ගෙවීම් ප‍්‍රශ්නයක්… ලංකාවට ආ තෙල් නැවක් නැංගුරම් දමයි.. තෙල් සංස්ථාව ඩොලර් හිගයක..

July 9, 2021 at 10:02 pm | lanka C news
ගෙවීම් ප‍්‍රශ්නයක්… ලංකාවට ආ තෙල් නැවක් නැංගුරම් දමයි.. තෙල් සංස්ථාව ඩොලර් හිගයක..

ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන එන ලද නෞකාවක් එම ඉන්ධන වෙනුවෙන් සිදු කළ යුතු ගෙවීම් පිළිබඳ ගැන මතු වූ ගැටලුවක් නිසා කොළඹ වරායේ දින කිහිපයක් තිස්සේ නැංගුරම් ලාගෙන ඇතැයි වාර්තා වෙයි.

තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ඉන්ධන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45 ක පමණ මුදලක් ගෙවිය යුතු බවයි.

ඉකුත් ජූලි මස 05 වන දා මෙරටට පැමිණ ඇති නෞකාවට ගෙවීම පිළිබඳව සහතිකයක් ලැබී ඇත්තේ අද පස්වරුවේ දී ය.

මෙ වන විට ශ්‍රී ලංකාව ඉන්ධන වෙනුවෙන් ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුව ඇති අතර එම ගෙවීම් සිදු කළ යුතු කාලය ආසන්න වී ඇත.

පවතින තත්වය මත තෙල් සංස්ථාව මේ දිනවල විදේශ මුදල් උපයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

67,914 views

20 Comments to “ගෙවීම් ප‍්‍රශ්නයක්… ලංකාවට ආ තෙල් නැවක් නැංගුරම් දමයි.. තෙල් සංස්ථාව ඩොලර් හිගයක..”

  1. weera says:

    ඇයි ජොනිය කිව්වේ සල්ලි ඕන තරම් තියෙනවා කියලා.

  2. Anuradha says:

    ඇයි තවත් ප්‍රමාද වන්නේ අර ගෙන්වන්න යෙදුණු වාහන වහාම ගෙන්වාගන්න කටයුතු කරන්න එයින් වැඩි හරියක්ම රාජපක්ෂලාගේ පවුල්වලටමනේ අපරාදේ අප්පා නතරකළේ තෙල්වගේද එක.නමුත් දැන් භියවියයුතු නැහැ විශ්වකර්මයා ඇවිත් ඉන්නේ.

  3. Gamini says:

    Johnny will pump his cash with basil to bring this country back to normal. Why not MR and NR is the Asian billionaires # 1 money is not a issue for Sri Lanka

  4. HUKARIS says:

    Vahama, horaa kaapu Dollar rajayata denna kiya, three pudhgala raja thun kattuwatada, puthano latada, Mamandi, Mig dealers, saha Air Lanka dealers la ta niyoga koraw.

  5. Darshana abayakoon says:

    අපේ අති ගරු ජනාදිපතු තුමා හා බැසිල්තුමා ප්‍රමුකතා පිලිවලට වැඩ ටික කරගෙන එනවා. ජිම් කට්ටල ගේනවා, මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්නනවා, ලංකාවේ ලොකුම හිරගේ හැදෙනවා, බැද්දගානෙ කුරුලු රක්ශිතයක් හැදෙනවා, මහා මාර්ග කිලොමීටර ලක්ශයක් හදනවා, මේ ජනතාවගෙ දැවෙන ප්‍රශ්න විසදුවට පස්සෙ පුලුවන් සල්ලි ඉතුරු වුනොත් තෙල් ටිකක් ගන්න. අනික මේ ලොක් ඩවුන් කාලෙ මිනිස්සු තෙල් ගහගෙන කොහෙ යන්නද? ජනතාව කාල බීල ගෙදරට වෙලා සැපේ ඉන්න කාලෙ නෙ මේ.

  6. chamee says:

    better government can request all the politicians and rich people to close their account in Switzerland and other countries and send that money to Sri Lanka to get rid of this situation.

Main News