉල්ලන්න, සමහර පත්තර බොරු ආරංචි පතුරුවා හරිනවා. මේ අසපුවෙන් යහපත් මාර්ගයට ආපු බොහෝ තරුණ පිරිසක් ඉන්නවා. අහල පහල පන්සල් වල ඉන්න හාමුදුරු මුදලාලිලා මෙතන එක්ක බද්ධ වයිරයෙන් ඉන්නේ. මිනිස්සු අවුස්සා මේ මධ්‍යස්ථානයට පහර ගැසීම නුසුදුසු වැඩක්.

  2. Dengu Nona says:

    E upaasaka ammaa “Daanamaya” pinak kara gannawaata purushayaa santhosa wenna ona! Oka gevenne nahane!! Arath diviya loka sapa labenawaane! Hamuduruwan paradaara sewanaye yedenawaata api mokatada anun ge sapata eerisiyaa koranne? Hukaa wadaaranna haamuduruwane! Ane Saadhu!!

  3. Sapa godak denawalu…

  4. කුඹුක්කණ් says:

    තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ අභිධර්මය තාමත් You tube එකේ තියෙනවා හොයලා බලන්න, දහම ගැන හොද අවබෝධයක් තියෙන හාමුදුරු කෙනෙක්.
    දෙරණෙන් මේ හාමුදුරුවන්ට මඩ ගහන්නෙ ඇයි, අනිත් පන්සල් වල ඉන්නවා වගේ පිණට දානෙ ගිල ගිල ඉන්න කෙනෙක් නෙවෙයි මේ.

    මේ හාමුදුරුවො තිරිපිටකය ගෝත්‍රික කරන්න යන ත්‍රිපිටක පණතට විරුද්ධ කෙනෙක්, නිදහස් චින්තනය අගේ කරන කෙනෙක්
    ඒක හිංදා , පිණට දානෙ ගිල ගිල ඉන්න ගෝත්‍රික ඉන්දියානු භාරතීය බුද්ධාගම් කාරයො, සැබෑ විමසිල්ලෙන් , ධර්මය විමසන , අභියෝගකරන , එය බුද්ධියෙන් විමසමින් නිතර ඔපදාන , ස්වාමීන්වහන්සේලාට බයේ මඩ ගහනවා.

  5. Dengu Nona says:

    Kumbuk Kano, E haamuduruwanta “Dharme gana Honda awabodhyak thiyanawa” kiyanna nam umbata eetath wadaa danumak thibiya yuthuyi! Umba Buduwelaada?Yoni Maarge gatha weemen baawa naawalaa keles paha karagena wageyi!!

Main News