බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා

July 15, 2021 at 3:50 pm | lanka C news
බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති වූ සැණින් මෙරට ඉන්ධන මිල අඩු කරන බවක් තමන් නොකී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට ලැබුනේ හිස්වූ මහා බණ්ඩාරයන් භාණ්ඩාගාරයක් බවත් එනිසා ආදායම් උපදවා ගෙන ජනතාවට සහන දීමට කෙටි කලක් ගතවනු ඇති බවත් ඔහු පැවසීය.

හිස් භාණ්ඩාගාරයක් භාරගෙන බැසිල් රාජපක්ෂ මහතාට එකවරම ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

එවන් භාණ්ඩාගාරයකට ආදායම් උපදවා ගන්නා ගමන් බිලියන ගණන් විදේශ ණය ගෙවීමට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ සියල්ල කළමනාකරණය කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බවත් ඉන් පසු ඔහු සහන දෙනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

25,591 views

38 Comments to “බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා”

  1. pvision1 says:

    what this guy is talking. does not matter treasury is empty or not. VISHWAKARMA can make it happen. don’t change the tune you guys formed. idiots live in fantasy world. don’t think talking doesnot work guys. ready to face the reality. stop fairy tales and silly talks.

  2. Cool says:

    මොළ හතක් තියනවා කිව්වා නේද, ඉතින් කලින් දැන් ගත්තේ නැද්ද.

  3. ලකී says:

    මහින්දය ලෙවකාලා හිස්ම කරලද බැසිල් මහත්තයට දී තියෙනෙ, ඒකනෙ ” ස ” ..ත් කිවුවෙ මහින්දය වැඩ කරන්න දෙන්නෙ නැහැ ඇවුල් කරනව කියලා, මිනිහ ඉරිසියාකාරයා, කරපු වැඩකුත් නැහැ රටම ණය කාරයෝ කලා හැරෙන්න.

  4. පිස්සුපූසා says:

    අඩේ වෙනද ආන්ඩු මාරු උනාම කියන කතා මුන් ආන්ඩුවෙම ඉදන් කියනව. බැසිල්ටත් අමාරු වගෙ තේරිලාද මන්ද. බැරිනම් නිකා ඉදපල්ල තවත් මිනිස්සුගෙ බදු සල්ලි නාස්ති කරන්නැතිව.